සේවා රැස්වීම් වැඩසටහන
සැලකිය යුතුයි: අගෝස්තු මාසයේ සෑම සතියක් සඳහාම සේවා රැස්වීම් වැඩසටහනක් අපගේ රාජ්‍ය සේවාවෙහි පිළියෙළ කර තිබේ. “දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා අවශ්‍ය පරිදි සකස් කිරීම් කරන්න සභාවන්ට හැකියි. අපගේ රාජ්‍ය සේවාවෙහි සඳහන් සමුළුව හා සම්බන්ධ සිහිගැන්වීම් සහ සමුළු කමිටුව මගින් දී තිබෙන මඟ පෙන්වීම් නැවත සලකා බැලීම සඳහා සමුළුවට කලින් සතියේ පවත්වන සේවා රැස්වීමේදී විනාඩි 15ක් වෙන් කරන්න. ඔක්තෝබර් මාසයේ පවත්වනු ලබන සේවා රැස්වීම්වලදී සමුළුවේ විශේෂාංග සාකච්ඡා කිරීමට සැලසුම් කරනු ඇත. එම සාකච්ඡාවලට සුදානම් වීම සඳහා සමුළුවේදී අර්ථවත් ලෙස කෙටි සටහන් ගන්න අපි සියලුදෙනාටම පුළුවනි. පෞද්ගලිකව අපි අදාළ කරගැනීමට අදහස් කරන කරුණු හා ක්ෂේත්‍ර සේවයේදී යොදාගත හැකි කරුණු එම සටහන්වලට ඇතුළත් කරගත හැකියි. සමුළුවට ගියදා සිට එම කරුණු අපි අදාළ කරගෙන තිබෙන ආකාරය ගැන සේවා රැස්වීමේදී පැහැදිලි කිරීම සඳහා සූදානම් වී සිටින්නද අපට හැකියි. සමුළුවේදී සවන් දුන් කදිම උපදෙස්වලින් ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය ගැන එකිනෙකා අදහස් දක්වද්දී, ඒවාට සවන් දීමෙන් අප සියලුදෙනාටම දිරිගැන්වීමක් ලබාගන්න පුළුවනි.
ජූලි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 4
විනා. 8: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 17: “‘දෙවිගේ වචනය උගන්වන්නෝ’ දිස්ත්‍රික් සමුළුව.” ලේකම් මෙම කොටස ප්‍රශ්නෝත්තර ක්‍රමයට මෙහෙයවයි. සමුළුවේ දවස් තුනටම යෑම සඳහා කල්වේලා ඇතුව රැකියාවෙන් නිවාඩු ගැනීමේ වැදගත්කම අවධාරණය කරන්න. සමිතිය දී තිබෙන මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දීම ගැන සියලුදෙනාටම ප්‍රශංසා කරන්න.
විනා. 20: අප්‍රියෙල් සේවා වාර්තාව. කතාවක් ලෙස සේවා අවේක්ෂක මෙහෙයවන මෙම කොටසට සම්මුඛ සාකච්ඡා ඇතුළත් වෙයි. සභාවේ මෙන්ම රටේ අප්‍රියෙල් ක්ෂේත්‍ර සේවා වාර්තාවේ කැපීපෙනෙන පැති ගෙනහැර දක්වන්න. එම මාසයේදී ක්ෂේත්‍ර සේවයේ වැඩියෙන් හවුල් වීමට ප්‍රයත්නයක් දැරූ විවිධ පසුබිම්වල සිටින ප්‍රචාරකයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. තමන්ට හැකි උපරිමයෙන් හා දිගටම ක්‍රියාශීලීව සේවයේ හවුල් වීමෙන් ලබන ප්‍රීතිය ගැන අදහස් දැක්වීමට ඔවුන්ට ආරාධනා කරන්න.—අපගේ රාජ්‍ය සේවාවේ 2001 මාර්තු කලාපයේ පළ වූ අතිරේකයේ 28-30 දක්වා ඡේද බලන්න.
ගීතිකා අංක 42 සහ අවසාන යාච්ඤාව.
ජූලි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 10
විනා. 10: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.
