අලුත් චාරිකා එක්රැස්වීම් වැඩසටහන
1 අවිනිශ්චිත ලොවක ජීවත් වන අපට ඇදහිල්ලෙහි ස්ථිරව සිටීම සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. මින් ප්‍රායෝගිකව අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම අපගේ පෞද්ගලික සහ පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද? සාතන්ගේ ලෝකයේ බලපෑම්වලට විරුද්ධව සිටීමට එය උපකාරයක් වන්නේ කෙසේද? මෙම ප්‍රශ්නවලට උත්තර 2003 සේවා වසරේ චාරිකා එක්රැස්වීම් වැඩසටහන මගින් සපයයි. එහි තේමාව මෙයයි. “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න.”—ගීතා. 37:3.
2 අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම සීමා වන්නේ විශේෂ අවස්ථාවලට හෝ දුෂ්කරතාවලදී පමණක් නොවේ. අපගේ දෛනික ජීවිතය පුරාම එම දැඩි විශ්වාසය පිළිබිඹු වේ. “සෑමවිටම යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න” යන මැයින් යුත් ප්රාරම්භක කතාවෙහි මෙම කාරණය අවධාරණය කර ඇත. (ගීතා. 62:8) සාර්ථක විවාහ ජීවිතයක් ගොඩනැඟීමට, පවුල් කවය තුළ ඉස්මතු වන ගැටලු හැසිරවීමට සහ අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පිරිමසාගැනීමට උපකාර අවශ්‍යය. ඒ සඳහා උපකාරවත් වන බයිබලය මත පදනම් තොරතුරු සොයාගෙන අදාළ කරගත හැකි අන්දම “යෙහෝවා කෙරෙහි විශ්වාසය පෙන්වීම” යන කොටස් හතරකින් යුත් කතා මාලාවෙහි සාකච්ඡා කෙරේ.
3 හරි වැරැද්ද සම්බන්ධයෙන් ඉතා විකෘති වූ අදහස් අප තුළට බලෙන් කාවැද්දීමටත්, වැදගත් හා නොවැදගත් දේ සම්බන්ධයෙන් වියවුලක් ඇති කිරීමටත් සාතන්ගේ ලෝකය උත්සාහ දරයි. (යෙසා. 5:20) යෙහෝවාගේ උදාර ප්‍රමිතිවලට පක්ෂව සිටින්නට අප තුළ ඇති අධිෂ්ඨානය තවත් ශක්තිමත් කිරීම සඳහා “ජීවිතයේ නිස්සාර දේවලින් පරෙස්සම් වන්න” සහ “නපුරු දේ එපා කරන්න—යහපත්කම් කරන්නෝ වන්න” යන කතා පිටුවහලක් වනු ඇත.—ආමො. 5:14.
4 යෙහෝවා දැනට පවතින මෙම දුෂ්ට ක්‍රමය අවසානයකට ගෙනෙන විට, දෙවිගේ සේවකයන් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම අත්‍යවශ්‍ය වේ. “සමස්ත ලෝක විපත්තිවලින් මිදීම ළඟය” යන ප්‍රසිද්ධ කථාවෙහි මෙම කාරණය උලුප්පා දක්වා ඇත. ඉන් අනතුරුව, “දේවරාජ්‍යයට සුදුස්සන් ලෙස ඔබව ගණන් ගනු ඇද්ද?” යන කොටස ඉදිරිපත් කරන විට, ආත්ම-සෝදිසියක් කිරීමට අපට ඇරයුම් කරනු ලැබේ. මෙම වැඩසටහන අවසන් වන්නේ “යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්න” යන මැයින් යුත් අවවාදානුශාසනා සමඟිනි.
5 සෑම එක්රැස්වීමකම කැපී පෙනෙන අංගයක් නම් බව්තීස්ම කතාවයි. බව්තීස්ම වීමට කැමැත්තෙන් සිටින අය හැකි ඉක්මනින් මුලසුන භාර අවේක්ෂකට ඒ ගැන තම ආශාව පළ කළ යුතුය. එවිට අවශ්‍ය සැලසුම් යෙදිය හැකි වේ.
6 දැනට පවතින මෙම අවිනිශ්චිත කාලපරිච්ඡේදයේදී අපට නිසැකකමක් සහ සුරක්ෂිතකමක් බලාපොරොත්තු විය හැක්කේ යෙහෝවාගෙන් පමණි. (ගීතා. 118:8, 9) එසේ නම්, මුළු චාරිකා එක්රැස්වීම් වැඩසටහනට සහභාගි වීමෙන් ඔහු කෙරෙහි වූ අපගේ විශ්වාසය ශක්තිමත් කරගනිමු.