ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/03 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • අගෝස්තු 11න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 18න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 25න් පටන්ගන්නා සතිය
  • සැප්තැම්බර් 1න් පටන්ගන්නා සතිය
2003 අපගේ රාජ්‍ය සේවාව
km 8/03 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිල්ලට ගන්න: අගෝස්තු 11න් පටන්ගන්නා සතිය සඳහා සේවා රැස්වීම් වැඩසටහනක් අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් නොවේ. මීට හේතුව සියලුම සභාවන් එම සතියේදී පවත්වනු ලබන “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුවට යෑමයි. ඔක්තෝබර් මාසයේදී පවත්වනු ලබන සේවා රැස්වීමකදී දිස්ත්‍රික් සමුළු වැඩසටහනේ විශේෂාංග නැවත සලකා බැලීම සඳහා කටයුතු පිළියෙළ කරනු ඇත. එම සාකච්ඡාවට සූදානම් වීමට හැකි වන පිණිස සමුළුවේදී අර්ථවත් ලෙස සටහන් ගැනීමට අප සියලුදෙනාටම හැකියි. පෞද්ගලිකව අප අදාළ කරගැනීමටත් ක්ෂේත්‍ර සේවයේදී යොදාගැනීමටත් බලාපොරොත්තු වන නිශ්චිත කරුණුද සටහන්වලට ඇතුළත් කරගත හැකියි. සමුළුවෙන් ලැබුණු යෝජනා හා මඟ පෙන්වීම් සමුළුවට ගිය දා සිට තමන් අදාළ කරගෙන තිබෙන ආකාරය ගැන පැහැදිලි කිරීමෙන් අන් අයව දිරිමත් කිරීමට අපට හැකියි.

අගෝස්තු 11න් පටන්ගන්නා සතිය

“දෙවිව මහිමවත් කරන්න” දිස්ත්‍රික් සමුළුව

අගෝස්තු 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 82

විනා. 12: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අගෝස්තු 1 මුරටැඹ සහ අගෝස්තු 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. අගෝස්තු 8 පිබිදෙව්! සඳහා පළමු යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. ‘මට හුඟාක් වැඩ තියෙනවා’ කියමින් ගෙවැසියා සවන් දීමට අකමැති වන විට කටයුතු කළ හැකි ආකාරය එක් නිරූපණයකදී පෙන්වන්න.

විනා. 15: “ප්‍රාණවත්බවක් ගෙන දෙන කාර්යයක්.”a ක්‍රිස්තියානි දේවසේවයෙන් ඔවුන් ලබන ප්‍රාණවත්බව ගැන පැවසීමට දෙතුන්දෙනෙකුව කලින් සූදානම් කරවන්න.

විනා. 18: “අපගේ නමස්කාර ස්ථානය හොඳින් නඩත්තු කර තබාගනිමු.”b (ඡේද 1-5) සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. තුන්වන හා හතරවන ඡේද සාකච්ඡා කරන විට, රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම සඳහා සභාව යොදා තිබෙන සැලසුම් යළි සලකා බලන්න. සැලකිල්ල යොමු කළ යුතු කාරණා අවධානයට ලක් කරන්න. සැබෑ නමස්කාරය සඳහා යෝග්‍ය ස්ථානයක් හොඳින් පවත්වාගෙන යෑම සඳහා දරන වෑයම්වලට සභාවට ප්‍රශංසා කරන්න.

ගීතිකා අංක 114 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 175

විනා. 10: සභා නිවේදන. අටවෙනි පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් අගෝස්තු 15 මුරටැඹ සහ අගෝස්තු 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. අගෝස්තු 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. සඟරා සේවය සඳහා දෙමාපියෙක් නහඹර වියේ පසු වන දියණිය හෝ පුතා සමඟ සඟරා ඉදිරිපත් කිරීමක් පුහුණු වන ආකාරය එක් නිරූපණයකදී පෙන්වන්න. නිරූපණය කිරීමට කලින් යෝජිත ඉදිරිපත් කිරීම් වෙන වෙනම නැවත ඔවුහු කෙටියෙන් සලකා බලති.

