ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/04 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 8/04 7 පි.

නිවේදන

◼ අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති (T-76) යන පත්‍රිකාවේ පිටපත් තවමත් තිබෙන සියලු සභාවන්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? යන විවරණිකාව යොදාගනිමින් එම පත්‍රිකාව බෙදා දිය යුතුය. පත්‍රිකාව බෙදා දීම අවසන් වුණු විට, පහත සඳහන් පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක් බෙදා දිය හැකියි: ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල පිටපත් බෙදා දෙන්න. උනන්දුවක් දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව හඳුන්වා දෙන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමේ අරමුණින් නැවත ගොස් බලන්න. නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන්ට දරුවන් නැතැයි යමෙක් කියන්නේ නම් ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ඒ මගින් නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන යමෙක් සැප්තැම්බර් 1වන දා හෝ ඊට පසුව හැකි විගස සභා ගිණුම් විගණනය කළ යුතුය. අනතුරුව සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ සිහිකිරීමේ උත්සවයේ ආරාධනා පත් ලබාගැනීමට නම් සභාවන් ඒවා ඉල්ලුම් කළ යුතුය. සෑම සභාවක්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පිටපත් කොපමණ අවශ්‍යදැයි තීරණය කර, එම ඇණවුම පොත් පත් ඉල්ලුම් පෝරමයේ (S-14) ඉල්ලුම් කළ යුතුයි. වර්ෂ 2005 සඳහා සිහිකිරීමේ ආරාධනා පත් 2004 සැප්තැම්බර් 6වන දාට පෙර සමිතියට එවිය යුතුයි. ආරාධනා පත් මුද්‍රණය කරනු ලබන්නේ ඒ දිනට ලැබී තිබෙන ඇණවුම්වලට අනුවය. නියමිත දවසට පෙර මේවා ඉල්ලුම් නොකරන සභාවන්ට සිහිකිරීමේ සමයේදී බෙදා දීමට ආරාධනා පත් නොතිබෙනු ඇත. එම නිසා, එම ආරාධනා පත් ඉල්ලුම් කිරීම නිසි වේලාවට කළ යුතු බව සභා සේවා කමිටුව වගබලා ගත යුතුයි.

◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2004 අගෝස්තු 31වන දින හෝ එදිනට ආසන්න දිනකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකරණ සේවක විසින් සෑම මාසයකම කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛනයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව පොත් පත් සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොග ලේඛනය අධීක්ෂණය කළ යුතුයි. ලේකම් හා සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක මෙම පෝරමයට අත්සන් තැබිය යුතුය. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම (S-18) තුනක් ඉදිරියේදී ලැබෙනු ඇත. කරුණාකර, සැප්තැම්බර් 6වන දාට කලින් මුල් පිටපත ශාඛා කාර්යාලයට තැපැල් කරන්න. පිටපතක් ඔබේ සභාවේ ලිපි ගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගණන් කරන විට සටහන් සඳහා යොදාගත හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න