සේවා රැස්වීම් වැඩසටහන
සැප්තැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 86
විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 13: සභා අවශ්‍යතා.
විනා. 22: “ඔබ ඔබේ සේවය සම්පූර්ණ කරමින් සිටිනවාද?”a ඡේද 1-3 දක්වා සබය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, කෙටියෙන් සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැන නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක් නිරූපණයක් සඳහා සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවද අනෙක් නිරූපණය සඳහා ආහාර සැපයුම ගැන තොරතුරු ඇතුළත් ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාවද යොදාගන්න. හතරවන ඡේදය සාකච්ඡා කිරීමෙන් පසු දැනුම පොත යොදාගනිමින් යෝජිත ඉදිරිපත් කිරීම නිරූපණය කරන්න.
ගීතිකා අංක 124 සහ අවසාන යාච්ඤාව
සැප්තැම්බර් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 92
විනා. 15: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව. “සූචිය බලන්න.” මැවුම්කරු පොත ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා සොයාගන්නේ කෙසේද කියා පෙන්වන්න. සභාවේ සූචියක් නැත්නම්, එකක් හෝ තිබීමේ වැදගත්කම පැහැදිලි කරන්න. මැවුම්කරු පොත සඳහා යොදාගත හැකි ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් සාකච්ඡා කරන්න.
විනා. 15: පසුගිය අවුරුද්දේදී අපි ඉටු කරගත්තේ මොනවාද? සේවා අවේක්ෂක විසින් ඉදිරිපත් කරන කතාවක්. 2001 සේවා වසරේ සභා වාර්තාවේ කැපීපෙනෙන තැන් සඳහන් කරන්න. කර තිබෙන යහපත් දේවල් සඳහා සියලුදෙනාටම ප්‍රශංසා කරන්න. සභාවේ රැස්වීම්වලට පැමිණීම, ක්ෂේත්‍ර සේවයේ විධිමත්ව හවුල් වීම හා බයිබල් පාඩම් පැවැත්වීම යනාදිය සම්බන්ධයෙන් සභාව ක්‍රියා කර තිබෙන ආකාරය ගැනත් දියුණු විය යුතු පැති සඳහා ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කිරීම ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟ අවුරුද්ද සඳහා අත් කරගත හැකි ඉලක්ක තබන්න.
විනා. 15: ප්‍රශ්න පෙට්ටිය. කතාවක්. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම පැවැත්වීමට සභාව සතිපතා පිළියෙළ කරන කාලසටහන සලකා බලන්න. මේ රැස්වීම්වලදී ඵලදායී සාකච්ඡාවක් කිරීම සඳහා සෑම කෙනෙකුටම හවුල් විය හැකි ආකාරය පැහැදිලි කරන්න. සේවය පිළිබඳ මෙම විධිවිධානයට සහයෝගය දැක්වීමට සභාව දිරිමත් කරන්න.
ගීතිකා අංක 129 සහ අවසාන යාච්ඤාව
සැප්තැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97
විනා. 15: සභා නිවේදන. “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” නමැති කොටසෙහි සඳහන් යෝජනා යොදාගනිමින් සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැන නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක නිරූපණයක් සඳහා ඔක්තෝබර් 1 මුරටැඹ හා අනෙක සඳහා හැලොවීන් උත්සවය ගැන සඳහන් ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාව යොදාගන්න.
