ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මාර්තු 11න් පටන්ගන්නා සතිය
  • මාර්තු 18න් පටන්ගන්නා සතිය
  • මාර්තු 25න් පටන්ගන්නා සතිය
  • අප්‍රියෙල් 1න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 3/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මාර්තු 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 2

විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මාර්තු 30වන සෙනසුරාදාට යෙදී තිබෙන විශේෂ සඟරා දවස ගැන සියලුදෙනාටම මතක් කරන්න. එදින සේවයේ හවුල් වීමට දිරිගන්වන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් කෙටි ඉදිරිපත් කිරීම් දෙකක් නිරූපණය කරන්න. ඒ සඳහා මාර්තු 1 මුරටැඹ සඟරාවට අදාළ යෝජනාවද මාර්තු 8 පිබිදෙව්! සඟරාවට අදාළ මුල් යෝජනාවද යොදාගන්න. “අපි බෞද්ධ” කියා පවසමින් ගෙවැසියෙකු අකමැත්ත පළ කරන අවස්ථාවන්වලදී කටයුතු කළ හැකි එකිනෙකට වෙනස් ආකාර දෙකක් ඒ නිරූපණවලට ඇතුළත් කරන්න.—1999 අගෝස්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.

විනා. 12: අපේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වාගන්න. සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් කරන කතාවක්. දේශානුරාගය ප්‍රදර්ශනය කරන නොයෙක් දේවල් පාසැල්වල, රැකියා ස්ථානවල හා අප ජීවත් වන ප්‍රදේශයේ සුලභව දැකිය හැකියි. අද ලෝකයේ දකින්න තිබෙන දේවල් නිසා අපටත් යම් වේදනාවක් දැනුණත්, සියලුදෙනාටම බලපාන වැදගත්ම දෙය වන්නේ විශ්ව පරමාධිපත්‍යය පිළිබඳ වාදයට ලක් වී තිබෙන කාරණය බව අපි දන්නවා. ඒ වගේම සැනසිල්ල ලබාගන්න පුළුවන් රාජ්‍ය පණිවිඩයෙන් බවද අපි දන්නවා. ජාතිවාදී හැඟීම් අවුස්සන ක්‍රියාකාරකම්වලට අප හවුල් නොවන්නේ ඇයි කියා විචාර බුද්ධියෙන් යුතුව අන් අයට පැහැදිලි කරන අතරේදී, අපි ඔවුන් සමඟ බෙදාගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි දේවවචනයෙන් අපි සොයාගෙන තිබෙන සැනසිල්ල හා බලාපොරොත්තුව. අපි දේශානුරාගී උත්සවවලට සහභාගි නොවන්නේ ඇයි කියා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය නමැති විවරණිකාවේ 20-4 දක්වා පිටුවල, “කොඩියට ආචාර කිරීම” යන උපමාතෘකාව යටතේ පැහැදිලි කරනවා. එහි විශේෂ කරුණු සාකච්ඡා කරන්න. තමන්ගේ දරුවන් සමඟ මේ තොරතුරු පරෙස්සමින් නැවත සලකා බලන්න කියා දෙමාපියන්ව දිරිමත් කරන්න. මෙම විවරණිකාවේ 20වන පිටුවේ හා 1996 මාර්තු 8 පිබිදෙව්! සඟරාවේ 31වන පිටුවේ සඳහන් අද්දැකීම් විස්තර කරන්න. යෙහෝවාට තනි භක්තිය පිරිනමන අතරේදී ආණ්ඩුවේ බලධාරීන්ට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න.

