ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/04 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාගේ සීමාව අමතක කරන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 අපගේ රාජ්‍ය සේවාව
km 11/04 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ සභා පැවරුම් ගැන අප දැක්විය යුත්තේ කිනම් ආකාරයේ සැලකිල්ලක්ද?

යෙහෝවාගේ සෙනඟගේ සභාවක් පිළිවෙළකින් ක්‍රියාත්මක වන්නේ එකමුතු වෑයමක් නිසාය. (1 කොරි. 14:33, 40) සභා රැස්වීමක් පැවැත්වීමට ඇතුළත් වන්නේ කුමක්දැයි සිතා බලන්න. රැස්වීම් වැඩසටහනට අමතරව, රැස්වීම් පටන්ගැනීමට පෙර හා පසු සහෝදර සහෝදරියන්ට කිරීමට බොහෝ පැවරුම් තිබේ. අන් අයගේ අවධානයට හසු නොවී කරන වෙනත් වැඩ කටයුතුද වැදගත් වේ. මෙම විධිවිධානයට දායක වීමට අප එක් එක්කෙනාට හැක්කේ කෙසේද?

ඉදිරිපත් වන්න. කැමැත්තෙන් ඉදිරිපත් වන ස්වභාවයක් තිබෙන අය ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටිති. (ගීතා. 110:3) අසනීපයෙන් පෙළෙන අය හා මහලු අය කෙරෙහි සැලකිල්ලක් දක්වන්න. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමට සහයෝගය දෙන්න. විශේෂයෙන් ආරාධනා කරන තෙක් බලා නොසිට, ඉදිරිපත් වීමෙන් ප්‍රයෝජනදායක වැඩකටයුතු බොහොමයක නියැලීමට අපට හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ අප තුළ ආශාවක් තිබීම පමණකි.

නිහතමානීව සේවය කරන්න. නිහතමානී අය අන්‍යයන්ට සේවය කරන්නේ සතුටිනි. (ලූක් 9:48) නිහතමානීකම, අපට කළ නොහැකි තරම් දේවල් කිරීමට යෑමෙන් අපව වළක්වයි. තවද, අපට අයිති නැති දේවල් කිරීමෙන්ද එය අපව වළක්වනු ඇත.—හිතෝ. 11:2.

විශ්වාසවන්ත වන්න. පුරාණ ඊශ්‍රායෙලයෙහි වගකීම් දැරීම සඳහා “විශ්වාසවන්ත මනුෂ්‍යයන්ව” තෝරාගැනීමට මෝසෙස්ව දිරිගන්වනු ලැබීය. (නික්. 18:21, NW) අද දිනද මෙම ගුණාංගය තිබීම වැදගත්ය. ඔබට ලැබෙන සෑම පැවරුමක් ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න. (ලූක් 16:10) යම් පැවරුමක් කිරීමට යම් අවස්ථාවක ඔබට අපහසු නම්, ඔබ වෙනුවෙන් එය ඉටු කිරීම සඳහා වෙනත් කෙනෙකුව සූදානම් කිරීමට වගබලා ගන්න.

ඔබේ උපරිමය දෙන්න. බාහිර දේවල නිරත වන විටදී පවා මුළු හදවතින්ම ඒවා කිරීමට ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබේ. (කොලො. 3:22-24) සැබෑ නමස්කාරයේ වර්ධනය උදෙසා වැඩ කරන විට එසේ කිරීම ඊටත් වඩා වැදගත් වේ. යම් වැඩක් එතරම් වැදගත්කමක් ඉසුලුවේ නැතත් එය හොඳින් ඉටු කළ විට එය සභාවට ආශීර්වාදයකි.

මේ සෑම පැවරුමක්ම යෙහෝවාට සහ අපේ සහෝදරයන්ට ප්‍රේමය විදහා පෙන්වීමට අපට අවස්ථාවක් උදා කරයි. (මතෙ. 22:37-39) අපට දී තිබෙන මොනයම් පැවරුමක් හෝ විශ්වාසවන්තව කිරීමට අපි වගබලා ගනිමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න