දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
වර්ෂ 2002 මැයි 6වනදා සිට අගෝස්තු 19වනදා දක්වා සතිවලදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පියවනු ලැබූ තොරතුරුවල මූලාශ්‍ර භාවිත නොකර කරනු ලබන පුනරීක්ෂණයකි. වෙන් කරන ලද කාලය තුළ ඔබට හැකි පමණ ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා වෙනම කඩදාසියක් භාවිත කරන්න.
[සටහන: ලිඛිත පුනරීක්ෂණයේදී ඕනෑම ප්‍රශ්නයකට උත්තර සැපයීම සඳහා බයිබලය පමණක් භාවිත කළ හැකිය. ප්‍රශ්න සමඟ දක්වා ඇති යොමු සටහන් ඔබගේ පෞද්ගලික පර්යේෂණය සඳහාය. මුරටැඹ සඟරාවට යොමු දක්වන සෑම අවස්ථාවකදීම පිටුව සහ ඡේදය දක්වා නොතිබෙන්න පුළුවන.]
පහත සඳහන් සෑම ප්‍රකාශයක්ම සැබෑද නැත්නම් බොරුද කියා ලකුණු කරන්න:
1. යෙරෙමියා 18:1-6හි පෙන්වන්නේ යෙහෝවා මිනිසුන්ට ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව දේවල් කිරීමට බල කරන බවයි. [සතිපතා බයිබල් කියවීම; w99 4/1 22 පි. 3-4 ඡේ. බලන්න.]
2. බොරු අනාගතවක්තෘවරුන් දෙවිගේ වචනයේ බලය සහ ඊට සවන් දීම තුළින් අත් වන ප්‍රතිඵල සොරාගනු ලැබුවේ, දෙවිගේ සැබෑ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීමට ජනයාව දිරිගන්වනවා වෙනුවට බොරුව කෙරෙහි විශ්වාස තබන්න ඔවුන්ව දිරිගැන්වීමෙනි. (යෙරෙ. 23:30) [සතිපතා බයිබල් කියවීම; w92 2/1 4 පි. 3 ඡේ. බලන්න.]
3. යෙරෙමියා 25:15, 16හි සඳහන් ‘සියලු ජාතීන්ට උමතු වූවන්’ මෙන් හැසිරෙන්න සලස්වන “කෝපය නමැති මුද්‍රිකපාන-කුසලාන” බොරු ආගම මගින් ඇති කරවන සිහි මුළා කරවන තත්වයට යොමු දක්වයි. [සතිපතා බයිබල් කියවීම; w94 3/1 20 පි. 13 ඡේ. බලන්න.]
4. මතෙව් යෙරෙමියාගේ අනාවැකිය අදාළ කළ ආකාරයෙන් පෙනී යන්නේ “සතුරන්ගේ දේශය” මරණය නමැති දේශය සංකේතවත් කරන බවයි. නැවත නැඟිටීමේදී මහා හෙරොද් විසින් ඝාතනය කරන ලද ළදරුවන් එම දේශයෙන් ආපසු හැරී පැමිණෙනවා ඇත. (යෙරෙ. 31:15, 16; මතෙ. 2:17, 18) [සතිපතා බයිබල් කියවීම; w79 6/15 19 පි. 13 ඡේ. බලන්න.]
5. ආර්ථික දුෂ්කරතා මධ්‍යයෙහි සිටින තම විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගන්න යෙහෝවාට පුළුවන් බවට යෙරෙමියා 37:21 මගින් සහතිකයක් ලැබේ. [සතිපතා බයිබල් කියවීම; w97 9/15 3 පි. 4 ඡේ.–4 පි. 2 ඡේ. දක්වා බලන්න.]
6. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් පො.යු.පෙ. 607දී, යෙරුසලම විනාශ කිරීම සම්බන්ධයෙන් විලාප ගී පොතෙහි දැඩි ලෙස ශෝකය ප්‍රකාශ කර තිබේ. [bsi02 විලාප ගී 1 ඡේ.]
