ඔබ පාඩම් පටන්ගැනීමට ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් සිටිනවාද?
1 නිර්දේශ කර තිබෙන ප්රකාශනයක තොරතුරු යොදාගනිමින් කෙටියෙන් වුණත් උනන්දුව දක්වන කෙනෙකු සමඟ නිතිපතා ක්‍රමානුකූලව බයිබලය ගැන ඔබ සාකච්ඡා කරනවා නම්, ඔබ පවත්වමින් සිටින්නේ බයිබල් පාඩමක් කියා ඔබ දැනගෙන හිටියාද? මේ ආකාරයෙන් පාඩමක් ගෙදරකට ඇතුල් වෙන දොර ළඟ සිට කළත් දුරකථනය මාර්ගයෙන් කළත් එය සලකන්නේ බයිබල් පාඩමක් හැටියටයි. ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් මැයි සහ ජූනි මාසවලදී ඒ විදිහට පාඩමක් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න ඔබ කැමතිද?
2 සාර්ථක වීම සඳහා සූදානම් වන්න: ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරද්දී, එය ලබාගන්න තැනැත්තා සමඟ ඔබ සාකච්ඡා කරන්න කැමති විෂය පැහැදිලිව මනසේ තබාගන්න. ඔබ නැවත බැලීමක් කිරීමට සැලසුම් කළා නම් මුල් හමුවීමේදී ඔබ සාකච්ඡා කළ දෙය ගැන සිතන්න. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘සාකච්ඡාව තවදුරටත් කරගෙන යමින් බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා මේ විවරණිකාවේ විශේෂ අවධානයක් දෙන්න පුළුවන් මොන ඡේදවලටද?’ ඔබ ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී යෞවනයෙකුගේ, වැඩිහිටි කෙනෙකුගේ පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ සිත්ගනියි කියා හැඟෙන විෂයන් සලකා බලන්න. විවරණිකාවේ මාතෘකා බලා, උනන්දුව ඇති කරවන එකක් තෝරාගන්න. හොඳ එලඹීමක් ගැන සිතා බැලීමෙන් පසු එය කිහිප වතාවක් පුහුණු වෙන්න. මෙසේ කිරීම, සාර්ථක වීමේ එක් මූලික අවශ්‍යතාවක්.
3 වර්ෂ 2002 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ “ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කිරීමට යෝජනා” අටක් දී තිබුණා. පාඩම් පටන්ගැනීම සඳහා මේ විවරණිකාව යොදාගත හැකි ආකාරය “ඍජු එළඹීම” නමැති කොටුවේ පැහැදිලි කරනවා. ඔබට පුළුවන් පළමුවන යෝජනාව මේ විදිහට සකස් කරගන්න.
◼ “බයිබලය යොදාගනිමින් වැදගත් ප්‍රශ්නයකට මිනිත්තු කිහිපයකින් ඔයාට උත්තරයක් සොයාගන්න පුළුවන් වෙයි කියලා ඔයා දැනගෙන හිටියාද? උදාහරණයක් හැටියට මේ ප්රශ්නය බලමු. ක්‍රිස්තියානියි කියන ආගම් මේ තරම් විශාල ගණනක් තියෙන්නේ ඇයි? ඔයා මීට කලින් මේ ගැන කල්පනා කරලා තියෙනවාද?” පුද්ගලයාගේ ප්‍රතිචාරයෙන් පසු 13වන පාඩමට පෙරළා, එහි මුල් ඡේද දෙක සාකච්ඡා කරන්න. වේලාව තියෙනවා නම් බයිබල් පදයක් දෙකක් කියවා සාකච්ඡා කරන්න. අනතුරුව එම පිටුවේ ඉහළ තිබෙන අන්තිම ප්රශ්නය කියවා මෙසේ පවසන්න. “සැබෑ ආගම හඳුනාගන්න උපකාරවත් වෙන ලක්ෂණ පහක් ගැන මේ පාඩමේ ඉතිරි කොටසේ සඳහන් වෙනවා. මම ආසයි නැවත ඇවිත් මේ ගැන ඔයත් එක්ක සාකච්ඡා කරන්න.”
4 අත් නොහරින්න: ඕනෑ කරන්නේ විවරණිකාවෙන් බයිබල් පාඩමක් කරන ආකාරය පෙන්වා දීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. ඒ සඳහා යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලන්න. (මතෙ. 21:22) පාඩමක් පටන්ගන්න ඔබ අත්නෑර වෑයම් කරනවා නම් ශුභාරංචිය පිළිගැනීමට යමෙකුට උපකාර කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ඔබටත් අත් විඳින්න පුළුවන්!