‘තෑගි වශයෙන් මනුෂ්‍යයෝ’ එඬේරුන් මෙන් උනන්දුවෙන් දෙවිගේ රැළ රැකබලා ගනිති
1 යෙහෝවා ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” [NW] ලබා දී තිබීම, මොනතරම් ප්‍රේමනීය සැපයුමක්ද! (එපී. 4:8, 11, 12) ක්‍රියාශීලී ලෙස මහත් උනන්දුවෙන් එඬේරුන් ලෙස දෙවිගේ රැළ රැකබලා ගැනීම ඇතුළු වගකීම් රැසක් මේ පුරුෂයන්ට තිබෙනවා. (1 පේතෘ. 5:2, 3) අපට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන මේ අයගේ සේවයෙන් අපි සියලුදෙනාම ප්‍රයෝජන ලබනවා. සභාව සමඟ ඇසුරු කරන නවකයන් ඇතුළු සමහරු විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. සමහරුන්ට ආවේණික වූ දුර්වලතා තිබෙනවා. තවත් සමහරු සත්‍යයේ මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් සිටිනවා. මෙවැනි අය ඇතුළු සභාවේ සිටින සියලුදෙනාගේම ආත්මික ශුභසිද්ධිය ගැන එම පුරුෂයන් පෞද්ගලිකව දක්වන්නේ මහත් සැලකිල්ලක්.—පිලි. 2:4; 1 තෙස. 5:12-14.
2 ලොව පුරා සිදු වන තැතිගන්වනසුලු සිද්ධීන් නිසා යම් භයක් දැනෙන අවස්ථාවලදී මේ උපඑඬේරුන් “සුළඟෙන් මුවා වෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක්” බව ඔවුන් කටයුතු කරන විදිහෙන් පෙන්වයි. අපි නොයෙක් පීඩාකාරි තත්වයන් නිසා වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී හා සැනසිල්ලක් ලැබුණොත් හොඳයි කියා හැඟෙන අවස්ථාවලදී, “වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩා වූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” ඔවුන් අපේ සිත්වලට ගෙන දෙන්නේ මහත් ප්රබෝධයක්.—යෙසා. 32:2.
3 අක්‍රියාශීලී අයව දිරිමත් කිරීම: කඩින් කඩ සේවයේ වාර්තා කරන ප්‍රචාරකයන් හා අක්‍රියාශීලී අය සභාවල සිටිනවා. මොවුන්ට සභාවේ සියලුම ක්‍රියාකාරකම්වල නිතිපතා හවුල් වීමට උපකාර කිරීමේ අරමුණින් වැඩිමහල්ලන් ඔවුන්ව දිරිමත් කිරීමට විශේෂ වෑයමක් දරනවා. නිතිපතා සභා රැස්වීම්වලට පැමිණීමටත් නැවතත් දේවසේවයේ හවුල් වීමෙන් තමන්ගේ ආත්මිකත්වය ගොඩනඟා ගැනීමටත් ප්‍රේමනීය එඬේර බැහැදැකීම් හුඟදෙනෙකුට උපකාරවත් වී තිබෙනවා. වැඩිමහල්ලන් දරන මේ සෑම වෑයමකින්ම පිළිබිඹු වන්නේ යෙහෝවාගේ ප්‍රේමනීය සැලකිල්ල හා යේසුස් ක්‍රිස්තුස්ගේ ක්‍රියාශීලී නායකත්වයයි. රැළෙන් ඉවත්ව එහෙ මෙහෙ යන බැටළුවන් හා නැති වී සිටින බැටළුවන් කෙරෙහි එවන් සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබුවා.—මතෙ. 18:12-14; යොහ. 10:16, 27-29.
4 යම් අය ආත්මිකව දුර්වල වන විට පෙන්නුම් කරන ලක්ෂණ ගැන උපඑඬේරුන් නිතරම සාවධානව සිටිනවා. යම් කෙනෙක් අධෛර්යයට පත් වී සිටින බවට ලක්ෂණ පෙන්නුම් කරයි නම්, රැස්වීම්වලට පැමිණෙන්නේ කඩින් කඩ නම්, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම අඩු වේගෙන යනවා නම්, පෙනෙන විදිහට ඔහු සිටින්නේ ආත්මිකව උපකාරය අවශ්‍ය තත්වයකයි. ලෝකයේ විලාසිතාවන්ට අනුව අඳින්න පළඳින්න නැඹුරුවාවක් දක්වන අයටත්, දේවල් විවේචනය කිරීමේ ආකල්පයක් ඇති කරගෙන තිබෙන අයටත් උපකාර කරන්න වැඩිමහල්ලන් සූදානම්. යෙහෝවා කෙරෙහි කලින් තිබූ ප්‍රේමය යළි පණගන්වා ගැනීමට මෙවැනි අයට උපකාර කිරීම සඳහා දරන වෑයමේදී ‘තමන්ගේ ප්‍රාණත් දීමට’ සැලකිලිමත් අවේක්ෂකයන් අව්‍යාජ උනන්දුවක් හා මෘදු මොළොක් සෙනෙහසක් දක්වන්නේ ඉතා කැමැත්තෙන්.—1 තෙස. 2:8.
