දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
වර්ෂ 2002 සැප්තැම්බර් 6වනදා සිට දෙසැම්බර් 23වනදා දක්වා සතිවලදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පියවනු ලැබූ තොරතුරුවල මූලාශ්‍ර භාවිත නොකර කරනු ලබන පුනරීක්ෂණයකි. වෙන් කරන ලද කාලය තුළ ඔබට හැකි පමණ ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා වෙනම කඩදාසියක් භාවිත කරන්න. [සටහන: ලිඛිත පුනරීක්ෂණයේදී ඕනෑම ප්‍රශ්නයකට උත්තර සැපයීම සඳහා බයිබලය පමණක් භාවිත කළ හැකිය. ප්‍රශ්න සමඟ දක්වා ඇති යොමු සටහන් ඔබගේ පෞද්ගලික පර්යේෂණය සඳහාය. මුරටැඹ සඟරාවට යොමු දක්වන සෑම අවස්ථාවකදීම පිටුව සහ ඡේදය දක්වා නොතිබෙන්න පුළුවන.]
පහත සඳහන් සෑම ප්‍රකාශයක්ම සැබෑද නැත්නම් බොරුද කියා ලකුණු කරන්න.
1. යෙහෝවාගේ මවිතාකාර ගුණාංග ගැන මෙනෙහි කිරීම ඔහුට සමීප වීම සඳහා තිබෙන වැදගත් පියවරකි. (ගීතා. 143:5) [w00 10/15 4 පි. 6 ඡේ.]
2. ලී දෙකක් එක් කිරීම සම්බන්ධයෙන් එසකියෙල් 37:15-24හි සඳහනට අනුරූප වන නවීන දින සිදුවීමක් ඇත. එය නම්, වර්ෂ 1919දී විශ්වාසවන්ත ආලේප ලත් අයව “එක රජෙක්” හා “එක එඬේරෙක්” වන ක්‍රිස්තුස් යටතේ එක්සත් කර තිබීමයි. [සතිපතා බයිබල් කියවීම; wSN89 2/1 16 පි. 13 ඡේ. බලන්න.]
3. බයිබල් විවේචකයන් දානියෙල් පොතේ ඓතිහාසික නිරවද්‍යතාව ගැන සැක පහළ කර තිබුණත්, වසර ගණනාවක පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් ඔවුන්ගේ ප්‍රකාශයන් සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ වී ඇත. [bsi02 දානියෙල් 4 ඡේ.]
4. අපේ සවනට වැකෙන දේ පිළිගත් මූලාශ්‍රයකින් පැමිණෙන බව දක්නට ලැබේ නම් හෝ උසස් දැනුමක් ඇතැයි පැවසිය හැකි කෙනෙකුගෙන් ලැබේ නම්, එය වැරදියි කියා ප්‍රතික්ෂේප කිරීමට හොඳ හේතුවක් නැත. [w00 12/1 29 පි. 7-8 ඡේ.]
5. “සුළු අනාගතවක්තෘවරුන්” යන ප්‍රකාශය යොදා තිබෙන්නේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අවසාන පොත් 12 වැදගත්කමින් අඩු බව පෙන්වීමටය. [bsi02 හොෂෙයා 1 ඡේ.]
6. යූදාට සහ ඊශ්රායෙලයට අනාවැකි කීමට යෙහෝවා ආමොස්ව කැඳවා යැවූ අවස්ථාවේදී ඔහු ‘අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්රයෙක්ව’ සිටියේය. (2 රාජා. 2:3) [bsi02 ආමොස් 1 ඡේ.]
7. ඒදොම් යූදාට වෛර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒදොම් ජාතිය සහමුලින්ම විනාශ වන බව ඔබදියා 16 පවසයි. (ඔබදි. 12) [සතිපතා බයිබල් කියවීම; wSN89 7/1 28 පි. කොටුව බලන්න.]