7. විලාප ගී 5:7හි පැහැදිලිවම පෙන්වා තිබෙන්නේ දෙමව්පියන් කරන පාපවලට යෙහෝවා දරුවන්ට කෙළින්ම දඬුවම් කරන බවයි. [සතිපතා බයිබල් කියවීම; w88 9/1 27 පි. කොටුව බලන්න.]
8. එසකියෙල් 9:4හි සඳහන් නළල්වල ලකුණෙන් අර්ථවත් වන්නේ යමෙකුට ගැළවීම ලැබීමට දැනුම පමණක් සෑහෙන බවයි. [සතිපතා බයිබල් කියවීම; wSN89 1/1 31 පි. 18 ඡේ. බලන්න.]
9. එපීස 4:8හි [NW] සඳහන් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා ශුද්ධාත්මය මගින් පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වේ. (ක්‍රියා 20:28) [w00 8/1 6 පි. 3 ඡේ.]
10. එසකියෙල් 23වන පරිච්ඡේදයේ නවීන දින අදාළ වීමේදී ඔහොලීබා රෙපරමාදු ආගමටත් ඇගේ වැඩිමල් සහෝදරි ඔහොලා රෝමානු කතෝලික ආගමටත් සමාන කළ හැකියි. [සතිපතා බයිබල් කියවීම; wSN89 2/1 12 පි. 22 ඡේ. බලන්න.]
මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න:
11. යෙරුසලමේ විනාශයෙන් කෙළවර වූ පො.යු.පෙ. 617 සිට 607 දක්වා වූ තීරණාත්මක අවුරුදු කිහිපය තුළදී සිටි කැපීපෙනෙන අනාගතවක්තෲන් තිදෙනා කවුද? [bsi02 එසකියෙල් 2 ඡේ.]
12. ලූක් 9:23හි සඳහන් ඇරයුමට ප්‍රතිචාරය දැක්වීම තුළින් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි අවංක අගයක් ප්‍රකාශ කළ හැකි වන්නේ කෙසේද? [w00 3/15 8 පි. 1 ඡේ.]
13. යෙහෝවා යෙරෙමියාව “මුළා” කළේ කුමන අර්ථයකින්ද? (යෙරෙ. 20:7, න. අ.) [සතිපතා බයිබල් කියවීම; wSN91 5/1 29 පි. 6 ඡේ. බලන්න.]
14. ශුද්ධාත්මය “නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවයි” යනුවෙන් පැවසූ විට යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? (යොහ. 14:26) [w00 4/1 8 පි. 7-8 ඡේ.]
15. යෙරෙමියා 35:18, 19ට අනුව, නවීන දින රේකාබ් පංතිය වෙත ඉදිරිපත් කර ඇති බලාපොරොත්තුව කුමක්ද? [සතිපතා බයිබල් කියවීම; ගැළවීම (su) 131 පි. 7 ඡේ. බලන්න (සිංහලෙන් නැත).]
16. නෙඵිලිම්වරු [NW] “පුරාණයෙහි සිටි කීර්තිමත්” මෙන්ම “බලසම්පන්න මනුෂ්‍යයෝ” වූයේ කුමනාකාරයෙන්ද? (උත්. 6:4) [w00 4/15 27 පි. 9 ඡේ.]
17. බාරුක් තම ආත්මික සමබරතාව නැති කරගත්තේ කෙසේද? එමෙන්ම ඔහුගේ අද්දැකීමෙන් අපට උගත හැකි පාඩම කුමක්ද? (යෙරෙ. 45:1-5) [සතිපතා බයිබල් කියවීම; w97 8/15 21 පි. 14-16 ඡේ. බලන්න.]
18. යෙරෙමියා 50:38හි සඳහන් අනාවැකිය ඉටු වූයේ කවදාද? ඒ කෙසේද? [සතිපතා බයිබල් කියවීම; දානියෙල් 150 පි. 2-3 ඡේ. බලන්න.]
19. විලාප ගී 1:15ට අනුව, යෙරුසලම, එනම් “යූදාගේ කන්‍යා” දුවගේ ඉරණම ක්‍රිස්තියානි ලෝකය සඳහා පූර්වාදර්ශනය කරන්නේ කුමක්ද? [සතිපතා බයිබල් කියවීම; w88 9/1 27 පි. කොටුව බලන්න.]
