දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2003 ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2003 සැප්තැම්බර් 1වනදා සිට ඔක්තෝබර් 27වනදා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. “මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින්” සැරසී සිටීම සඳහා 1 තිමෝති 2:9හි [NW] දී ඇති උපදෙසින් අදහස් වන්නේ කුමක්ද? වේදිකාවේ සිට කතා ඉදිරිපත් කරද්දී හෝ ක්ෂේත්‍ර සේවයේදී මෙය අපට බලපෑ හැක්කේ කෙසේද? [be 132 පි. 4-5 ඡේ.]
2. අපගේ පෞද්ගලික පෙනුම සලකා බලද්දී, 1 යොහන් 2:15-17, එපීස 2:2 සහ රෝම 15:3 යන බයිබල් ප්‍රතිපත්ති අපට අදාළ වන්නේ කෙසේද? [be 133 පි. 2-4 ඡේ.]
3. තැන්පත් ස්වභාවයක් වැදගත් වන්නේ මන්ද? වේදිකාවේ සිට කතා ඉදිරිපත් කරද්දී හෝ දේවසේවයෙහි සහභාගි වෙද්දී අපට තැන්පත් ස්වභාවයක් ඇති කරගත හැක්කේ කෙසේද? [be 135 පි. කොටුව; 136 පි. 6 ඡේ., කොටුව]
4. “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” වශයෙන් යේසුස් දේවසේවයේදී බයිබලය භාවිත කිරීම සම්බන්ධයෙන් අපහට උතුම්ම ආදර්ශය තැබුවේ කෙසේද? (එළි. 3:14, NW) [be 143 පි. 2-3 ඡේ.]
5. අපට බයිබලය භාවිත කිරීමේදී වඩාත් දක්ෂ විය හැක්කේ කෙසේද? (තීත. 1:9) [be 144 පි. 1 ඡේ., කොටුව]
පැවරුම් අංක 1
6. අධ්‍යයනයට අයත් වන්නේ මොනවාද? දේවවචනය නිතිපතා අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ඇතැම් ප්‍රයෝජන මොනවාද? [be 27 පි. 3 ඡේ.; 32 පි. 4 ඡේ.]
7. යාකොබ් 1:5, 6ට එකඟව අපට වැදගත් තීරණයක් ගැනීමට සිදු වන විට කුමක් කිරීම අත්‍යවශ්‍ය වේද? [w01 9/1 28 පි. 4 ඡේ.]
8. කේන්ද්‍රීය දින යනු කුමක්ද? ඒවා අතිශයින් වැදගත් වන්නේ මන්ද? [bsi03 3වන පාඩම. 27 ඡේ.]
9. “කේලමක් පතළ කරන්නා” අඥානයෙක් වන්නේ කවර ආකාරයකින්ද? (හිතෝ. 10:18) [w01 9/15 25 පි. 3 ඡේ.]
10. මිනිසුන්ට නව ලොවේදී කාලය සම්බන්ධයෙන් යෙහෝවාගේ දෘෂ්ටිය වඩාත් පූර්ණ ලෙස තේරුම්ගැනීමට හැකි වනු ඇත්තේ කෙසේද? [bsi03 2වන පාඩම 32 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. හරිද වැරදිද: පළමුවන කොරින්ති 2:9හි ප්‍රේරිත පාවුල් කතා කරමින් සිටින්නේ යෙහෝවා තම විශ්වාසවන්ත ජනයා සඳහා උරුමයක් ලෙස සූදානම් කර ඇති දේවල් ගැනයි. පැහැදිලි කරන්න. [ip-2 366 පි. කොටුව]
12. පළමුවන කොරින්ති 10:13හි වාර්තා වී ඇති වචන අදාළ වන්නේ කවර පරීක්ෂාවලටද? යෙහෝවා “ගැලවීමට මඟ සලසන්නේ” කෙසේද? [wSN92 2/1 24-25 පි. 11-14 ඡේ.]
13. ත්‍යාගශීලිත්වය සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය ක්‍රිස්තියානීන්ට බලපාන්නේ කෙසේද? (2 කොරි. 8:9) [w92 1/15 16 පි. 10 ඡේ.]
14. නීතිය ‘අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙක්’ වූයේ කෙලෙසද? (ගලා. 3:24) [w02 6/1 15 පි. 11 ඡේ.]
15. නොමඟ නොයන පිණිස අප ආරක්ෂා විය යුතු “ලෝකයේ මූලධර්ම” මොනවාද? (කොලො. 2:8, NW)