2003 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2003දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීම සඳහා අනුගමනය කරන විධිවිධානය මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) [bi12], මුරටැඹ [w], දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු [be], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi03-SN], මගේ බයිබල් කතන්දර පොත [my] සහ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් [td].
පාසැල නියමිත වේලාවට ඇරඹිය යුතුය. මුලින්ම ගීතිකාව ගායනා කර යාච්ඤා කළායින් පසු, සියලුදෙනාවම පාසැල සඳහා පිළිගෙන මතු දැක්වෙන ආකාරයට පාසැල පැවැත්විය යුතුය.
කථික ගුණාංගය: විනාඩි 5යි. සේවා පාසැල් පාඩම් පොත පදනම් කරගත් කථික ගුණාංගයක් පාසැල් අවේක්ෂක, සහායක උපදේශක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු විසින් සාකච්ඡා කෙරේ. (වැඩිමහල්ලන් සීමිත සංඛ්‍යාවක් සිටින සභාවල සුදුසුකම් ලත් සභා සේවකයෙකුව යොදාගත හැක.) විශේෂයෙන්ම යම් මඟ පෙන්වීමක් ලැබෙන අවස්ථාවලදී හැර, අනික් අවස්ථාවලදී පැවරුමට අයත් පිටුවල දක්නට ඇති කොටු මෙම සාකච්ඡාවලට ඇතුළත් කළ යුතුය. අභ්‍යාස ඇතුළත් කරන්නේ නැත. මෙම අභ්‍යාස ප්‍රධාන ලෙස පිළියෙළ කර ඇත්තේ පෞද්ගලික භාවිතය සඳහා හා පෞද්ගලික මට්ටමින් උපදෙස් සැපයීම සඳහාය.
පැවරුම් අංක 1: විනාඩි 10යි. මෙම කොටස හසුරුවනු ලබන්නේ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසිනි. එය මුරටැඹ, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු හෝ “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය නමැති මූලාශ්‍ර මත පදනම් විය යුතුය. මෙම කොටස ඉදිරිපත් කළ යුත්තේ විනාඩි දහයකට සීමා වූ උපදෙස් කතාවක් ලෙසය. පුනරීක්ෂණයක් වශයෙන් සබයෙන් පිළිතුරු ලබාගන්නේ නැත. මෙහි පරමාර්ථය විය යුත්තේ නිකම්ම සඳහන්ව ඇති තොරතුරු පියවීම නොවේ. සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකමට අවධානය දිය යුතුය. සභාවේ සාමාජිකයන්ට විශේෂයෙන්ම උපකාරවත් වන කරුණු උලුප්පා දැක්විය යුතුය. භාවිත කළ යුත්තේ වැඩසටහනේ සඳහන්ව ඇති තේමාවයි. මෙම කතාව දීමේ පැවරුම ලබන සහෝදරයන් නියමිත කාලය තුළ එය ඉදිරිපත් කර අවසන් කිරීම බලාපොරොත්තු වේ. අවශ්‍යතාව පැනනඟින විට පෞද්ගලික උපදෙස් දිය හැකිය.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි 6යේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු අදාළ තොරතුරු සභා අවශ්‍යතාවලට අනුව බලපෑමෙන් යුතුව අදාළ කළ යුතුය. පැවරුම් අංක දෙක ඉදිරිපත් කරන සහෝදරයා තමන් කියවන ඡේද ගැන අදහස් නොදක්වන නිසා, සතියට නියමිත බයිබල් කියවීමේ ඕනෑම කොටසක් ගැන අදහස් දැක්වීමට පුළුවන. මෙය නියමිත කියවීමේ සාරාංශයක් විතරක්ම නොවේ. මෙහිදී කථිකයාගේ පරමාර්ථය වන්නේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ කෙසේද යන්න අගය කිරීමට සබයට උපකාර කිරීමය. ඊළඟ විනාඩි සතර තුළදී සබයට මතු දැක්වෙන ප්‍රශ්න දෙක පදනම් කරගෙන කෙටි අදහස් (තත්පර 30කට හෝ ඊට අඩුවෙන්) දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. එම ප්‍රශ්න නම්, “මෙම සතියට නියමිත බයිබල් කියවීමෙන් ඔබට සොයාගත හැකි වූයේ ඔබේ දේවසේවයට හෝ ජීවිතයට ප්‍රයෝජනවත් වන කවර තොරතුරුද?” සහ “ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට හා යෙහෝවා සඳහා ඔබේ අගය ගොඩනැංවීමට ඉවහල් වූයේ කවර තොරතුරුද?” අනතුරුව පාසැල් අවේක්ෂක වෙනත් පංති කාමරවල පැවරුම් ලැබ සිටින ශිෂ්‍යයන්ට එම පාසැල්වලට සහභාගි වන ලෙස ආරාධනා කරයි.
