ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • දෙසැම්බර් 10න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 17න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 24න් පටන්ගන්නා සතිය
  • දෙසැම්බර් 31න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 7න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 12/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

දෙසැම්බර් 10න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 205

විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. දෙසැම්බර් 24වනදායින් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමේදී සාකච්ඡා කිරීමට සූදානමක් වශයෙන් පොළොවේ සීමාවන් දක්වා [To the Ends of the Earth] නමැති වීඩියෝ පටය නැරඹීමට සියල්ලන්වම දිරිගන්වන්න. මෙහි 8වැනි පිටුවේ සඳහන් යෝජනා උපයෝගි කරගනිමින් (1) දෙසැම්බර් 15 මුරටැඹ සහ (2) ජනවාරි 8 පිබිදෙව්! සඳහා පළමු යෝජනාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 12: සභා අවශ්‍යතා.

විනා. 20: “යෙහෝවාගේ ප්‍රේමය අගය කිරීමෙන් ලැබෙන ආශීර්වාද—2වන කොටස.”a මෙහි 2-6 දක්වා ඡේද සාකච්ඡා කිරීමේදී, දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම නිසා මානසිකව කලකිරී සිටි හෝ කනස්සල්ලෙන් සිටි අයට සැනසිල්ලක් සහ බලාපොරොත්තුවක් ලබා දුන් අයගේ අද්දැකීම් ඉදිරිපත් කරන ලෙස සබයට ආරාධනා කරන්න. ඒවායෙන් එකක් හෝ දෙකක් යළි රඟදැක්වීම සඳහා කලින්ම සූදානම් කරවන්න.

ගීතිකා අංක 222 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 17න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 211

විනා. 10: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව. සතියේ ක්ෂේත්‍ර සේවා විධිවිධාන සඳහන් කරන්න.

විනා. 22: “දෙවිගේ වචනය හරියාකාරව පහදා දෙන්න.”b මෙහි 4වැනි ඡේදයේ ඉදිරිපත් කිරීම තාත්වික අන්දමින් නිරූපණය කරන්න. තවද, වත්මන් ලෝක තත්වයන් ගැන කලකිරී සිටින අයව දිරිගැන්වීමට හෝ සැනසීමට සභා බලප්‍රදේශය තුළ යොදාගෙන ඇති බලපෑමෙන් යුක්ත ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. කෙටි අද්දැකීමක් සඳහන් කිරීමට පුළුවන. දෙනු ලැබූ සාක්ෂිය වඩාත් ප්‍රබල එකක් කිරීමට බයිබලය යොදාගැනීම ප්‍රයෝජනවත් වන්නේ මන්දැයි අදහස් දක්වන ලෙස සබයට ආරාධනා කරන්න.

විනා. 13: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කරනු ලබන කතාවක්.

ගීතිකා අංක 225 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 24න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 218

විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසයේදී බෙදා දෙන පොත් පත් මොනවාද කියාත් සභා ගබඩාවේ තිබෙන පොත් පත් මොනවාද කියාත් පැහැදිලි කරන්න. මෙහි 8වැනි පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින්, සඟරා ඉදිරිපත් කිරීම පිළිබඳ කෙටි නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එකක් ජනවාරි 1 මුරටැඹ යොදාගනිමින් සහ අනෙක ජනවාරි 8 පිබිදෙව්! සඟරාවේ දෙවැනි යෝජනාව යොදාගනිමින් ඉදිරිපත් කරන්න. මෙයින් එකක් යෞවනයෙකු ලවා ඉදිරිපත් කරවන්න.

විනා. 10: “2002 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල.” පාසැල් අවේක්ෂක විසින් ඉදිරිපත් කරනු ලබන කතාවක්. සියලුදෙනාටම තමන්ගේ පැවරුම් ඉතා හොඳින් වෑයම් දරා ඉදිරිපත් කරන ලෙස දිරිගන්වන්න.

විනා. 25: “පොළොවේ සීමාවන් දක්වා සාක්ෂි දැරීම.” සබය සමඟ කරන සාකච්ඡාවක්. තම සභා බලප්‍රදේශයේ හෝ අවශ්‍යතාව වැඩි වෙනත් ප්‍රදේශවල ශුභාරංචිය අනුන්ට බෙදා දීමෙහිලා තමන්ට කළ හැකි තවත් දේ ගැන බැරෑරුම්ව සිතා බලන ලෙස සියල්ලන්වම දිරිගන්වන්න. වර්ෂ 2001 ජූලි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වැනි පිටුවට යොමු දක්වන්න. පෙබරවාරි මාසයේදී නෝවා—ඔහු දෙවි සමඟ ගමන් කළේය [Noah—He Walked with God] නමැති වීඩියෝ පටය අපි සාකච්ඡා කරන්නෙමු.

ගීතිකා අංක 24 සහ අවසාන යාච්ඤාව.

දෙසැම්බර් 31න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 140

විනා. 10: සභා නිවේදන. දෙසැම්බර් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. ඔබගේ සභාවේ රැස්වීම් පැවැත්වෙන වේලාවන් නව වසර සඳහා වෙනස් කර ඇත්නම්, අලුත් වේලාවන්ට අනුව නිතිපතා රැස්වීම්වලට පැමිණෙන ලෙස කාරුණිකව සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්න. උනන්දුව දක්වන සියල්ලන්ට සහ අක්‍රියාශීලී වී සිටින ඕනෑම අයෙක් වෙතොත් ඒ ගැන ඔවුන්ට දැනුම් දීමට සහතික වන්න.