8. දෙවි සහ ඔහුගේ අරමුණු පිළිබඳ සත්‍යය නිසියාකාරව තේරුම්ගැනීම ශෙපනියා 3:9හි පවසා ඇති ‘පවිත්‍ර භාෂාවට’ ඇතුළත් වේ. [සතිපතා බයිබල් කියවීම; w01 2/15 27 පි. 18 ඡේ. බලන්න.]
9. ගෙත්සෙමන උයනේදී යේසුස්ට මහත් වේදනාවක් දැනුණේ නින්දිත අපරාධකාරයෙක් ලෙස තමා අද්දකිනු ඇති මරණය යෙහෝවාට සහ ඔහුගේ පරිශුද්ධ නාමයට බලපාන ආකාරය ගැන ඔහු සැලකිලිමත් වූ නිසාය. (මතෙ. 26:38; ලූක් 22:44) [w00 11/15 23 පි. 1 ඡේ.]
10. සෙකරියා 9:6, 7හි විස්තර කර ඇති ආකාරයට “යූදාහි අධිපතියෙකු” බවට පත් වන ‘පිලිස්තිවරුන්’ අනාවැකිමය ලෙස විස්තර කරන්නේ වෙනත් බැටළුවන්ගේ සාමාජිකයන්වය. ඔවුන්ව පුහුණු කරනු ලබන්නේ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින්ය. (මතෙ. 24:45) [සතිපතා බයිබල් කියවීම; w95 7/1 23 පි. 14 ඡේ. බලන්න.]
මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
11. අපගේ දේශනා කිරීමේ වැඩය එසකියෙල්ගේ අනාවැකියට අනුව මුරකරුවෙකුගේ වැඩය සමඟ සැසඳිය හැක්කේ කෙසේද? (එස. 33:1-11) [සතිපතා බයිබල් කියවීම; wSN88 7/1 11 පි. 13 ඡේ. බලන්න.]
12. එසකියෙල්ගේ දර්ශනයෙහි වූ වියළි ඇටකටුවලට තිබෙන නවීන දින සමාන්තරය කුමක්ද? (එස. 37:5-10) [සතිපතා බයිබල් කියවීම; wSN89 2/1 16 පි. 12 ඡේ. බලන්න.]
13. සෙකරියා පොත දේවානුභාවයෙන් ලියූ බවට තිබෙන වඩාත්ම ඒත්තුගන්වනසුලු සාක්ෂිය කුමක්ද? [bsi02 සෙකරියා 5 ඡේ.]
14. එසකියෙල්ගේ දර්ශනයෙන් දැක්වෙන නුවරින් නියෝජනය වන්නේ කුමක්ද? (එස. 48:15-17, NW) [සතිපතා බයිබල් කියවීම; w99 3/1 18 පි. 22 ඡේ. බලන්න.]
15. කෝරා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව කැරලිගැසුවේ මන්ද? [my කතන්දර 39; w00 8/1 10-11]
16. දවස් තිහක් තුළ රජුගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත්, මනුෂ්‍යයෙකුගෙන්වත් කිසිම අයදුමක් නොකරන්න කියා පවසමින් රජු නිකුත් කළ නියෝගයට දානියෙල් දැක්වූ ප්‍රතිචාරයෙන් අපට උගත හැක්කේ කුමන පාඩමද? (දානි. 6:7-10) [සතිපතා බයිබල් කියවීම; දානියෙල් පොත (dp) 125 පි. 25-8 ඡේ. බලන්න.]
17. ඉතිරි කොටස ජාතීන් අතරේ සිටියදී සිංහයෙකු මෙන් වන්නේ යෙහෝවා පිළිබඳ කුමන පණිවිඩය ප්‍රකාශ කරන විටද? (මීකා 5:8) [සතිපතා බයිබල් කියවීම; w81 7/15 23 පි. 10 ඡේ.බලන්න.]
18. හබක්කුක් 3:14හි “ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නේය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද? [සතිපතා බයිබල් කියවීම; w00 2/1 22 පි. 15 ඡේ; w81 8/1 29 පි. 6-7 ඡේ. බලන්න.]
