නිවේදන
◼ මාර්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. ගෙවැසියන් කැමති නම් අපේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදමක් කළ හැකි බව ප්‍රචාරකයන් ඔවුන්ට පැවසිය යුතුයි. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර, බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. ගෙවැසියන් ළඟ දැනටමත් මෙම ප්‍රකාශන තිබෙනවා නම්, සභා පොත් පත් තොගයේ තිබෙන යෝග්‍ය විවරණිකාවක් ඉදිරිපත් කරන්න.
◼ අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමී සේවය කරන්න බලාපොරොත්තු වන ප්‍රචාරකයන් දැන්ම තමන්ගේ කටයුතු සැලසුම් කරගෙන කල්වේලා ඇතුව තමන්ගේ අයදුම්පත බාර දිය යුතුයි. මෙසේ කිරීම, ක්ෂේත්‍ර සේවය සඳහා අවශ්‍ය කටයුතු පිළියෙළ කිරීමටත් ඇති තරම් සඟරා හා පොත් පත් ප්‍රමාණයක් සභාව සතුව තබාගැනීමටත් වැඩිමහල්ලන්ට උපකාරවත් වෙයි. උපකාරික පුරෝගාමී සේවය කිරීමට අනුමැතිය ලැබූ සියලුදෙනාගේම නම් සෑම මාසයකම නිවේදනය කළ යුතුයි.
◼ සිහි කිරීම පැවැත්වෙන්නේ 2002 මාර්තු 28වන බ්‍රහස්පතින්දායි. සාමාන්‍යයෙන් ඔබේ සභාවේ රැස්වීම් බ්‍රහස්පතින්දා දවස්වල පවත්වනවා නම්, එම සතියේ රාජ්‍ය ශාලාව භාවිත කළ හැකි වෙනත් දවසක, එම රැස්වීම් පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙසේ සැලසුම් කිරීමට අපහසු නිසා සේවා රැස්වීම පැවැත්වීමට නොහැකි වෙනවා නම්, ඔබේ සභාවට විශේෂයෙන් අදාළ වන කොටස් වෙනත් සේවා රැස්වීමකට ඇතුළත් කළ හැකියි.
◼ සමිතිය ප්‍රචාරකයන්ගේ පෞද්ගලික පොත් පත් ඉල්ලුම් සපුරාලන්නේ නැත. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුනභාර අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙමගින් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට වුවමනා කරන සියලුදෙනාටම, ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකියි. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් වන ප්‍රකාශන මොනවාද කියා මතක තබාගන්න.
◼ විසිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කණ්ඩායම් ශාඛා කාර්යාලය බලන්න එන්න සැලසුම් කරනවා නම්, මුලින්ම ශාඛා කාර්යාලයට ඒ බව දූරකථනයෙන් දැන්වීම හොඳයි. ඔබ එන්න කලින්, 1998 මාර්තු මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය කරුණාකර නැවත කියවන්න. බෙතෙල් නිවාස බලන්න එන විට සුදුසු ලෙස ඇඳ පැළඳගෙන සිටිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් තොරතුරු එහි සපයා තිබෙනවා.
◼ මුරටැඹ සඟරාවේ ලොකු අකුරින් මුද්‍රිත සංස්කරණය එෆික්, ඉග්බෝ හා යොරූබා යන භාෂාවලින් දැන් ලබාගත හැකියි.