විනා. 20: ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්න.’a සේවා අවේක්ෂක විසින් හැසිරවිය යුතුයි. මාර්තු 28වනදා පවත්වනු ලබන සිහි කිරීමට සූදානමක් වශයෙන් දේවසේවයේ පූර්ණ ලෙස හවුල් වීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. උපරිම ප්‍රයෝජන අත් කරගත හැකි අයුරින් සිහි කිරීමේ ආරාධනා පත් බෙදා දිය හැකි ආකාරය සාකච්ඡා කරන්න. තමන්ගේ නෑදෑයන්, අසල්වාසීන්, බයිබල් ශිෂ්‍යයන් සහ උනන්දුව දක්වන වෙනත් අයව පසුගිය වසරේ සිහි කිරීමට කැටුව ඒමට හැකි වූ ආකාරය ගැනත් එයින් ලැබූ ප්‍රීතිය ගැනත් පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කළ හැකි සියලුදෙනාවම දිරිගන්වන්න. අද රැස්වීමෙන් පසු අයදුම් පතක් ලබාගන්න ඔවුන්ට පුළුවන් බව පවසන්න.

ගීතිකා අංක 82 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 7

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “සිහි කිරීම ගැන මතක් කිරීම්” නමැති කොටස සාකච්ඡා කරන්න. සිහි කිරීම සමයේදී කියවීමට නියමිත බයිබල් කියවීම කරන්න සියලුදෙනාවම දිරිගන්වන්න. මේ සඳහා නියමිත කාලසටහන දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2002 නමැති පොත් පිංචයේ මාර්තු 23 සිට 28 දක්වා තිබෙන දිනවල ඇතුළත් කර ඇත.

විනා. 15: “යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සමඟ ප්‍රීතියෙන් එක්සත් වී.” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන ශුද්ධ ලියවිලි මත පදනම් පොලඹවනසුලු කතාවක්. අද සිට මාර්තු 28 දක්වා තිබෙන කාලය තුළ හැකි තරම් පිරිසකට අප සමඟ සිහි කිරීම පැවැත්වීමට එන්න කියා ආරාධනා කිරීමට හැකි සෑම වෑයමක්ම දරන්න සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 20: “බයිබල් ශිෂ්‍යයන්ව දේවසේවය සඳහා සූදානම් කරවන්න.”b නිවසකදී සාක්ෂි දැරීම සඳහා ශිෂ්‍යයාට සූදානම් වීමට උපකාර කරන ආකාරය හතරවන ඡේදයේදී කෙටි නිරූපණයකින් පෙන්වා දෙන්න. ශිෂ්‍යයා ගීතාවලිය 37:11 යොදාගනිමින් සරල ඉදිරිපත් කිරීමක් පටන්ගනියි. මේ අතරතුර ගුරුවරයා මෙසේ පවසයි. “මම [බෞද්ධයෙක්/හින්දු/කතෝලික/මුස්ලිම්].” මේ අවස්ථාවේදී පැවසිය යුත්තේ කුමක්ද කියා ශිෂ්‍යයාට ස්ථිර නැත. එවැනි අවස්ථාවකදී උත්තර දිය හැකි ආකාරය ගැන යෝජනා කිහිපයක් සාකච්ඡා කර, ශිෂ්‍යයාට වඩාත් පහසුයි කියා හැඟෙන එක කුමක්ද කියා තීරණය කරන්න. ශිෂ්‍යයා නැවතත් පටන්ගෙන හොඳ ප්‍රතිචාරයක් දක්වයි. ලැබුණු ප්‍රතිඵලවලින් තමා දිරිගැන්වීමක් ලැබූ බව ඔහුට හැඟෙයි.

ගීතිකා අංක 45 සහ අවසාන යාච්ඤාව.