19. ශෙපනියා 2:3හි “සමහරවිට” යන වචනය යොදා තිබීමෙන් අඟවන්නේ කුමක්ද? [සතිපතා බයිබල් කියවීම; w01 2/15 19 පි. 8 ඡේ. බලන්න.]
20. සෙකරියා 8:6ට අනුව, මිනිසාගේ පැත්තෙන් බලන කල අසීරු යමක් මෙන් දිස් වූ යමක් 1919 සිට යෙහෝවා ඉටු කළේ කෙසේද? [සතිපතා බයිබල් කියවීම; w96 1/1 16 පි. 18-19 ඡේ. බලන්න.]
පහත සඳහන් ප්‍රකාශ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචන(ය) හෝ වාක්‍ය ඛණ්ඩය සපයන්න.
21. අප මැවුම්කරුට කතා කරන්නේ _________________________ තුළිනි. එසේ දෙවිට කතා කරද්දී, අපි නමස්කාරයේ අංගයක නිරත වන්නෙමු. ඔහු අප සමඟ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ තම _________________________ මාර්ගයෙනි. (ගීතා. 65:2; 2 තිමෝ. 3:16) [w00 10/15 5 පි. 2-3 ඡේ.]
22. අප කෙළින්ම රූපවලට නමස්කාර නොකළත්, යෙහෝවාට පිරිනැමෙන _________________________ නමස්කාරයට බාධා කිරීමට අපේම _________________________ ඉඩ දීමෙන් අපත් යම් ආකාරයක රූප වඳින්නන් බවට පත් විය හැක. [my කතන්දර 36; w01 6/15 15-16]
23. “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්ට ආඥාවක්” ලැබුණේ _________________________ දී වන අතර වර්ෂ සති 69 පටන්ගත්තේ එම වසරේදීය. එම කාලපරිච්ඡේදය අවසාන වූයේ _________________________ දී මෙසියස්ගේ පැමිණීමත් සමඟය. (දානි. 9:25) [සතිපතා බයිබල් කියවීම; දානියෙල් පොත (dp) 190 පි. 20 ඡේ.–191 පි. 22 ඡේ. බලන්න.]
24. ඉර අඳුරු වන බව පවසන යෝවෙල් 2:31හි සඳහන් යෝවෙල්ගේ අනාවැකිය, මතෙව් 24:29, 30හි තමන් මනුෂ්‍ය පුත්‍රයා වශයෙන් _________________________ යුක්තව පැමිණෙන කාලයට අදාළව _________________________ පැවසූ අනාවැකියට සමාන්තරව දිව යයි. [bsi02 යෝවෙල් 13 ඡේ.]
25. අෂූරිය සහ එහි අගනුවර වූ _________________________ පිළිබඳ _________________________ අනාවැකිය යෙහෝවාගේ යුක්තිය හා ශ්‍රේෂ්ඨත්වය ගෙනහැර දක්වන අතර ඔහු සියලු දුෂ්ටයන්ට එරෙහිව විනිශ්චයේ ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට නිසැකභාවයක්ද අප තුළ ඇති කරයි. [bsi02 නාහුම් 11 ඡේ.]
පහත දැක්වෙන එක් එක් ප්රකාශයන්හි නිවැරදි පිළිතුර තෝරන්න.
26. යෙහෝවා (ත්‍යාගශීලීව; යටහත් පහත්ව; ශුද්ධව) සිටින බව එසකියෙල්ගේ පොතෙහි අවධාරණය කෙරේ. (කෙනෙකු තම පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීම; යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීම; හොඳ අසල්වැසියෙකු වීම) අන් කිසිවකට වඩා වැදගත් වන බව එමගින් ප්‍රකාශ කරයි. [bsi02 එසකියෙල් 33 ඡේ.]
27. දානියෙල් සැබෑ පුද්ගලයෙකු බව සනාථ කරමින් එම කාල පරිච්ඡේදයේම විසූ එසකියෙල් (නෝවා සහ යෝබ්; මෝසෙස් සහ යෝෂුවා; එලියා සහ එලීෂා) සමඟ ඔහුගේ නමද සඳහන් කර ඇත. [bsi02 දානියෙල් 2 ඡේ.]