විනා. 15: “යෙහෝවාගේ යහපත්කම අනුකරණය කරන්න.”c කරුණාවන්ත ක්‍රියාවන් කිරීම නිසා සාක්ෂියක් දැරීමට මාර්ග විවෘත වූ ආකාරය ගැන කෙටි අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න. සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීම සඳහා සභාව දරන වෑයම්වලට ප්‍රශංසා කරන්න.

විනා. 20: “පුරෝගාමි සේවයේ ආශීර්වාද.”d සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. පුරෝගාමි සේවයෙන් තමන් භුක්ති විඳින ආශීර්වාද ගැන අදහස් දැක්වීමට පුරෝගාමියෙකුට හෝ දෙදෙනෙකුට ආරාධනා කරන්න. පුරෝගාමි සේවය කරන්න කැමති අයට ලේකම්ගෙන් අයදුම්පතක් ලබාගත හැකි බව පවසන්න.

ගීතිකා අංක 125 සහ අවසාන යාච්ඤාව.

සැප්තැම්බර් 1න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 84

විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. “නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන” නමැති කොටස සාකච්ඡා කරන්න. විශේෂ එක්රැස්වීම් දිනය පවත්වනු ලබන දවස නිවේදනය කර, පැමිණීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. එක්රැස්වීම පවත්වනු ලබන්නේ ඊළඟ මාස කිහිපය ඇතුළත නම්, බව්තීස්ම වීමට කැමැත්තෙන් සිටින අය මුලසුනභාර අවේක්ෂකට ඒ බව දැනුම් දෙන්න කියා පවසන්න. අගෝස්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. සැප්තැම්බර් මාසය සඳහා ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කරන්න. දිස්ත්‍රික් සමුළුවට යන එන විට අවිධිමත්ව සාක්ෂි දැරීමේදී ලද ගොඩනංවනසුලු අද්දැකීම් ගැන පැවසීමට ප්‍රචාරකයෙකුව කලින් සූදානම් කරවන්න.

විනා. 15: නැවත එනවා කියා ඔබ දුන් පොරොන්දුව ඔබ ඉටු කරනවාද? වර්ෂ 1999 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ 10-11 දක්වා පිටුවල තොරතුරු හා “අපේ පොරොන්දු ඉටු කිරීමට වෙනත් ක්‍රම” නමැති උපමාතෘකාව පදනම් කරගනිමින් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අපට දේවසේවයේදී උනන්දුව දක්වන අයව හමු වන විට අප සාමාන්‍යයෙන් කරන්නේ වෙනත් වේලාවකදී සාකච්ඡාව දිගටම කරගෙන යෑම සඳහා කටයුතු පිළියෙළ කිරීමයි. අප පොරොන්දු වූ ලෙස නැවත ඒ තැනැත්තාව හමුවීමට යනවාද? අපේ පොරොන්දු ඉටු කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කළ යුතු බයිබල් ප්‍රතිපත්ති යළිත් සලකා බලන්න. හැකි විගස නැවත බලන්න යෑම නිසා තමන් හොඳ ප්‍රතිඵල ලබා තිබෙන ආකාරය ගැන අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න.

විනා. 18: “අපගේ නමස්කාර ස්ථානය හොඳින් නඩත්තු කර තබාගනිමු.”e (ඡේද 6-12) සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. පස්වන පිටුවේ තිබෙන කොටුවේ කරුණු විශේෂ කොට දක්වමින් රාජ්‍ය ශාලාව නිසි ලෙස නඩත්තු කිරීමේ වැදගත්කම අවධාරණය කරන්න. ඔබේ රාජ්‍ය ශාලාවේ තත්වය ගැන කෙටි වාර්තාවක්ද ඉදිරිපත් කර, අලුත්වැඩියා කිරීම් හෝ තව වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් තිබෙන සැලසුම් ගැන සඳහන් කරන්න.

ගීතිකා අංක 41 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න