20. “කිරීටය ගළවා දමන්න, ඔටුන්න අහක් කරන්න” යනුවෙන් එසකියෙල් 21:26හි සඳහන් වදන් මගින් සංකේතවත් කරන්නේ කුමක්ද? [සතිපතා බයිබල් කියවීම; wSN89 2/1 11 පි. 16 ඡේ. බලන්න.]
පහත සඳහන් ප්‍රකාශ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචන(ය) හෝ වාක්‍ය ඛණ්ඩය සපයන්න:
21. නිහතමානි පුද්ගලයෙක් තම______________________විනීතව ________________________. තමාට යම් ________________________තිබෙන බව පිළිගන්නා ඔහු තමාට කළ නොහැකි දේවල් තිබෙන බවත් නොකළ යුතු දේවල් තිබෙන බවත් වටහාගනියි. (මීකා 6:8, NW) [w00 3/15 21 පි. 1-2 ඡේ.]
22. ශුද්ධාත්මය සැමවිටම _________________________________හා _______________________ඉවත් නොකළත් අපට ඒවා _________________________උපකාර කරන්න එයට හැකියි. (1 කොරි. 10:13; 2 කොරි. 4:7, NW) [w00 4/1 11 පි. 6 ඡේ.]
23. යෙරුසලමේ පාළුවීම _________________________ පුරා පැවතිය යුතු බව යෙරෙමියාගේ ලියවිලිවලින් අනාගතවක්තෘ දානියෙල් තේරුම්ගත්තේය. මෙය පුදුමාකාර නිරවද්‍යතාවකින් ඉටු වූ බැවින් _________________________ යෙහෝවාට ඇති බලය කෙරෙහි වූ ඇදහිල්ල සවිමත් වේ. (යෙරෙ. 25:12; දානි. 9:2) [bsi02 යෙරෙමියා 37 ඡේ.]
24. විලාප ගී මගින් සැබෑ නමස්කාරකයන් තුළ _________________________හා _________________________ජනිත විය යුතුය. ඊට අමතරව, යෙහෝවා දෙවිව නොසලකා හරින අයට_________________________ අනතුරු ඇඟවීමක්ද එමගින් සැපයේ. [si2 විලාප ගී 13 ඡේ.]
25. මතභේදයක් විසඳීමේදී නම්‍යසුලු වීම සම්බන්ධයෙන් ආබ්‍රහම් තැබූ ආදර්ශය _________________________නිසා හෝ ________________________නිසා සහෝදරයන් සමඟ තිබෙන අපගේ වටිනා සබඳතාව නැති කර නොගැනීම සඳහා අපට දිරිගැන්වීමක් සපයයි. (උත්. 13:5-12) [w00 8/15 24 පි. 3-4 ඡේ.]
පහත දැක්වෙන එක් එක් ප්රකාශයන්හි නිවැරදි පිළිතුර තෝරන්න:
26. යෝබ් යෙහෝවාගේ (දැනුම; දයාව; විනිශ්චය) අගය කළා. මේ නිසා තම මෙහෙකරුවන් සමඟ (තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව; දයාවන්තව; යුක්තිසහගත ලෙස) කටයුතු කිරීමට ඔහු පෙලඹුණා. (යෝබ් 31:13, 14) [w00 3/15 26 පි. 1 ඡේ.]
27. යෙරෙමියා 16:2-4හි අනාගතවක්තෘවරයාට තනිකඩව සිටීමට අණ කර තිබුණේ (ඔහුගේ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය පිළිබිඹු කිරීම; මෙසියස් විසින් ගත කිරීමට නියමිත වූ තනිකඩ ජීවිතය නිරූපණය කිරීම; යෙරුසලමේ විනාශය සම්බන්ධයෙන් වූ යෙහෝවාගේ වචන තහවුරු කිරීම) සඳහාය. [සතිපතා බයිබල් කියවීම; w78 4/15 31 පි. 2 ඡේ. බලන්න.]