පැවරුම් අංක 2: විනාඩි 4යි. මෙය සහෝදරයෙකු විසින් කළ යුතු කියවීමකි. සාමාන්‍යයෙන් එම කියවීමට භාවිත කරන්නේ බයිබලයයි. මෙම කියවීම සඳහා මසකට වරක් මුරටැඹ සඟරාවේ කොටසක් භාවිත කෙරේ. ශිෂ්‍යයා විසින් නියමිත කොටස හැඳින්වීමක් හෝ අවසානයක් නොමැතිව කියවිය යුතු වේ. සතියක් සතියක් පාසා කියවිය යුතු කොටසේ ප්‍රමාණයේ යම් වෙනසක් තිබිය හැකි වුවත්, එය විනාඩි සතරකින් හෝ ඊට අඩු වේලාවකින් පියවිය හැකිය. පැවරුම කාටද භාර දෙන්නේ යන්න තීරණය කිරීමට පෙර පාසැල් අවේක්ෂක කියවිය යුතු කොටස පරීක්ෂා කර බැලිය යුතුය. එවිට ශිෂ්‍යයාගේ වයස සහ හැකියාවට එකඟ කොටසක් පැවරිය හැකි වේ. පාසැල් අවේක්ෂකගේ පරම ඉලක්කය වන්නේ අර්ථවත් ලෙස, චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දවමින්, හඬ පාලනය කරමින්, යෝග්‍ය විරාම යොදමින් සහ ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීමය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙම පැවරුම ලබන්නේ සහෝදරියකි. සේවා පාසැල් පාඩම් පොතේ 82වන පිටුවෙහි දක්නට ලැබෙන ලැයිස්තුවෙන් පසුබිමක් පෞද්ගලිකව තෝරාගැනීමට පැවරුම ලබන ශිෂ්‍යාවට අවස්ථාව ලැබිය හැක. එසේ නැතහොත් එම පසුබිම අවේක්ෂක විසින් තෝරා දීමටද ඉඩ කඩ ඇත. ශිෂ්‍යාව පවරා ඇති තේමාව භාවිත කළ යුතු අතර, සභාවේ ක්ෂේත්‍ර සේවා බලප්‍රදේශයට අදාළ වන පරිදි ප්‍රායෝගික මෙන්ම ස්වාභාවික ආකාරයකින් එය ඉදිරිපත් කළ යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යාව විසින් එක්රැස් කරගත යුත්තේ විශ්වාසවන්ත නුවණැති දාසයා විසින් සපයන ලද ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. නවක ශිෂ්‍යයන්ට යොමු සටහන් සපයා ඇති කොටස් පැවරිය යුතුය. පාසැල් අවේක්ෂකගේ වැඩි අවධානය යොමු වන්නේ ශිෂ්‍යාව තොරතුරු ගොඩනඟන ආකාරයට හා ශුද්ධ ලියවිලි ගැන තර්කානුකූලව සිතා බැලීමටත්, ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කරුණු තේරුම්ගැනීමටත් නිවැසියාට උපකාර කරන ආකාරය වෙතටය. මෙම කොටස පැවරුමක් ලෙස ලබන ශිෂ්‍යාවන් කියවීමට හැකි අය විය යුතුය. පාසැල් අවේක්ෂක එක සහයකයෙකු එම පැවරුම සඳහා නම් කරයි. මගේ බයිබල් කතන්දර පොත භාවිත කරන අවස්ථාවන්හිදී ශිෂ්‍යාව විසින් තේමාවක් තෝරාගත යුතු වේ.
පැවරුම් අංක 4: විනාඩි 5යි. ශිෂ්‍යයා විසින් පවරන ලද තේමාව ගොඩනැඟිය යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යයා විසින් එක්රැස් කරගත යුත්තේ විශ්වාස නුවණැති දාසයා විසින් සපයන ලද ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට, ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන එය කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. සහෝදරියක මෙම කොටස ඉදිරිපත් කරන විට, එය සෑම විටකම ඉදිරිපත් කළ යුතු වන්නේ පැවරුම් අංක 3හි දක්වා ඇති ආකාරයටය. යම් විෂයක් අසල තරුවක් දක්වා ඇත්නම්, ඒවා කතා වශයෙන් සහෝදරයන්ට පමණක් පැවරිය යුතු බව කරුණාවෙන් සලකන්න.
ගත කළ යුතු වේලාව: කිසිම කතාවක් නියමිත වේලාව ඉක්මවා නොයා යුතුය. උපදේශක ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. අංක 2 සිට 4 දක්වා පැවරුම් නියමිත කාලය ඉක්මවා යන විට, ඒවා උපායශීලීව නතර කළ යුතු වේ. කථික ගුණාංගයක් පිළිබඳ ප්රාරම්භක කතාව, පැවරුම් අංක 1 හෝ බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුය. සියලුදෙනාම තමන්ට පවරා ඇති නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. ගීතිකාව හා යාච්ඤාව හැර මුළු වැඩසටහන විනාඩි 45කට සීමා වේ.
උපදෙස්: විනාඩියයි. සෑම ශිෂ්‍ය පැවරුමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කතාවේ පැසසිය යුතු යම් අංගයක් ගැන ඒකාන්ත නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට පාසැල් අවේක්ෂක එක විනාඩියකට නොවැඩි වේලාවක් ගනියි. ඔහුගේ ඉලක්කය වන්නේ නිකම්ම “කතාව හොඳයි” කියා කීම නොවේ. එම ඉදිරිපත් කිරීම සාර්ථක වූයේ මන්දැයි පෙන්වීමට ඔහු විශේෂිත කරුණු ගෙනහැර දැක්විය යුතුය. සෑම ශිෂ්‍යයෙකුගේම තත්වය සුවිශේෂ නිසා, එක් එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක පෞද්ගලිකව ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අමතර උපදෙස් දිය හැක.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටී නම්, අමතර අවේක්ෂක නමැති පැවරුම ඉටු කිරීම සඳහා එවන් කෙනෙකුව වැඩිමහල් මණ්ඩලය විසින් තෝරාගත හැකිය. පැවරුම් අංක 1 සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම්, එය ලබා දීම ඔහුගේ වගකීම වේ. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් විසින් දෙනු ලබන මෙවැනි සෑම කතාවකින් අනතුරුව ඔහු උපදෙස් ලබා දිය යුතුමයි යන්න මින් අදහස් නොකෙරේ. මෙම විධිවිධානය 2003 වසරේදී ක්‍රියාත්මක වන අතර, පසුව යම් සකස් වීමක් කිරීමට ඉඩ කඩ ඇත.