විනා. 15: යෞවනයෙනි—රැකියාවක් තෝරාගැනීමේදී වියදම ගණන් බලන්න. යොවුන් වියේ පසුවන තම පුතා හෝ දුව සමඟ පියෙක් වැඩිමහල්ලෙක්ව හමුවීමට පැමිණෙයි. මෙම වැඩිමහල්ලා රැකියාවක් කිරීම ගැන අද්දැකීම් තිබෙන කෙනෙකි. රැකියාවක් තෝරාගැනීම ගැන මීට සති දෙකකට කලින් සේවා රැස්වීමේදී ඉදිරිපත් කළ කරුණු ගැන කල්පනා කිරීමෙන් පසු, මේ යෞවනයා ස්ථාවර පුරෝගාමි සේවය කිරීම ගැන ගැඹුරින් කල්පනා කරමින් සිටියි. ඒ වුණත් තමාගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගන්නේ කොහොමද කියා ඔහු දෙගිඩියාවෙන් පසු වෙයි. සමබරව දේවල් දෙස බැලීමේ අවශ්‍යතාව වැඩිමහල්ලා අවධාරණය කරයි. (1999, සැප්තැම්බර් 1 මුරටැඹෙහි, 11වෙනි පිටුවේ, 13වෙනි ඡේදය බලන්න.) තමාගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීම සඳහා යම් වෘත්තීමය පුහුණුවක් ලැබීම නැණවත් දෙයකි. අඩු කාලයක් හා මුදලක් වැය කර මූලික කුසලතාවක් වර්ධනය කරගැනීමෙන් බොහෝදෙනෙක් හොඳ ප්‍රතිඵල ලබා තිබේ. (1996, පෙබරවාරි 1 මුරටැඹෙහි, 14 පිටුව; යෞවනයෝ අසති පොතේ 178 පිටුව) ඔවුහු එකට එක්ව 1996 මාර්තු 8 පිබිදෙව්! සඟරාවේ 9-11 (සිංහලෙන් නැත) දක්වා පිටුවල සඳහන් තොරතුරු හා සුදුසු රැකියාවක් සොයාගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා කිහිපයක් සාකච්ඡා කරති.
විනා. 20: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? (සිංහලෙන් නැත) සබය සමඟ සාකච්ඡාවක් ලෙස කරන මේ කොටසට නිරූපණ ඇතුළත් වෙයි. මේ විවරණිකාව පරීක්ෂා කර බලන්න. අප ගැනත් අප කරන සේවය ගැනත් අන් අයට දැනුම් දීම සඳහා මෙය යොදාගත හැකි ආකාරය සාකච්ඡා කරන්න. අපි කවුද? (පිටු 3-5) යන වගත්, අපේ නවීන දින ඉතිහාසයෙන් හා ක්‍රියාකාරකම්වලින් බිඳක් (පිටු 6-11) මෙන්ම වෙනත් ආගම්වලින් අපව වෙන් කර දක්වන විශ්වාසයන් (පිටු 12-14) සම්බන්ධයෙන්ද එහි සඳහන් වෙනවා. අපි දේශනා කරන ශුභාරංචිය ගැනත් අපි එය දේශනා කරන ආකාරය ගැනත් (පිටු 15-21) එහි පැහැදිලි කරනවා. අපි කරන සේවය සමාජයට ප්‍රයෝජනවත් වන ආකාරයද (පිටු 22-4) එහි පෙන්වා දෙයි. අපේ සංවිධානය ජාත්‍යන්තරව ව්‍යාප්ත වී තිබෙන ආකාරයද (පිටු 25-6) එහි පැහැදිලි කරයි. ඒ වගේම බොහෝදෙනෙක් අපෙන් අසනු ලබන ප්‍රශ්නවලට උත්තරද (පිටු 27-31) එහි සඳහන් වෙයි. සත්‍යය සෙවීමට උනන්දුවක් දක්වන ගෙවැසියෙකු විසින් අසනු ලබන 29වන පිටුවේ සඳහන් ප්‍රශ්නවලින් එකකට ප්‍රචාරකයෙක් මේ විවරණිකාව යොදාගනිමින් උත්තර දෙන ආකාරය නිරූපණය කරන්න. උත්තර සැපයීමෙන් අනතුරුව, අවසාන පිටුවෙහි සඳහන් පරිදි ප්‍රචාරකයා ආරාධනා කරයි. සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ට අපි ගැන හොඳින් දැනගැනීමට සැලැස්වීමටත්, නැවත බැලීම්වලදී හමු වන අයගේ උනන්දුව වැඩි කිරීමටත් බයිබල් ශිෂ්‍යයන්ව සංවිධානය වෙත යොමු කිරීමටත් මෙම විවරණිකාව යොදාගන්න සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකා අංක 50 සහ අවසාන යාච්ඤාව.