5 පසුගිය කාලයේදී, සමහර කැප වූ ක්‍රිස්තියානීන් සභාව සමඟ ඇසුරු කිරීම නතර කර දමා තිබෙනවා. ඔවුන් ආත්මිකව අක්‍රියාශීලී වී සිටින්නේ සෞඛ්‍ය ගැටලු, ආර්ථික ප්‍රශ්න හා පවුලේ ඇති වන පීඩාකාරි තත්වයන් යනාදියෙන් දැඩි පීඩනයකට ලක්වීම නිසායි. වැඩිමහල්ලන් මෙවැනි අයව විවේචනය කරන්නේ නැතුව, යෙහෝවා ඔහුගේ සෑම බැටළුවෙකු කෙරෙහිම සැලකිල්ල දක්වන බවත්, දුෂ්කර කාලවලදී ඔවුන්ව උසුලන බවත් ඔවුන්ට කාරුණික ලෙස පෙන්වා දෙමින් ඔවුන්ගේ බිය සැක දුර කරනවා. (ගීතා. 55:22; 1 පේතෘ. 5:7) ඔවුන් ‘දෙවිට ළං වෙනවා නම්, දෙවි ඔවුන්ට ළං වෙන’ බවත්, සිතට සැනසිල්ලක් හා ප්රබෝධයක් ලබා දෙන බවත් තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න රැළ ගැන සුපරීක්ෂාවෙන් සිටින එඬේරුන්ට හැකියි.—යාකො. 4:8; ගීතා. 23:3, 4.
6 ශාරීරිකව දුර්වල අයව අගය කිරීම: එතරම් සැලකිල්ලක් යොමු නොවිය හැකි අය කෙරෙහිද ප්‍රේමනීය උපඑඬේරුන් සැලකිල්ලක් දක්වනවා. ශාරීරිකව දුර්වල අය සෑම සභාවකම වාගේ සිටින අතර, සමහර අය සිටින්නේ සාත්තු නිවාසවලයි. ඔවුන්ට එම නිවෙස්වලින් පිටතට යෑම අසීරුයි. ආබාධිතයන්ද සභාවල සිටිනවා. ඔවුන් සිටින තත්වය නිසා රාජ්‍ය ආරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් විය හැකි ප්‍රමාණය සීමිත වෙන්න පුළුවන්. සමහරවිට මොවුන්ට සාක්ෂි දරන්න අවස්ථාව ලැබෙන්නේ තමන්ව බැහැදැකීමට එන අයට, වෙනත් රෝගීන්ට හා තමන්ට සාත්තු කරන අයට පමණක් විය හැකියි. කෙසේවෙතත්, සාක්ෂි දැරීමේදී ඔවුන්ට කරන්න පුළුවන් දෙය කුමක් වුණත්, එය සලකන්නේ සමස්ත සාක්ෂි දැරීමේ කාර්යය සඳහා ලබා දෙන වටිනා දායකත්වයක් ලෙසයි. (මතෙ. 25:15) ඔවුන් සාක්ෂි දරන කාලය විනාඩි 15ක් වුණත්, එය වාර්තා කළ යුතුයි. ඒ වගේම ඔවුන්ව දිගටම සලකන්නේ නිතිපතා සේවය කරන රාජ්‍ය ප්‍රචාරකයන් ලෙසයි.
7 අවුරුද්දේ මේ කාලයේදී, එනම් සිහි කිරීමේ කාලයේදී, “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ලෙස සේවය කරන වැඩිමහල්ලන් තම සහෝදරයන්ගේ ආත්මික අවශ්‍යතා මොනවාද කියා විශේෂයෙන් සොයා බලනවා. නැවත වතාවක් මනසේ සාමය හා ප්‍රීතියද සභාව සමඟ උණුසුම් ඇසුරද භුක්ති විඳීම සඳහා රැළෙන් ඉවතට ගොස් සිටින සියලුදෙනාටම උපකාර කරන්න විශේෂ වෑයමක් දැරීමට වැඩිමහල්ලන්ට මෙය මොනතරම් යෝග්‍ය කාලයක්ද! “ඇදහිල්ලේ පවුලට අයිති” එවැනි අය සභා රැස්වීම්වලට පැමිණ සිටිනවා දකින විටත්, දේවසේවයේ හවුල් වන විටත්, මිදීමේ මිල පූජාව කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල යළි ක්‍රියාවලින් පෙන්වන විටත් අපි ලබන්නේ මහත් ප්‍රීතියක්.—ගලා. 6:10; ලූක් 15:4-7; යොහ. 10:11, 14.