උපදෙස් පත්‍රය: පාඩම් පොතෙහි ඇත.
වාචික පුනරීක්ෂණය: විනාඩි 30යි. සෑම මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක විසින් වාචික පුනරීක්ෂණයක් මෙහෙයවනු ලැබේ. ඊට පෙරාතුව කථික ගුණාංගයක් සලකා බලනු ලබන අතර, ඉහත දක්වා ඇති පරිද්දෙන් බයිබල් කියවීමෙන් විශේෂාංගද ඉදිරිපත් කෙරේ. වාචික පුනරීක්ෂණය පදනම් වන්නේ පසුගිය මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරුතුරු මතය. පුනරීක්ෂණය පවත්වන සතියේ දීමට නියමිත කතාවල තොරතුරුද ඊට ඇතුළත් වේ.
වැඩසටහන
ජන. 6 බයිබල් කියවීම: මතෙව් 1-6 ගීතිකා අංක 91
කථික ගුණාංගය: දිව්‍යාණ්ඩු සේවා පාසැලට සාදරයෙන් පිළිගනිමු (be 5 පි. ¶1–8 පි. ¶1)
අංක 1: දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න (be 9 පි. ¶1–10 පි. ¶1)
අංක 2: මතෙව් 4:1-22
අංක 3: my 50වන කතන්දරය
අංක 4: අදදින යේසුස් කුමක් කරමින් සිටීද?
ජන. 13 බයිබල් කියවීම: මතෙව් 7-11 ගීතිකා අංක 40
කථික ගුණාංගය: දිනපතා බයිබලය කියවන්න (be 10 පි.¶2−12 පි. ¶4)
අංක 1: “ඔබත් දිනන පිණිස දුවන්න” (w01 1/1 28-31 පි.)
අංක 2: මතෙව් 9:9-31
අංක 3: අප අන්‍යයන්ට දේශනා කිරීමට හේතු
අංක 4: my 51වන කතන්දරය
ජන. 20 බයිබල් කියවීම: මතෙව් 12-15 ගීතිකා අංක 133
කථික ගුණාංගය: නිවැරදි කියවීම (be 83 පි. ¶1-5)
අංක 1: අධෛර්යය වීම් මැද නොසැලී සිටිය හැකියි! (w01 2/1 20-3 පි.)
අංක 2: මතෙව් 13:1-23
අංක 3: my 52වන කතන්දරය
අංක 4: දෙවි වෙනස් වනසුලු කෙනෙක්ද?
ජන. 27 බයිබල් කියවීම: මතෙව් 16-21 ගීතිකා අංක 129
කථික ගුණාංගය: නිවැරදිව කියවන අන්දම (be 84 පි. ¶1–85 පි. ¶3)
අංක 1: මොහොතකට පවතින, සැණෙකින් පහව යන කාලය (bsi03 පාඩම් අංක 2 ¶1-6 ඡේ.)
අංක 2: w01 1/15 20 පි. ¶20–21 පි. ¶24
අංක 3: එක්සත් ලෝකයක් බිහි කිරීමට කුමක් ඉවහල් වේද?
අංක 4: my 53වන කතන්දරය
පෙබ. 3 බයිබල් කියවීම: මතෙව් 22-25 ගීතිකා අංක 139
කථික ගුණාංගය: වචන පැහැදිලිව ශබ්ද කිරීම (be 86 පි. ¶1-6)
අංක 1: ‘අසන්නේ කෙසේද කියා බලාගන්න’ (be 13 පි. ¶1–14 පි. ¶4)
අංක 2: මතෙව් 22:15-40
අංක 3: my 52වන කතන්දරය
අංක 4: ඇත්තෙන්ම විශ්වාසවන්ත නුවණැති දාසයා කියන්නේ කාටද?
පෙබ. 10 බයිබල් කියවීම: මතෙව්26-28 ගීතිකා අංක 27
කථික ගුණාංගය: පැහැදිලිව කතා කරන ආකාරය (be 87 පි. ¶1–88 පි. ¶3)
අංක 1: සැබෑ සතුටට මඟ (w01 3/1 4-7 පි.)
අංක 2: මතෙව් 26:6-30
අංක 3: මා මත්ද්‍රව්‍ය නොගැනීමට හේතුව
අංක 4: my 54වන කතන්දරය
පෙබ. 17 බයිබල් කියවීම: මාර්ක් 1-4 ගීතිකා අංක 137
කථික ගුණාංගය: නිවැරදි උච්චාරණය—සලකා බැලිය යුතු සාධක (be 89 පි. ¶1–90 පි. ¶2)
අංක 1: බයිබලයේ කාලය මැනීමට භාවිත කරන මිනුම් (bsi03 පාඩම් අංක 2 ¶7-13 ඡේ.)
