නිර්භීතව හා නැණවත්ව ශුභාරංචිය ඉදිරිපත් කිරීම
1 මේ රට තුළ “ශුභාරංචිය” ප්‍රකාශ කරන අපේ සහෝදරයන්ට එල්ල වන විරුද්ධවාදිකම් මෑතක සිට වැඩි වෙමින් පවතින බව අපට වාර්තා වෙනවා. අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල අවසාන භාගයේ නිසා මේ ගැන අප පුදුම විය යුතු නැහැ. විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන විට නිර්භීත වීමත් සේවයේදී අපි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නැණවත් වීමත් අවශ්‍යයි.
2 කලහකාරි පිරිස් ස්ථාන කිහිපයකදී අපේ සහෝදරයන්ව වට කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන යෙහෝවාටත් ඔහුගේ මහිමාන්විත පුත්‍රයාටත් අපේ සහෝදරයන්ටත් නින්දා කර තිබෙනවා. සහෝදරයන්ට පහර දී තිබූ බවත්, බයිබල් හා වෙනත් ප්‍රකාශන ඉරා ගිනි තැබූ බවත් වාර්තා වෙනවා. මෙවන් තත්වයක් මැද පවා, එම සභාවල ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්හි වර්ධනයක් පෙන්නුම් කරනවා. එමෙන්ම එම සභාවල සිටින සහෝදර සහෝදරියෝ දිගටම නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා.
3 දේශනා කිරීම නතර කරන්න කියා පේතෘස්ට හා යොහන්ට නියෝග කළ අවස්ථාවේදී ඔවුන් ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “ අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන.” (ක්‍රියා 4:20) ඒ වගේ නිර්භීතකමකින් කතා කරන්න ඔවුන්ට හැකි වුණේ කොහොමද? ඔවුන් යෙහෝවාට “කන්නලව් කළා [NW].” එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ‘ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවිගේ වචනය නිර්භීත ලෙස කතා කළා.’ (ක්‍රියා 4:31) අපත් ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කරනවා නම්, ඔවුන් වගේ නිර්භීතව දේශනා කරන්න අපට පුළුවන් වන බව නිසැකයි.
4 අප නිර්භීතව සාක්ෂි දැරිය යුතු වුවත් සේවයේ යන විට විරුද්ධවාදිකම් ඇවිස්සෙන ආකාරයට කටයුතු නොකිරීමට පරෙස්සම් විය යුතුයි. අපගේ වැඩයට අනවශ්‍ය අවධානයක් යොමු වන පරිදි විශාල කණ්ඩායම් වශයෙන් ගෙයින් ගෙට සේවය කිරීමෙන් වැළකීම ඥානවන්තය. විශාල කණ්ඩායමක් එක්රැස් වී ගෙයින් ගෙට යන්නේ නැතිව, කුඩා පිරිසක් යම් ප්‍රදේශයකට යවා, තවත් කුඩා පිරිසක් ළඟපාත තවත් ප්‍රදේශයකට යැවීම වඩාත් සුදුසුයි. එමෙන්ම, සේවයේ හවුල් වන සෑම කෙනෙකුටම සේවය කළ යුතු ප්‍රදේශය කලින් පැවරීම යෝග්‍යයි. මේ විදිහට කුඩා කණ්ඩායම් හැටියට විසිරී සේවය කිරීමෙන් විරුද්ධවාදීන්ගේ අවධානයට අප යොමුවීමට තිබෙන ඉඩ කඩ අඩු කරගන්න පුළුවන්.
5 කලින් යම් ගැටලුසහගත තත්වයන්ට මුහුණ දී තිබෙන ප්‍රදේශවලට ප්‍රචාරකයන් ස්වල්පදෙනෙක් පමණක් යවා, නිවෙස් කිහිපයකට සාක්ෂි දරා ඒමට කටයුතු කිරීම නැණවත් දෙයක් විය හැකියි. ඒ ප්‍රදේශයේ වාතාවරණය ගැන වාර්තාවක් තබාගෙන, ඊළඟ වතාවේදී වැඩිපුර නිවෙස් කිහිපයකට යන්න පුළුවන්. කණ්ඩායම් සංවිධානය කිරීමේදී කණ්ඩායම් භාරව සිටින සහෝදරයන් නැණවත් ලෙස සේවය සැලසුම් කරනවා නම්, ඇති විය හැකි බාධා අඩු කරගෙන, දිගටම ශුභාරංචිය නිර්භීතව ප්‍රකාශ කළ හැකියි.
6 ගීතිකාකරු මෙසේ පැවසුවා. “[යෙහෝවා] කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය.” (ගීතා. 111:10) බුද්ධිමත්ව කටයුතු කරනවා කියන්නේ දුර දක්නා නුවණින් හා විචක්ෂණ ඥානයෙන් කටයුතු කිරීමයි. මෙසේ කටයුතු කරන විට, සමහර නිවෙස්වලට යෑම නැණවත් දෙයක් නොවෙයි කියා ඇතැම් අවස්ථාවලදී සභාවේ වැඩිමහල්ලන් තීරණය කළ හැකියි. උදාහරණයක් හැටියට, ආගමික නිවාඩු දවස්වලදී, විශේෂයෙන්ම ආගමික උත්සව හෝ ක්‍රියාකාරකම් සිදු කෙරෙන අවස්ථාවලදී කුපිත වීමට ගෙවැසියන්ට ඉඩ නොතබමින් ඇතැම් ප්‍රදේශවල සේවය කළ හැකිද කියා කල්පනා කර බැලීම නුවණට හුරුයි. මේ ගැන තීරණයක් ගත යුත්තේ තම බල ප්‍රදේශයේ පවතින තත්වයන්ට අනුව ඒ ප්‍රදේශයේ වැඩිමහල්ලන් විසිනුයි.
7 අපේ සේවයට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන බව අපට විශ්වාසයි. නමුත් මේ අන්තිම දවස්වලදී පීඩාවලට මුහුණ දීමට සිදු වන බවත් අපි දන්නවා. ඒ වුණත්, අපි දිගටම නිර්භීතව සාක්ෂි දරමු. ‘වෘකයන් මැද සිටින බැටළුවන් මෙන්’ පරෙස්සමින් කටයුතු කිරීමටද වගබලා ගනිමු.—2 තිමෝ. 3:12, 13; මතෙ. 10:16.