මාර්තු 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 12

විනා. 14: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා අයදුම් පතක් බාර දෙන්න තවමත් ප්‍රමාද නැති බව පැහැදිලි කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් මාර්තු 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය යෞවනයෙකු ලවා නිරූපණය කරවන්න. මාර්තු 15 මුරටැඹ සඟරාව ඉදිරිපත් කරන ආකාරය වැඩිහිටියෙකු ලවා නිරූපණය කරවන්න. එක් එක් නිරූපණයෙන් පසු එම ඉදිරිපත් කිරීම්වල හොඳින් ඉදිරිපත් කළ දේවල් විශේෂ කොට දක්වන්න. මාර්තු 30වන සෙනසුරාදා සඟරා සේවයේ හවුල් වීමට දිරිගන්වන්න. එමෙන්ම ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් සම්බන්ධයෙන් කර තිබෙන සැලසුම් ගැනද පවසන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 16: තීක්ෂ්ණ බුද්ධිය යොදාගනිමින් දිරිගැන්වීම් සපයන්න. සබය සමඟ සාකච්ඡාවක්. සෑම කෙනෙකුටම කලින් කලට ප්‍රේමනීය දිරිගැන්වීම් අවශ්‍යයි. එනිසා අනිත් අයට “සැනසිල්ල ගෙන දෙන අයුරින් කතා කිරීම” සඳහා තිබෙන අවශ්‍යතාව අප සියලුදෙනාටම දැනිය යුතුයි. දේවසේවයේදී අපට හමු වන මානසික පීඩනයට ලක් වූ අයද එයට ඇතුළත් වෙනවා. (1 තෙස. 5:14, NW) පහත සඳහන් පීඩාකාරි තත්වයක් අද්දකින කෙනෙකුව ශුද්ධ ලියවිලි යොදාගනිමින් දිරිමත් කළ හැකි ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න. අසනීප (එළි. 21:4, 5; මතෙ. 9:35; 2 කොරි. 4:13, 16) මරණය (යෙසා. 25:8, 9; යොහ. 5:28, 29; 11:25, 26; ගීතා. 146:5, 9) හිංසා පීඩා (ගීතා. 27:10; 1 පේතෘ. 4:16; හිතෝ. 27:11; මතෙ. 5:10-12; ක්‍රියා 5:41, 42; පිලි. 1:27-29) අයුක්තිය (ගීතා. 37:10, 11; යෙසා. 9:6, 7; දානි. 2:44) ආර්ථික ගැටලු (යෙසා. 65:21, 22; ගීතා. 72:8, 16; මතෙ. 6:33; රෝම 8:35, 38, 39) තමන්ගේම අඩු පාඩුකම් (ගීතා. 34:18; 103:13, 14; නෙහෙ. 9:17; 2 පේතෘ. 3:9, 15) අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සෑම කෙනෙක්ම යමෙකුව දිරිගැන්වීමට උත්සාහ කරන්න කියා උනන්දු කරවන්න.—ගලා. 6:10.

ගීතිකා අංක 131 සහ අවසාන යාච්ඤාව.

අප්‍රියෙල් 1න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 27

විනා. 7: සභා නිවේදන. මාර්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.

විනා. 18: “‘තෑගි වශයෙන් මනුෂ්‍යයෝ’ එඬේරුන් මෙන් උනන්දුවෙන් දෙවිගේ රැළ රැකබලා ගනිති.” වැඩිමහල්ලෙක් කරන කතාවක්. සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ සාකච්ඡා කරන්න. අක්‍රියාශීලී අයව එඬේර බැහැදැකීමෙන් හා ශාරීරිකව දුර්වල අයට ඔවුන්ට කළ හැකි දෙය කිරීමට උපකාර කිරීමෙන් ලබන්න පුළුවන් දිරිගන්වනසුලු ප්‍රතිඵල පැහැදිලි කරන්න. යෙහෝවාගේ සේවයෙහි දිගටම ක්‍රියාශීලීව සිටීම සඳහා තම රැළේ සාමාජිකයන් දරන අවංක වෑයම් ප්‍රේමනීය එඬේරුන් අගය කරනවා.

විනා. 20: “දේශනා සේවයෙන් ඔබ ලබන ප්‍රීතිය තව වැඩි කරගන්න.”c තම බලප්‍රදේශය තුළ හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි ආකාරය ගැන ප්‍රායෝගික යෝජනා සපයන්න කියා 5වන ඡේදය සාකච්ඡා කරද්දී සබයට ආරාධනා කරන්න. කෙටියෙන් සාක්ෂියක් දීම සඳහා යමෙකු වෙත එළඹීමට අපට මුල් පියවර ගත හැකි ආකාරය නිරූපණයකින් හෝ දෙකකින් පෙන්වන්න. මේ සතියේදී සාක්ෂි දැරීම සඳහා ප්‍රස්තාවන් ඇති කරගැනීමට සෑම කෙනෙකුවම දිරිමත් කරන්න.

ගීතිකා අංක 15 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න