අංක 2: w01 2/15 25 පි. ¶10–26 පි. ¶14
අංක 3: my 55වන කතන්දරය
අංක 4: සූදුවේ නියැලීම වරදක් වීමට හේතුව
පෙබ. 24 බයිබල් කියවීම: මාර්ක් 5-8 ගීතිකා අංක 72
කථික ගුණාංගය: උච්චාරණය දියුණු කළ හැකි ආකාර (be 90 පි. ¶3–92 පි.)
වාචික පුනරීක්ෂණය
මාර්තු 3 බයිබල් කියවීම: මාර්ක් 9-12 ගීතිකා අංක 195
කථික ගුණාංගය: චතුර කථිකත්වය (be 93 පි. ¶1–94 පි. ¶3)
අංක 1: කතාවලට, සාකච්ඡාවන් අතරතුරේදී, එක්රැස්වීම් සහ සමුළුවලදී සවන් දීම (be 15 පි. ¶1–16 පි ¶5)
අංක 2: මාර්ක් 10:1-22
අංක 3: අපට දෙවිගේ බලය කෙරෙහි රඳා සිටිය හැකි අයුරු
අංක 4: my 56වන කතන්දරය
මාර්තු 10 බයිබල් කියවීම: මාර්ක් 13-16 ගීතිකා අංක 187
කථික ගුණාංගය: චතුරත්වය දියුණු කළ හැකි අයුරු (be 94 පි. ¶4–96 පි. ¶3, 95 පිටුවේ කොටුව නැතුව)
අංක 1: ආත්මික පාරාදීසය හඳුනාගනිමු (w01 3/1 8-11 පි.)
අංක 2: මාර්ක් 13:1-23
අංක 3: my 57වන කතන්දරය
අංක 4: දෙවි මිනිස් යුද්ධවලදී පැති ගන්නවාද?
මාර්තු 17 බයිබල් කියවීම: ලූක් 1-3 ගීතිකා අංක 13
කථික ගුණාංගය: ගොතගැසීමේ ප්‍රශ්නයට මුහුණ දීම (be 95 පිටුවේ කොටුව)
අංක 1: ‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’ (w01 3/15 25-8 පි.)
අංක 2: ලූක් 3:1-22
අංක 3: යේසුස්ට නමස්කාර කිරීම සුදුසුද?
අංක 4: aක්‍රිස්තියානීන් “ස්වාමීන් තුළ” පමණක් විවාහ විය යුතුද? (td 38ඈ)
මාර්තු 24 බයිබල් කියවීම: ලූක් 4-6 ගීතිකා අංක 156
කථික ගුණාංගය: විරාම ලකුණු සඳහාත් අදහස වෙනස් වන විටත් විරාම යෙදීම (be 97 පි.¶1–98 පි. ¶5)
අංක 1: යමෙක් ඔබව වරදවා වටහාගෙන ඇත්නම් . . . (w01 4/1 20-3 පි.)
අංක 2: ලූක් 6:1-23
අංක 3: my 58වන කතන්දරය
අංක 4: ක්‍රිස්තියානීන්ට දිව්‍ය රැකවරණය බලාපොරොත්තු විය හැකිද?
මාර්තු 31 බයිබල් කියවීම: ලූක් 7-9 ගීතිකා අංක 47
කථික ගුණාංගය: අවධාරණය සඳහා විරාම යෙදීම, සවන් දීම සඳහා විරාම යෙදීම (be 98 පි. ¶6–100 පි. ¶4)
අංක 1: ‘සැබෑ දෙවිට භය වී ඔහුගේ ආඥා පවත්වන්න’ (be 272 පි. ¶1–275 පි. ¶3)
අංක 2: w01 3/15 18 පි. ¶17–19 පි. ¶20
අංක 3: බයිබලය දෙවිගෙන් ලැබී ඇති බව අප දන්නා අයුරු
අංක 4: my 59වන කතන්දරය
අප්‍රි. 7 බයිබල් කියවීම: ලූක් 10-12 ගීතිකා අංක 68
කථික ගුණාංගය: අර්ථය නිසි ලෙස කාවැද්දීම (be 101 පි. ¶1–102 පි. ¶3)
අංක 1: ‘යේසුස් ගැන සාක්ෂි දැරීම’ (be 275 ¶4–278 පි. ¶4)
අංක 2: ලූක් 10:1-22
අංක 3: my 60වන කතන්දරය
අංක 4: my 61වන කතන්දරය
අප්‍රි. 14 බයිබල් කියවීම: ලූක් 13-17 ගීතිකා අංක 208
කථික ගුණාංගය: අර්ථය කාවැද්දීම දියුණු කරගැනීම (be 102 පි. ¶4–104 පි. ¶4)
අංක 1: “රාජ්‍යයේ මේ ශුභාරංචිය” (be 279 පි. ¶1–281 පි. ¶4)
අංක 2: ලූක් 15:11-32
අංක 3: සාතන්ගේ බලපෑම්වලින් අපවම ආරක්ෂා කරගත හැකි අන්දම
අංක 4: my 62වන කතන්දරය
අප්‍රි. 21 බයිබල් කියවීම: ලූක් 18-21 ගීතිකා අංක 23
කථික ගුණාංගය: ප්‍රධාන අදහස් අවධාරණය කිරීම (be 105 පි. ¶1–p. 106 ¶1)
අංක 1: යෙහෝවා ප්‍රඥාවෙන් හා ප්‍රේමයෙන් සපයා ඇති ඍතු (bsi03 පාඩම් අංක 2 ¶14-17)
අංක 2: w01 4/15 6 පි. ¶19–7 පි. ¶22
අංක 3: නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපගේ ජීවිතවලට බලපාන අයුරු
අංක 4: bබයිබලය බහු භාර්යා සේවනයට ඉඩ දෙනවාද? (td 38ඉ)
අප්‍රි. 28 බයිබල් කියවීම: ලූක් 22-24 ගීතිකා අංක 218
කථික ගුණාංගය: සබයට සුදුසු ශබ්දය (be 107 පි.¶1–108 පි. ¶4)
වාචික පුනරීක්ෂණය
මැයි 5 බයිබල් කියවීම: යොහන් 1-4 ගීතිකා අංක 31
කථික ගුණාංගය: ඔබේ ශබ්දය දියුණු කරගැනීමට ඔබට හැකි අයුරු (be 108 පි. ¶5-110 පි. ¶2)
අංක 1: ඔබේ මතකය දියුණු කිරීමට ඔබට හැක (be 17 පි. ¶1–19 පි. ¶2)
අංක 2: යොහන් 2:1-25
අංක 3: දෙවි මත්පැන් භාවිතය හෙළා දකිනවාද?
