නිවේදන
◼ දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. විකල්ප ඉදිරිපත් කිරීමක් හැටියට මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක නමැති පොත් යොදාගත හැකියි. ජනවාරි: ඔබේ සභාවේ තිබිය හැකි 1988ට කලින් ප්‍රකාශයට පත් කරන ලද පිටු 192කින් යුත් ඕනෑම පොතක්. දෙවිව සොයා මිනිසා කරන ගවේෂණය (සිංහලෙන් නැත, sh) නමැති පොත තිබෙන සභාවන්ට පුළුවන් එය ඉදිරිපත් කරන්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරනු ලැබේ.
◼ ශ්‍රී ලංකාවේ ශාඛා කාර්යාලය 2003 මැයි 10වනදා පිරිසිදු කිරීමට තිබෙන නිසා එදිනට එය වසා තිබෙන අතර එය බැලීමට කටයුතු සලසා නැත.
◼ චාරිකා අවේක්ෂක සභාව බැහැදකින සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැල පවත්වනු ලබන ආකාරයෙහි සකස් කිරීමක් කරනු ලැබේ. ගීතිකාවකින් හා යාච්ඤාවකින් පසු පටන්ගනු ලබන පාසැල එම සතියේදී පැවැත්වෙන්නේ විනාඩි 25කට ආසන්න කාලයකි. මෙය ක්‍රියාත්මක වන්නේ වර්ෂ 2003 ජනවාරි මාසයේ පටන්ය. එදිනට ඉදිරිපත් කරනු ලබන කතාවලට ඇතුළත් වන්නේ කථික ගුණාංගයක් ගැන කෙරන විනාඩි පහක කතාවක්, විනාඩි දහයක උපදෙස් කතාවක් හා විනාඩි දහයකට කෙරෙන බයිබල් කියවීමේ විශේෂාංග වේ. පැවරුම් අංක 2, 3 සහ 4 ඉදිරිපත් කරනු නොලැබේ. පාසැලෙන් පසු පැය භාගයක සේවා රැස්වීමක් පැවැත්වේ. ගීතිකාවකින් පසු චාරිකා අවේක්ෂක පැය භාගයක කතාවක් ඉදිරිපත් කරන අතර, අවසාන ගීතිකාවෙන් හා යාච්ඤාවෙන් පසු රැස්වීම නිමාවට පත් වනු ඇත.
◼ වසර 2004 සිහි කිරීම පවත්වනු ලබන්නේ අප්‍රියෙල් 4වන ඉරිදා හිරු බැස යෑමෙන් පසුව බව සලකන්න. මේ ගැන කලින්ම නිවේදනය කරන්නේ එකම රාජ්‍ය ශාලාව භාවිත කරන සභාවන්ට වෙනත් ස්ථාන වෙන් කරවාගැනීම පහසු කිරීම සඳහාය. සිහි කිරීම පැවැත්වීමට තෝරාගනු ලබන ශාලාවේ සිදු කෙරෙන වෙනත් දේවලින් සිහි කිරීමේ කටයුතුවලට කිසිම බාධාවක් ඇති නොවන බවට වැඩිමහල්ලන් එහි කළමනාකාරිත්වය සමඟ එකඟත්වයකට පැමිණ තිබිය යුතුයි. මෙසේ කිරීමෙන් සිහි කිරීම සන්සුන් වතාවරණයක නිසි පිළිවෙළකින් පැවැත්වීමට හැකි වනු ඇත. මේ අවස්ථාව වැදගත් අවස්ථාවක් බැවින් වැඩිමහල් මණ්ඩලය සිහි කිරීමේ කතාව දීම සඳහා තෝරාගත යුත්තේ වඩාත්ම සුදුසුකම් තිබෙන වැඩිමහල්ලන්ගෙන් කෙනෙකුවයි. සෑම අවුරුද්දකම වැඩිමහල් මණ්ඩලය මාරුවෙන් මාරුවට සිහි කිරීමේ කතාව දීම හෝ එකම සහෝදරයාව යොදාගැනීම හෝ කරනවා වෙනුවට ඉහත ක්‍රමය අනුගමනය කිරීම යෝග්‍යයයි. සිහි කිරීමේ කතාව දීමට හැකි ආලේප ලත් වැඩිමහල්ලෙක් සිටිනවා නම් කතාව දීමට තෝරාගත යුත්තේ ඔහුවයි.
◼ ජනවාරි 6වෙනිදායින් පටන්ගන්නා සතියේදී සේවා රැස්වීමට පැමිණ සිටින සියලුම බව්තීස්ම ලත් ප්‍රචාරකයන්ට තමන් සඳහා පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීම නමැති කාඩ්පත හා තමන්ගේ දරුවන් සඳහා හැඳුනුම්පත ලබාගත හැකියි.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
සදාකාල ජීවනයට යන පාර—ඔබ එය සොයාගෙන තිබෙනවාද? —ඉංග්‍රීසි
එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න —ඉංග්‍රීසි
එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න—ලොකු අකුරු සහිත මුද්‍රණය —ඉංග්‍රීසි
◼ ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට් පට:
සතුටින් පිරි ජීවිතයක් —ඉංග්‍රීසි
◼ ලබාගත හැකි වීඩියෝ පට:
අනතුරු අඟවන ආදර්ශය (PAL) —ඉංග්‍රීසි
◼ ලබාගත හැකි ශ්‍රව්‍ය තැටි (CD):
යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න —ඉංග්‍රීසි