ජූලි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 19
විනා. 10: සභා නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “යෙසායාගේ අනාවැකිය අධ්‍යයනය කරන්න සූදානම් වෙමු!”a යෙසායා පොත පාඩම් කිරීමෙන් අපි ප්‍රයෝජන ලබන ආකාරය ගැන කෙටියෙන් අදහස් දක්වන්න. (යෙසායාගේ අනාවැකිය I නමැති පොතේ 1වන පරිච්ඡේදයේ 10-12 දක්වා ඡේද බලන්න.) නිතිපතා සභා පොත් පාඩමට පැමිණීමට සියලුදෙනාවම දිරිගන්වන්න.
ගීතිකා අංක 53 සහ අවසාන යාච්ඤාව.
ජූලි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 22
විනා. 10: සභා නිවේදන. ජූලි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 20: යෞවනයෙනි—ඔබේ අධ්‍යාපනය නැණවත් ලෙස සැලසුම් කරන්න. වැඩිමහල්ලෙක් විසින් දෙමාපියන් කිහිපදෙනෙක් සහ ඔවුන්ගේ දරුවන් සමඟ අමතර අධ්‍යාපනය ලැබීම ගැන කතා කරයි. වැඩිමහල්ලා ඔවුන් සමඟ 1999 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ 16-17 පිටුවල තිබෙන 11-13 දක්වා ඡේදවල අඩංගු තොරතුරු සාකච්ඡා කරයි. මෙහිදී තමන්ගේ පූර්ණ කාලීන සේවයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වීමට හේතුද ඔහු අවධාරණය කරයි. (මුරටැඹ 1996 දෙසැම්බර් 1 කලාපයේ පිටු 18-19, ඡේද 13-15) අනතුරුව මෙම කණ්ඩායම 1998 මාර්තු 8 පිබිදෙව්! (සිංහලෙන් නැත) සඟරාවේ 20-1 දක්වා පිටුවල සඳහන් උපදේශය සලකා බලයි. අමතර අධ්‍යාපනයක් ලැබීමේ වාසි අවාසි නැණවත් ලෙස සලකා බැලීමේ තිබෙන අවශ්‍යතාව හා ජ්වලිතව දේවසේවය කරගෙන යන අතරතුර, තමන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම අධ්‍යාපන කටයුතු සීමා කරගැනීමේ අවශ්‍යතාව ගැන අවධාරණය කරන්න. රාජ්‍යය හා සම්බන්ධ කාරණා මුල් තැනට දමන්න කියා යේසුස් දුන් උපදේශයට එකඟව ක්‍රියා කිරීමට සියලුදෙනාම එකඟ වෙයි.—මතෙ. 6:33.
විනා. 15: “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද?”b දුර ඈත බලප්‍රදේශයක හෝ ඉඳ හිට සේවය කරන ප්‍රදේශයක සේවයේ යෙදී තිබෙන සභාවේ සිටින ප්‍රචාරකයන්ගේ දිරිගන්වනසුලු අද්දැකීම්ද මේ කොටසට ඇතුළත් කරන්න.—අපගේ දේවසේවය පොතේ 112-13 දක්වා පිටු බලන්න.
ගීතිකා අංක 57 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 25
විනා. 15: සභා නිවේදන. දිස්ත්‍රික් සමුළුවට යන අතරතුරේදී, නිවාඩුවක් ගත කිරීමේදී හෝ සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ව බලන්න ගිය අවස්ථාවකදී අවිධිමත් ලෙස සාක්ෂි දැරීම හා සම්බන්ධ අද්දැකීම් ඉදිරිපත් කරන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන.” කතාවක්. චාරිකා එක්රැස්වීම පවත්වන දිනය දන්නවා නම් එය සඳහන් කරන්න. සෑම කෙනෙක්ම තමන් සමඟ බයිබලය පාඩම් කරන අයට එයට ආරාධනා කිරීම සඳහා විශේෂ වෑයමක් දැරිය යුතුයි. මෙම චාරිකා එක්රැස්වීමේදී තමන්ගේ ජීවිත යෙහෝවාට කැප කිරීම සංකේතවත් කිරීම ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. සෑම දවසකම සැසිවාර දෙකටම සහභාගි වෙන්න සියලුදෙනාවම උනන්දු කරවන්න.
විනා. 20: “පසුබට වන්න එපා!”c කාලය තිබෙන විදිහට 1999, දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 25වන පිටුවේ තිබෙන අද්දැකීම් ගෙනහැර දක්වන්න.
ගීතිකා අංක 63 සහ අවසාන යාච්ඤාව.
[Footnote]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.