අංක 4: cවිවාහ කලත්‍රයන් වෙන්වීම පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය කුමක්ද? (td 38අ)
මැයි 12 බයිබල් කියවීම: යොහන් 5-7 ගීතිකා අංක 150
කථික ගුණාංගය: හඬ පාලනය—ඔබේ ශබ්දය සකස් කරගන්න (be 111 පි. ¶1–112 පි. ¶2)
අංක 1: ළමා වියේ කටුක අද්දැකීම් ජීවිතය ජයගැනීමට බාධාවක් නොවෙයි (w01 4/15 25-8 පි.)
අංක 2: යොහන් 5:1-24
අංක 3: දෛවය පදනමක් නැති මූලධර්මයක් වීමට හේතු
අංක 4: dපවුල තුළ මූලිකත්වයට ගරු කිරීම සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය කුමක්ද? (td 38ආ)
මැයි 19 බයිබල් කියවීම: යොහන් 8-11 ගීතිකා අංක 102
කථික ගුණාංගය: හඬ පාලනය—කතා කරන වේගය වෙනස් කරන්න (be 112 පි. ¶3-6)
අංක 1: ‘ප්‍රඥාව අපගේ දවස් වැඩි කරවයි’ (w01 5/15 28-31 පි.)
අංක 2: යොහන් 10:16-42
අංක 3: my 63වන කතන්දරය
අංක 4: මානසික පීඩනයට මුහුණ දිය හැකි අයුරු
මැයි 26 බයිබල් කියවීම: යොහන් 12-16 ගීතිකා අංක 24
කථික ගුණාංගය: හඬ පාලනය—ඔබේ කටහඬේ තාරතාව වෙනස් කරන්න (be 113 පි. ¶1-114 පි. ¶3)
අංක 1: ශුද්ධ ලියවිල්ලෙහි වර්ෂය යන්න යොදා ඇති අන්දම (bsi03 පාඩම් අංක 2 ¶18-23)
අංක 2: w01 5/1 14 පි. ¶4–15 පි. ¶7
අංක 3: ‘ලෝකයේ කොටසක් නොවීම’ යන්නෙන් අදහස් කරන දේ
අංක 4: my 64වන කතන්දරය
ජූනි 2 බයිබල් කියවීම: යොහන් 17-21 ගීතිකා අංක 198
කථික ගුණාංගය: හැඟීමකින් යුතුව කතා කරන්න (be 115 පි. ¶1–116 පි. ¶4)
අංක 1: දේවල් සිහියට නඟාගැනීමේදී දෙවිගේ ශුද්ධාත්මයෙන් ඉටු වන කාර්යභාරය (be 19 පි.¶3–20 පි. ¶3)
අංක 2: යොහන් 20:1-23
අංක 3: my 65වන කතන්දරය
අංක 4: ආගමක් සංවිධානයක් ලෙස ක්‍රියාත්මක විය යුතුද?
ජූනි 9 බයිබල් කියවීම: ක්‍රියා 1-4 ගීතිකා අංක 92
කථික ගුණාංගය: තොරතුරුවලට ඔබිනා උද්යෝගයක් (be 116 පි. ¶5–117 පි. ¶4)
අංක 1: යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද? (w01 6/1 7-10 පි.)
අංක 2: ක්‍රියා 4:1-22
අංක 3: my 66වන කතන්දරය
අංක 4: අප නමස්කාර කරන ආකාරය පිළිබඳව දෙවි සැලකිලිමත් වෙනවාද?
ජූනි 16 බයිබල් කියවීම: ක්‍රියා 5-7 ගීතිකා අංක 2
කථික ගුණාංගය: උණුසුම්භාවය පළ කිරීම (be 118 පි. ¶1-119 පි. ¶5)
අංක 1: වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක (w01 6/1 28-31 පි.)
අංක 2: ක්‍රියා 7:1-22
අංක 3: යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනික් ආගම්වලට වඩා වෙනස් වන අයුරු
අංක 4: my 67වන කතන්දරය
ජූනි 23 බයිබල් කියවීම: ක්‍රියා 8-10 ගීතිකා අංක 116
කථික ගුණාංගය: චිත්තවේගයන් පළ කිරීම (be 119 පි. ¶6-120 පි. ¶5)
අංක 1: මවුපියන් නැති දරුවන්වද වැන්දඹු ස්ත්‍රීන්වද ඔවුන්ගේ විපත්තියේදී බලාගන්න (w01 6/15 9-12 පි.)