විනා. 30: ලෝකයෙහි තිබෙන දේවලට නොව දෙවිට ප්‍රේම කරන්න. (1 යොහ. 2:15-17) පසුගිය සේවා වසරේ පැවැත්වූ චාරිකා එක්රැස්වීම් වැඩසටහනෙන් ඉදිරිපත් කළ තොරතුරු පදනම් කරගත් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. තමන් ඉගෙනගත් මූලික කරුණු ගැනත් පෞද්ගලිකව හෝ පවුලක් වශයෙන් ඒවා අදාළ කරගැනීමට ඔවුන්ට හැකි වූ ආකාරය ගැනත් අදහස් දැක්වීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. (කලින් යම් කොටස් පැවරිය හැකියි.) වැඩසටහනේ මතු දැක්වෙන කරුණු විශේෂ කොට දක්වන්න. (1) “දෙවි සඳහා ප්‍රේමය දේවසේවයට අපව පොලඹවයි.” දේශනා කිරීමෙන් අපව වළක්වන බයාදු ගතිය, ප්‍රමාණවත් සුදුසුකම් නැතැයි කියා හැඟීම හා මිනිසුන්ට තිබෙන බිය වැනි අධෛර්ය කරවන හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට දෙවි කෙරෙහි ප්‍රේමය අපට උපකාර කරයි. (2) “යෙහෝවාට ප්‍රේම කරන්නෝ නපුරට වෛර කරති.” (w99 10/1 28-31) දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව රඳා පවතින්නේ ඔහු වෛර කරන දේවලට අපත් වෛර කිරීම මතයි. නපුරුයි කියා පැහැදිලිවම පෙනෙන දේවලට පමණක් නොව, මතු පිටින් හරියි කියා පෙනෙන වැරදි දේවලට වෛර කිරීමත් එයට ඇතුළත් වෙයි. (3) “ප්‍රේමයේ උතුම් මාර්ගය ලුහුබඳින්න.” (w92 7/15 27-30) අප අනිත් අයගේ අසම්පූර්ණකම් සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමටත්, තමා ගැනම සිතීමෙන් හා තරඟකාරිත්වයෙන් වැළකී සිටීමටත්, හානිකර ඕපාදූප පැතිරීමෙන් වැළකී සිටීමටත්, දෙවිගේ සංවිධානයට පක්ෂපාතව සිටීමටත් හේතු 1 කොරින්ති 13:4-8හි පෙන්වා දෙයි. (4) “අප ලෝකයේ දේවල් සලකන්නේ කෙසේද?” අප ලෝකයේ තිබෙන දේවලට ප්‍රේම නොකළ යුතුය. මාංසයේ ආශාවන්ට යට නොවිය යුතුයි. ඇස්වල තෘෂ්ණාවලින් මුළා නොවිය යුතුයි. තමන් සතු දේවල් අහංකාර ලෙස ප්‍රදර්ශනය නොකළ යුතුයි. (5) “ලෝකයේ කොටසක් නොවීම අපට ආරක්ෂාවකි.” දෙවිගේ අනුමැතිය අපට අහිමි වීමට ඇතැම් විශ්වාසයන්, චාරිත්‍ර හා ව්‍යවහාරයන් බලපෑ හැකි ආකාරය 2 කොරින්ති 6:14-17 පෙන්වා දෙයි. සාතන් යොදන මලපත් හඳුනාගෙන ඒවායින් අපි වැළකී සිටිය යුතුයි. (6) “දෙවිට ප්‍රේම කරන අය සඳහා ඇති දිව්‍ය පොරොන්දු.” (w86 6/15 5-6) යෙහෝවාගේ ආශීර්වාද අපේ ජීවිතයට සතුට එක් කරයි. අපේ ආත්මිකත්වය තවත් ඔපවත් කරවයි.—1 තිමෝ. 6:17-19.
ගීතිකා අංක 133 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 106
විනා. 10: සභා නිවේදන. සැප්තැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: පාසැල් අධ්‍යාපනයෙන් මට උපරිම ප්‍රයෝජන ගත හැක්කේ කොහොමද? වැඩිමහල්ලෙක් හෝ ඔහුගේ භාර්යාව නැත්නම් සභා සේවකයෙකු හෝ ඔහුගේ භාර්යාව තමන්ගේ පාසැල් යන දරුවා සමඟ පාසැලේ වැඩ ගැන කතා කරයි. පාසැලේ වැඩවලදී තමන්ගේ දරුවා දුර්වල වීම ගැන ඔවුන් සෑහෙන්න සැලකිලිමත් වෙයි. යෞවන අය අසති පොතේ 18වන පරිච්ඡේදයේ දී තිබෙන මඟ පෙන්වීම් සලකා බලමින්, තමන්ගේ දරුවා දියුණු විය යුතු පැති ඔවුන් සාකච්ඡා කරයි. අධ්‍යාපනය තුළින් තමන් වර්ධනය කරගන්න හැකියාවන් පරිශුද්ධ සේවයට යෙදවිය හැකි වන පරිදි හොඳ මූලික අධ්‍යාපනයක් ලබාගැනීමේ වැදගත්කම දෙමාපියන් දරුවාට කාවද්දයි.
විනා. 20: “එය දේශනා සේවයට බාධාවක්ද?”b රාජ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් රැකියාවේ කටයුතු සමබර කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න. තම පවුලේ අයගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම නොසලකා නොහරිමින් ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීමේ අභියෝගයට තමන් මුහුණ දෙන ආකාරය ගැන පැවසීමට පවුල් මූලිකයන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්න.
ගීතිකා අංක 137 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.