විනා. 15: වැඩිමහල්ලන්ට ලැබිය යුතු ගෞරවය දෙන්න. සභා සේවකයන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් 1999 ජූනි 1 මුරටැඹ කලාපයේ පිටු 18-19 දක්වා තොරතුරු සාකච්ඡා කරති. වැඩිමහල්ලන් ඉටු කළ යුතු බොහෝ වැඩ කටයුතු, එනම් ඔවුන්ගේ ලෞකික රැකියාව, පවුලේ වගකීම් සහ දිව්‍යාණ්ඩු පැවරුම් බලාකියා ගැනීම ගැන ඔවුහු අදහස් දක්වති. ඔවුන්ව දිරිගැන්වීමට, ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමට සහ ඔවුන්ගේ මඟපෙන්වීම් අනුගමනය කිරීමට සියල්ලන්ට හැකි ආකාරය සලකා බලන්න. වැඩිමහල්ලන් ඉතා වටිනා සේවයක් ඉටු කරන බවත්, එමෙන්ම ඔවුන්ට ‘උසස්ම ගෞරවාදරය පිරිනැමීමට’ වටින බවටත් සභා සේවකයෝ එකඟ වෙති.—1 තෙස. 5:12, 13, නව අනුවාදය.

විනා. 20: “පාඩම් පටන්ගැනීමට අපට අලුත් මෙවලමක්!” සේවා අවේක්ෂක විසින් සබය සමඟ මෙහෙයවන සාකච්ඡාවක්. ඔබගේ සභාවේ තිබේ නම්, පරිවාරකයන් ලවා සබයේ සිටින සැමට බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව බෙදා දීමට සලස්වන්න. “සඟරා හඳුන්වා දිය හැකි අයුරු” යන කොටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් හොඳින් සූදානම් කරන ලද ඉදිරිපත් කිරීම් දෙකක් නිරූපණය කරවන්න. එක් ප්‍රචාරකයෙක් ජනවාරි 1 මුරටැඹ කලාපයද, තවත් ප්‍රචාරකයෙක් ජනවාරි 8 පිබිදෙව්! කලාපයද යොදාගනී. මේ එක් එක් අවස්ථාවේ, ප්‍රචාරකයා ඉදිරිපත් කිරීම අවසන් කරන්නේ බයිබලය දැනගන්න යන පත්‍රිකාව නිවැසියා අතට පත් කරමිනි. එක් අවස්ථාවක නිවැසියා සඟරාව පිළිගනී. අනෙක් අවස්ථාවේදී පිළි නොගනී. තමන්ට දේවසේවයේදී හමු වන සියල්ලන්ට මෙම අලුත් පත්‍රිකාව ලබා දෙන ලෙස සියල්ලන්ට දිරිගන්වන්න.

ගීතිකා අංක 219 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 7න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 20

විනා. 10: සභා නිවේදන. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව නිතරම පාවිච්චි කරන ලෙස සියල්ලන්ට මතක් කරන්න.

විනා. 20: ඔබේ ජීවිතයෙන් උපරිමය නෙළාගන්න. පවුලේ සාමාජිකයෝ 1998 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ පිටු 8-9 සාකච්ඡා කරති. පවුලේ සියලුදෙනාම බලාපොරොත්තු කඩ වෙන ජීවන මාර්ගයක් වෙනුවට ප්‍රීතිය ළඟා කර දෙන ජීවන මාර්ගයක් ලුහුබඳිනවා දැකීමට පියාට වුවමනාය. ඔවුහු, තමන්ගේ සන්තෝෂය තහවුරු කරගන්නා අන්දම පැහැදිලි කර දෙන ලිපියේ සඳහන් ශුද්ධ ලියවිලිමය අවවාද සලකා බලති. ලිපියෙහි විචාර බුද්ධිය ඇතුව සිටීමේ ඇති අවශ්‍යතාව, වටිනාකමක් ඇති ප්‍රමුඛතා තැබීම සහ යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබීම පිළිබඳව ඇති තොරතුරු වෙත ඔවුහු අවධානය යොමු කරති. තමන්ට පවුලක් වශයෙන් කළ හැකි ප්‍රායෝගික සකස් කිරීම් ගැන සලකා බලති.

විනා. 15: අපේ රාජ්‍ය ශාලාව දෙස සමීප බැල්මක්. වැඩිමහල්ලෙකු විසින් කරන කතාවක්. රාජ්‍ය ශාලාවේ තත්වය ගැන සැලකිල්ලට ගන්න. සිහි කිරීමේ උත්සවයට පෙරාතුව විශේෂයෙන් පවිත්‍ර කිරීම සඳහා කිනම් වැඩපිළිවෙළක් සූදානම් කෙරේද? ඊට පෙර කිනම් අලුත්වැඩියාවන් කිරීමට තිබේද? සභාවේ සිටින සියලුදෙනාට හවුල් විය හැකි අන්දම පෙන්වා දෙන්න. යෙහෝවාගේ ගෘහය සතු අලංකාරය සහ ගෞරවනීය බව අපගේ නමස්කාර ස්ථානය තුළින් පිළිබිඹු වන බවට සහතික වීමේ ඇති අවශ්‍යතාව කාවද්දන්න.—ගීතා. 84:1.

ගීතිකා අංක 126 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න