අංක 2: w01 6/1 12 පි. ¶1–13 පි. ¶5
අංක 3: my 68වන කතන්දරය
අංක 4: eආත්මික වර්ධනය සඳහා රැස්වීම්වලට පැමිණීම වැදගත් වීමට හේතු
ජූනි 30 බයිබල් කියවීම: ක්‍රියා 11-14 ගීතිකා අංක 167
කථික ගුණාංගය: අභිනයේ සහ මුහුණේ ඉරියව්වල ඇති වැදගත්කම (be 121 පි. ¶1-4)
වාචික පුනරීක්ෂණය
ජූලි 7 බයිබල් කියවීම: ක්‍රියා 15-17 ගීතිකා අංක 38
කථික ගුණාංගය: අභිනය සහ මුහුණේ ඉරියව් යොදාගැනීම (be 122 පි. ¶1-123 පි. ¶2)
අංක 1: ඔබේ කියවීමට අවධානය යොමු කළ යුතු හේතු (be 21 පි. ¶1-23 පි. ¶3)
අංක 2: ක්‍රියා 15:1-21
අංක 3: අපට යෙහෝවාගේ පරමාධිපත්‍යයට සහයෝගය දැක්විය හැකි අන්දම
අංක 4: my 69වන කතන්දරය
ජූලි 14 බයිබල් කියවීම: ක්‍රියා 18-21 ගීතිකා අංක 32
කථික ගුණාංගය: දේවසේවයේදී දෘෂ්ටි සම්බන්ධය (be 124 පි. ¶1-125 පි. ¶3)
අංක 1: ඔබේ ඇදහිල්ල බිඳ දැමීමට සැකයන්ට ඉඩ නොදෙන්න (w01 7/1 18-21 පි.)
අංක 2: ක්‍රියා 19:1-22
අංක 3: my 70වන කතන්දරය
අංක 4: ‘පළමුකොට රාජ්‍යය සොයන්න’ කීමෙන් අදහස් කරන දේ
ජූලි 21 බයිබල් කියවීම: ක්‍රියා 22-25 ගීතිකා අංක 222
කථික ගුණාංගය: කතාවක් දෙන විටදී දෘෂ්ටි සම්බන්ධය (be 125 පි. ¶4-127 පි. ¶1)
අංක 1: ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද? (w01 7/15 21-3 පි.)
අංක 2: ක්‍රියා 24:1-23
අංක 3: යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?
අංක 4: my 71වන කතන්දරය
ජූලි 28 බයිබල් කියවීම: ක්‍රියා 26-28 ගීතිකා අංක 14
කථික ගුණාංගය: ක්ෂේත්‍ර සේවයේදී ස්වාභාවික ගතිය (be 128 පි. ¶1-129 පි. ¶1)
අංක 1: ශුන්‍ය වසරක් නැත (bsi03 පාඩම් අංක 2 ¶24-6)
අංක 2: w01 7/1 14 පි. ¶5-8
අංක 3: my 72වන කතන්දරය
අංක 4: ජීවිතය නමැති ත්‍යාගය අගය කරන බව අපට පෙන්විය හැකි අයුරු
අගෝ. 4 බයිබල් කියවීම: රෝම 1-4 ගීතිකා අංක 106
කථික ගුණාංගය: වේදිකාවේදී ස්වාභාවික ගතිය (be 129 පි. ¶2-130 පි. ¶1)
අංක 1: ඔබේ කියවීමට අවධානය යොමු කළ හැකි අයුරු (be 23 පි. ¶4-26 පි. ¶5)
අංක 2: රෝම 2:1-24
අංක 3: ඔබ මීට කලින් ජීවත් වී තිබෙනවාද?
අංක 4: my 73වන කතන්දරය
අගෝ. 11 බයිබල් කියවීම: රෝම 5-8 ගීතිකා අංක 179
කථික ගුණාංගය: ප්‍රසිද්ධියේ කියවන විට ස්වාභාවික ගතිය (be 130 පි. ¶2-4)
අංක 1: ‘ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයන්ටය’ (w01 7/15 24-7 පි.)
අංක 2: රෝම 5:6-20
අංක 3: my 74වන කතන්දරය
අංක 4: ඔබ පුනරුත්පත්තිය විශ්වාස කළ යුතුද?
අගෝ. 18 බයිබල් කියවීම: රෝම 9-12 ගීතිකා අංක 206
කථික ගුණාංගය: පෞද්ගලික පිරිසිදුකම තුළින් පණිවිඩය අලංකාර කෙරේ (be 131 පි. ¶1-3)
අංක 1: ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද? (w01 8/1 19-22 පි.)
අංක 2: w01 8/15 22 පි. ¶10-13
අංක 3: මිනිසුන් බයිබලය වෙනස් කර තිබේද?
