ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/01 1 පි.
  • ඔබ “ප්‍රදර්ශනයක්”!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ “ප්‍රදර්ශනයක්”!
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන්ව ආදර්ශයට ගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 8/01 1 පි.

ඔබ “ප්‍රදර්ශනයක්”!

1 “අපි ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමුව” කියා ප්‍රේරිත පාවුල් සඳහන් කළා. (1 කොරි. 4:9) මෙයින් අදහස් කරන්නේ කුමක්ද? අපි දේවසේවයේ හවුල් වෙද්දී, එය අපට බලපෑ යුත්තේ කොහොමද?

2 “ප්‍රදර්ශනය” කියන වචනය ඇසුණු විට කොරින්තියේ විසූ කෙනෙකුගේ මනසට ආවේ, රෝමයේ මල්ලව පොර තරඟයක් අවසානයේදී සිදු වූ දෙයයි. ඒ කාලයේ මරණ දණ්ඩනයට නියම වූ මිනිසුන්ව මල්ලව පොරවලදී කුරිරු ලෙස ඝාතනය කරනු ලැබුවේ දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයන් ඉදිරියේදීයි. ඒ හා සමානව, මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද රාජ්‍යය ගැන සාක්ෂි දැරීම නිසා දුක් වින්ද ආකාරය මිනිසුන් හා දේවදූතයන් විශාල පිරිසක් බලා සිටියා. (හෙබ්‍රෙ. 10:32, 33) ඔවුන් අඛණ්ඩතාව රැකගත් ආකාරය බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වුණා. අදදිනත්, ලෝකය නමැති වේදිකාවේ රඟන අප විඳදරාගන්න විටද එය සැබෑවක් වී තිබෙනවා. අපි ප්‍රදර්ශනයක් වන්නේ කාටද?

3 ලෝකයට හා මිනිසුන්ට: සමහර අවස්ථාවලදී ජන මාධ්‍යය මගින් යෙහෝවාගේ ජනයාගේ ක්‍රියාකාරකම් ගැන විවිධ වාර්තා පළ කරනවා. අපේ සේවය හා සම්බන්ධ සත්‍යය තොරතුරු මෙන්ම අගතිසහගත අදහස්වලින් තොර යහපත් වාර්තා අපි අගය කරනවා. ඒත්, අපිට මඩ ගසන අය කලින් කලට අප ගැන අපකීර්තිමත් වාර්තා පතුරුවා හරිනවා. ඒ වුණත්, “අපකීර්තිය සහ කීර්තිය” මගින් දෙවිගේ සේවකයන් අපි බව දිගටම මිනිසුන්ට පිළිගන්න සැලැස්විය යුතුයි. (2 කොරි. 6:4, 8) අපව නිරීක්ෂණය කරන අවංක හා විවෘත හදවත් ඇති අය යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් අප බව වටහාගනියි.

4 දේවදූතයන්ට: ආත්මික මැවිලිද අප දෙස බලා සිටියි. මේ අතර යක්ෂයා හා ඔහුගේ භූත පිරිසද වෙයි. හැබැයි ඔවුන් බලා සිටින්නේ ‘යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය’ නතර කර දැමීමට මං සොයමින් “මහත් උදහසින්” යුතුවයි. (එළි. 12:9, 12, 17) එහෙත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන දේවදූතයෝ එක පව්කාරයෙක් හෝ පසුතැවිලි වන විට ඔහු ගැන ප්‍රීති වෙනවා. (ලූක් 15:10) දේවදූතයන් අපි කරන සේවය සලකන්නේ ඉතාමත් ඉක්මනින් කළ යුතු, අද ලෝකයේ සිදු කෙරෙන වැදගත්ම සේවය ලෙසයි. මෙය දැන සිටීම අපට මහත් ශක්තියක් විය යුතු නැද්ද!—එළි. 14:6, 7.

5 ඔබ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට හෝ ඔබේ සේවයේ ඵලදායක බව අඩු වීගෙන යන බව ඔබට හැඟෙන විට, මුළු විශ්වයේම අවධානය ඔබ කෙරෙහි යොමු වී තිබෙන බව මතක තබාගන්න. ඔබේ අඛණ්ඩතාව බිඳහෙළිය නොහැකි බව ඔබේ විඳදරාගැනීම ලොවට හඬ ගා කියයි. අද ඔබ කරන ‘ඇදහිල්ලේ යහපත් සටන’ අනාගතයේදී ඔබට “සදාකාල ජීවනය අල්ලාගන්න” ඉමහත් පිටිවහලක් වේවි.—1 තිමෝ. 6:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න