නිවේදන
◼ ජූනි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව. දැනටමත් මෙම ප්‍රකාශන ගෙවැසියන් ළඟ තිබේ නම් සභාවේ පොත් පත් තොගයෙහි තිබෙන සුදුසු විවරණිකාවක් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
◼ වර්ෂ 2004 මැයි 15වන සෙනසුරාදා ශාඛා කාර්යාලය පිරිසිදු කිරීමට තිබෙන නිසා එදිනට එය බැලීම සඳහා කටයුතු පිළියෙළ කරනු නොලැබේ.
◼ සභාවන් මතු දැක්වෙන ප්‍රකාශන සියලුම භාෂාවලින් ඉල්ලුම් කිරීමට පටන්ගත යුතුයි. දිනදර්ශනය 2004 (item no. 7204); දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම (item no. 6904); වාර්ෂික පොත 2004 (ඉංග්‍රීසියෙන් සහ දෙමළ බසින් පමණි, item no. 5904). සභාවන් තමන්ගේ ඉල්ලුම් 2003 ජූලි 10වනදාට කලින් ශාඛා කාර්යාලයට එවිය යුතුයි. මෙදිනට පසුව ලැබෙන ඉල්ලුම් සපුරාලන්න නොහැකි බව කරුණාවෙන් සලකන්න. ඉහත ප්‍රකාශනවල තොගයක් ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයේ තබාගන්නේ නැති අතර, ජපන් ශාඛාව මගින් මුද්‍රණය කරනු ලබන්නේ නියමිත දිනයට ලැබී තිබෙන ඉල්ලුම්වල සඳහන් ප්‍රමාණය පමණයි. එමනිසා නියමිත දවස වන විට ඉහත ප්‍රකාශන ඉල්ලුම් කර නැත්නම් ඒවා සභාවට නොලැබෙන බව කරුණාකර මතක තබාගන්න. තමන්ගේ ඇණවුම පොත් පත් සේවකට දැනුම් දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ට ආරාධනා කරමින් කල් ඇතුව නිවේදනය කරන්න. මෙසේ කිරීමෙන් තමන්ට අවශ්‍ය කරන ප්‍රකාශන ලබාගන්න සියලුම ප්‍රචාරකයන්ට හැකියි. සෑම ප්‍රචාරකයෙකුටම ඉල්ලුම් කිරීමට හැකි වන පරිදි සතිපතා එම නිවේදනය සිහිගැන්වීමක් හැටියට කළ හැකියි. මීට අමතරව, ඉදිරියේදී සභාවේ ප්‍රචාරකයන්ගේ වැඩිවීම සැලකිල්ලට ගනිමින් ඉදිරි අවශ්‍යතා සපුරාලීම සඳහා සේවා අවේක්ෂක පොත් පත් සේවක සමඟ කිට්ටුවෙන් වැඩ කළ යුතුයි. පොත් පත් සේවක මාසය අවසානයේදී සියලුම ප්‍රචාරකයන් ඉල්ලුම් කළ ප්‍රමාණය එකතු කර, සියලු විස්තර පොත් පත් සම්බන්ධීකරණ සහෝදරයාට ලබා දිය යුතුය. පසුව ඔහු ජූලි මාසයේ පොත් පත් ඉල්ලුම් කිරීමේ පෝර්මයට (S-14) එම ප්‍රකාශන ඇතුළත් කර සමිතියට එවයි.
[Caption on page 7]
“දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළු වැඩසටහන සිකුරාදා දින පටන්ගන්නේ පෙ.ව. 9:30ට වුවත් ජාත්‍යන්තර සමුළුවල වැඩසටහන පටන්ගන්නේ බ්‍රහස්පතින්දා ප.ව. 1:20ට බව කරුණාවෙන් සලකන්න.
[Caption on page 7]
◼ දිනදර්ශනය 2004
◼ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2004
◼ වාර්ෂික පොත 2004
කරුණාකර මෙම ප්‍රකාශන සඳහා ඔබේ ඉල්ලුම 2003 ජූලි 10වනදාට කලින් එවන්න