අංක 4: my 75වන කතන්දරය
අගෝ. 25 බයිබල් කියවීම: රෝම 13-16 ගීතිකා අංක 43
කථික ගුණාංගය: විනීතකම හා සිහිබුද්ධිය, කෙනෙකු අඳින පළඳින ආකාරය කෙරෙහි ඇති කරන බලපෑම (be 131 පි. ¶4-132 පි. ¶3)
වාචික පුනරීක්ෂණය
සැප්. 1 බයිබල් කියවීම: 1 කොරින්ති 1-9 ගීතිකා අංක 48
කථික ගුණාංගය: මනා පිළිවෙළකින් යුත් ඇඳුම්වල ඇති වටිනාකම (be 132 පි. ¶4-133 පි. ¶1)
අංක 1: අධ්‍යයනය කළ යුතු ආකාරය (be 27 පි. ¶1-31 පි. ¶2)
අංක 2: 1 කොරින්ති 3:1-23
අංක 3: my 76වන කතන්දරය
අංක 4: දුප්පත්කම නිසා සොරකම් කිරීම සාධාරණද?
සැප්. 8 බයිබල් කියවීම: 1 කොරින්ති 10-16 ගීතිකා අංක 123
කථික ගුණාංගය: මනා පෞද්ගලික පෙනුම කිසි සේත් පැකිළීමට තුඩු දෙන්නේ නැත (be 133 පි. ¶2-4)
අංක 1: ආත්මික ප්‍රගතියට එල්ල වන බාධකවලින් ජයගනිමු! (w01 8/1 28-30 පි.)
අංක 2: 1 කොරින්ති 12:1-26
අංක 3: දෙවි දුෂ්ට දේවල් සිදුවීමට ඉඩහරින්නේ මන්ද?
අංක 4: my 77වන කතන්දරය
සැප්. 15 බයිබල් කියවීම: 2 කොරින්ති 1-7 ගීතිකා අංක 16
කථික ගුණාංගය: නිසි ඉරියව්ව සහ භාවිත කරන දේ පිළිවෙළකට තබාගැනීම (be 134 පි. ¶1-5)
අංක 1: තුරුණු වියේ සාර්ථකත්වයට අත්වැලක් (w01 8/15 4-7 පි.)
අංක 2: 2 කොරින්ති 6:1-7:1
අංක 3: my 78වන කතන්දරය
අංක 4: පොළොව දූෂණය වී තිබීම දෙවිගේ සැලකිල්ලට බඳුන් වෙනවාද?
සැප්. 22 බයිබල් කියවීම: 2 කොරින්ති 8-13 ගීතිකා අංක 207
කථික ගුණාංගය: කතා දෙන විට ඇති වන කාන්සාව අඩු කරගත හැකි අන්දම (be 135 පි. ¶1-137 පි. ¶2)
අංක 1: බුද්ධිමත් තීරණයක් ගැනීමේදී . . . (w01 9/1 27-30 පි.)
අංක 2: 2 කොරින්ති 8:1-21
අංක 3: මරණයෙන් පසු ආත්මයට කුමක් සිදු වේද?
අංක 4: my 79වන කතන්දරය
සැප්. 29 බයිබල් කියවීම: ගලාති 1-6 ගීතිකා අංක 163
කථික ගුණාංගය: තැන්පත් ස්වභාවයක් ඇති කරගත හැකි අන්දම (be 137 පි. ¶3-138 පි. ¶5)
අංක 1: කේන්ද්‍රීය දිනවල අතිශය වැදගත්කම (bsi03 පාඩම් අංක 2 ¶27-30)
අංක 2: w01 9/1 15 පි. ¶8–17 පි. ¶11
අංක 3: my 80වන කතන්දරය
අංක 4: දේවරාජ්‍යය පාලනය කරන බව අප දන්නා අයුරු
ඔක්. 6 බයිබල් කියවීම: එපීස 1-6 ගීතිකා අංක 99
කථික ගුණාංගය: ශබ්ද විකාශනයේ ඇති වැදගත්කම (be 139 පි. ¶1-140 පි. ¶1)
අංක 1: අධ්‍යයනය මහඟු ඵලවිපාක ලබා දෙයි (be 31 පි. ¶3-32 පි. ¶4)
අංක 2: එපීස 2:1-22
අංක 3: දෙවි කෙරෙහි විශ්වාසය තැබීම යථාර්ථවාදී දෙයකි
අංක 4: my 81වන කතන්දරය
ඔක්. 13 බයිබල් කියවීම: පිලි. 1–කොලො. 4 ගීතිකා අංක 105
කථික ගුණාංගය: මයික්‍රෝෆෝනය හොඳින් භාවිත කරන්න (be 140 පි. ¶2-142 පි. ¶2)
අංක 1: ‘ඇද නැති මාර්ගයක’ ගමන් කරන්න (w01 9/15 24-8 පි.)
අංක 2: පිලිප්පි 2:1-24
අංක 3: my 82වන කතන්දරය
අංක 4: යෙහෝවා අදදින අපෙන් ඉල්ලන්නේ කුමක්ද?
ඔක්. 20 බයිබල් කියවීම: 1 තෙස. 1–2 තෙස. 3 ගීතිකා අංක 145
කථික ගුණාංගය: පිළිතුරු දෙන විට බයිබලය භාවිත කිරීම (be 143 පි. ¶1-3)
අංක 1: කාලය පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටිය (bsi03 පාඩම් අංක 2 ¶31-3)
අංක 2: w01 10/15 23 පි. ¶6–24 පි. ¶9
අංක 3: ස්වර්ගයට යන්නේ කවුරුන්ද?