28. දානියෙල් 2:34, 35, 45ට එකඟව රූපයට පහර දී එය පොඩි කර දමන ගලෙන් නියෝජනය වන්නේ (අර්මගෙදොන්; දෙවිගේ ජනයා විසින් ප්‍රකාශ කරනු ලබන දැඩි විනිශ්චය; මෙසියානු රාජ්‍යය) වේ. [bsi02 දානියෙල් 20, 23 ඡේ.]
29. යෝවෙල් 1:4-6හි සඳහන් පළඟැටියන්ගෙන් සංකේතවත් වන්නේ (ඊශ්‍රායෙල් ජාතියවය; ආලේප ලත් ක්රිස්තියානීන්වය; රෝම හමුදාවය) (ක්‍රියා 2:1, 14-17) [සතිපතා බයිබල් කියවීම, w98 5/1 9 පි. 9 ඡේ. බලන්න.]
30. (ඊශ්‍රායෙල් ජාතිය බලවත් ජාතියක්ව සිටි බව; යෙහෝවා සැබෑ දෙවි බව; ඊශ්‍රායෙලිතයන් සමඟ එකතු වීමෙන් තමාට ආර්ථික වශයෙන් හොඳ අනාගතයක් ලැබෙන බව) රාහබ් තේරුම්ගෙන සිටි අතර, ඇය පසුව කී දේවලිනුත්, ගණිකා වෘත්තිය නවතා දැමීමෙනුත් ඇය තම ඇදහිල්ල සඳහා සාක්ෂි ඉදිරිපත් කළාය. [my කතන්දර 46; w97 11/15 15 පි.]
මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පද පහත සඳහන් ප්‍රකාශ සමඟ ගළපන්න.
හොෂෙ. 6:6, NW; යෝවෙ. 2:32; සෙක. 4:6, 7; 13:3; රෝම 12:2.
31. සංස්කෘතියට හෝ මේ ලෝකය් ක්‍රමයට අපේ සිතීමේ රටාව පාලනය කිරීමට අපි ඉඩ නොදෙමු. [w00 11/1 21 පි. 5 ඡේ.]
32. දෙවි ප්‍රසන්න වන්නේ විධිමත් වත් පිළිවෙත්වලින් යුත් පූජා රාශියක් පිළිගැනීමට නොව අප ඔහුව දැන හඳුනාගෙන ඔහුට පක්ෂපාත ප්‍රේමය පෙන්වීමටය. [සතිපතා බයිබල් කියවීම; bsi02 හොෂෙයා 16 ඡේ. බලන්න.]
33. ගැලවීම ලබාගැනීම සඳහා දිව්‍ය නාමය දැන සිටීමත්, එයට පූර්ණ ගෞරවය දැක්වීමත්, එම නාමය දරන තැනැත්තා මත මුළුමනින්ම රඳා පැවතීමත් අත්‍යවශ්‍යයි. [සතිපතා බයිබල් කියවීම; wSN89 6/1 30 පි. බලන්න.]
34. දෙවිගේ අරමුණ ඉටු වන්නේ මිනිස් බලයකින් නොවන මුත් කඳු මෙන් පෙනෙන බාධාවන් ජයගැනීමට හා ඔහුගේ සේවයෙහි නිරතව සිටීමට හැකි වන පරිදි ඔහු තම සේවකයන්ව ඔහුගේ ආත්මය මගින් ශක්තිමත් කරන නිසාය. [bsi02 සෙකරියා 2 ඡේ.]
35. යෙහෝවාගේ සංවිධානයට තිබෙන පක්ෂපාතකම ඉතා කිට්ටු ලේ ඥාතීන් අතර පවතින සබඳතා වැනි සියලු මිනිස් සම්බන්ධතා අබිබවා යයි. [bsi02 සෙකරියා 24 ඡේ.]