28. හිතෝපදේශ 4:7හි සඳහන් පරිදි ප්‍රඥාව කියන්නේ (විවිධ කාරණා පිළිබඳව රැස් කරගත් තොරතුරුයි; රැස් කරගත් තොරතුරු එකිනෙකට ගළපාගැනීමට ඇති හැකියාවයි; දැනුම හා අවබෝධය උපයෝගී කරගෙන යම් යහපත් ප්‍රතිඵලයක් අත් කරගැනීමයි ). [w00 5/15 21 පි. 1 ඡේ.]
29. (සමාජයේ හොඳ නමක්; සදාචාර ප්රමිතීන්) රැකීමෙන් සැමවිටම ක්ෂණික ප්‍රයෝජන නොලැබුණද යෙහෝවා අපගේ ස්ථාවරය දකින බවටත් නිසි කාලයේදී අපට ආශීර්වාද කරන බවටත් නිසැක විය හැකි බව යෝසෙප්ගේ ආදර්ශය තුළින් අපට පෙනී යයි. [my 22; w00 11/1 9, 10 පි. 10-14 ඡේ.]
30. එසකියෙල් 1වන පරිච්ඡේදයේ විස්තර කර ඇති දෙවිගේ රථයෙන් නියෝජනය කරන්නේ (දෙවිගේ මෙසියානු රාජ්‍යයයි; යෙහෝවාගේ දේවදූතමය ආත්ම සංවිධානයයි; ආලේප ලත් ඉතිරි කොටස සමඟ යෙහෝවා අදහස් හුවමාරු කරගැනීමයි). [සතිපතා බයිබල් කියවීම; wSN89 1/1 28 පි. 5 ඡේ. බලන්න.]
මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පද පහත සඳහන් ප්‍රකාශ සමඟ ගළපන්න:
යෝබ් 1:9-12; හිතෝ. 5:21; යෙරෙ. 46:28; රෝම 15:4; හෙබ්‍රෙ. 12:16, 17
31. පවුලේ කුලුඳුලා හැටියට තමාට තිබූ අයිතිය අගය කිරීමට ඒසව් අපොහොසත් වුණා. ඔහු පරිශුද්ධ දේවල් අගය කළේ නැහැ. ඒ නිසා, දිනක් කුසගිනි වූ විට, ඒසව් ඔහුගේ කුලුඳුල්කම තම සහෝදර වූ යාකොබ්ට වික්කා. එය වික්කේ රොටි සහ කොල්ලු ව්යංජනයකටයි! [my17; w00 9/1 20 පි. 8 ඡේ.]
32. යෙහෝවා සැනසීම සපයන විශේෂ මාර්ගයකි, අනාගතය සම්බන්ධයෙන් මවිතකර බලාපොරොත්තුවක් අඩංගු තම ලිඛිත වචනය. [w00 4/15 5 පි. 4 ඡේ.]
33. හික්මවීම ලබා දෙද්දී දෙමව්පියන් සීමාව ඉක්මවා නොයා යුතුයි. එමෙන්ම නිවැරදි කිරීමේ හා ඉගැන්වීමේ අරමුණෙන්ද පිට නොපැනිය යුතුයි. [සතිපතා බයිබල් කියවීම; දැනුම 148 පි. 20 ඡේ. බලන්න.]
34. දෙවි යෝබ්ට අල්ලස් දෙමින් සිටි බවට සාතන් චෝදනා කළා. යෝබ්ගෙන් ඔහුගේ ධනය සහ ශාරීරික සුවය පැහැරගතහොත්, ඔහු දෙවිව අත්හරියි කියාත් මෙම මුරණ්ඩු ආත්ම මැවිල්ල කියා සිටියා. මෙය වඩාත් පුළුල්ව අදාළ කළොත්, දුක් ගාවිනා හමුවේ කිසි මනුෂ්‍යයෙකු දෙවිට ප්‍රේම කොට ඔහුට පක්ෂව නොසිටින බවයි සාතන් අඟවමින් සිටියේ. [my 26; මැවුම්කරු 10 පරි. 173 පි. 3 ඡේ.]
35. කොතරම් රහසිගතව කළත්, ඕනෑම ආකාරයක අපිරිසිදු ලිංගික හැසිරීමක් දෙවිගේ නෙත්වලින් සැඟවිය නොහැක. [w00 7/15 31 පි. 3 ඡේ.]