අංක 4: my 83වන කතන්දරය
ඔක්. 27 බයිබල් කියවීම: 1 තිමෝති 1–2 තිමෝති 4 ගීතිකා අංක 46
කථික ගුණාංගය: බයිබලය භාවිත කිරීමේදී දියුණු විය හැකි අයුරු (be 144 පි. ¶1-4)
වාචික පුනරීක්ෂණය
නොවැ. 3 බයිබල් කියවීම: තීතස් 1–පිලෙමොන් ගීතිකා අංක 30
කථික ගුණාංගය: බයිබලය භාවිත කිරීමට දිරිගැන්වීම (be 145-6 පි.)
අංක 1: බයිබලය යොදාගෙන පර්යේෂණ කරන අන්දම (be 33 පි. ¶1-35 පි. ¶2)
අංක 2: පිලෙමොන් 1-25
අංක 3: පරිපූර්ණත්වය යටතේ ජීවත් වීම ඒකාකාරී වේවිද?
අංක 4: my 84වන කතන්දරය
නොවැ. 10 බයිබල් කියවීම: හෙබ්‍රෙව් 1-8 ගීතිකා අංක 149
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි බලපෑමෙන් යුක්තව හඳුන්වා දීමේ වටිනාකම (be 147 පි. ¶1-148 ¶2)
අංක 1: අභක්තික ලොවක දෙවි හා පා නැඟූ ඒනොක් (w01 9/15 29-31 පි.)
අංක 2: හෙබ්‍රෙව් 2:1-18
අංක 3: my 85වන කතන්දරය
අංක 4: නැවත නැඟිටුවනු ලබන අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලබන්නේ කෙසේද?
නොවැ. 17 බයිබල් කියවීම: හෙබ්‍රෙව් 9-13 ගීතිකා අංක 144
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි පද හඳුන්වා දීම සඳහා යෝග්‍ය අදහස් තෝරාගැනීම (be 148 පි. ¶3–149 පි. ¶2)
අංක 1: පක්ෂපාතව සිටින්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (w01 10/1 20-3 පි.)
අංක 2: හෙබ්‍රෙව් 9:11-28
අංක 3: my 86වන කතන්දරය
අංක 4: දේවභක්තික හැසිරීම පවත්වාගැනීම ප්‍රයෝජනවත් වීමට හේතු
නොවැ. 24 බයිබල් කියවීම: යාකොබ් 1-5 ගීතිකා අංක 88
කථික ගුණාංගය: නිසි අවධාරණයට හැඟීම් මුසු කළ යුතුය (be 150 පි. ¶1-2)
අංක 1: කාලය නමැති ප්රවාහයේ සිදුවීම් තක්සේරු කර බැලීම (bsi03 පාඩම් අංක 3 ¶1-4)
අංක 2: w01 11/1 12 පි. ¶15–13 පි. ¶19
අංක 3: නිහතමානීකමේ ඇති වටිනාකම
අංක 4: my 87වන කතන්දරය
දෙසැ. 1 බයිබල් කියවීම: 1 පේතෘස් 1–2 පේතෘස් 3 ගීතිකා අංක 54
කථික ගුණාංගය: නිවැරදි වචන අවධාරණය කරන්න (be 150 පි. ¶3–151 පි. ¶2)
අංක 1: පර්යේෂණ සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට ඉගෙනීම (be 35 පි. ¶3–38 පි. ¶4)
අංක 2: 1 පේතෘස් 1:1-16
අංක 3: my 88වන කතන්දරය
අංක 4: ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව අපගේ ජීවිත කෙරෙහි බලපෑ යුතු අයුරු
දෙසැ. 8 බයිබල් කියවීම: 1 යොහන් 1–යූද් ගීතිකා අංක 22
කථික ගුණාංගය: අවධාරණය කිරීමට ක්‍රම (be 151 පි. ¶3–152 පි. ¶5)
අංක 1: ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න (w01 11/1 4-7 පි.)
අංක 2: 1 යොහන් 3:1-18
අංක 3: ස්ත්රීන්ට දක්වන අගෞරවනීය සැලකිල්ල සම්බන්ධයෙන් බයිබලය වගකිව යුතු නැති බව දැක්වීමට හේතු
අංක 4: my 89වන කතන්දරය
දෙසැ. 15 බයිබල් කියවීම: එළිදරව් 1-6 ගීතිකා අංක 219
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම (be 153 පි. ¶1–154 පි. ¶3)
අංක 1: නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි (w01 11/15 28-31 පි.)
අංක 2: එළිදරව් 2:1-17
අංක 3: my 90වන කතන්දරය
අංක 4: ක්‍රිස්තියානීන් නත්තල නොපැවැත්වීමට හේතු
දෙසැ. 22 බයිබල් කියවීම: එළිදරව් 7-14 ගීතිකා අංක 6
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි අදාළ වීම පැහැදිලි කිරීම (be 154 පි. ¶4–155 පි. ¶4)
අංක 1: ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න ඔබට පුළුවන් (w01 12/1 9-13 පි.)
අංක 2: w01 12/15 17 පි. ¶10–18 පි. ¶13 (පාද සටහනද ඇතුළත්ය)
අංක 3: තුල්‍ය පීඩනයට මුහුණ දිය හැකි අයුරු
අංක 4: my 91වන කතන්දරය
දෙසැ. 29 බයිබල් කියවීම: එළිදරව් 15-22 ගීතිකා අංක 60
කථික ගුණාංගය: ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව කතා කරන්න (be 155 පි. ¶5–156 පි. ¶5)
වාචික පුනරීක්ෂණය
[Footnotes]
a සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
b සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
c සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
d සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
e සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.