ගැළපෙන එළඹීමක් අත්හදා බලන්න
ජනයා කෙරෙහි අවංක උනන්දුවක් දැක්වීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගැනීමට වෑයම් කිරීමටත්, ඔවුන් මුහුණ දෙන ගැටලුවලට රාජ්‍යය මගින් සම්පූර්ණ විසඳුම් ලබා දෙන ආකාරය ඔවුන්ට පෙන්වීමටත් අප තුළ පෙලඹීමක් ඇති වෙයි. (ෆිලි. 2:4) මේ පිටුවේ දකුණුපස ලයිස්තුගත කර තිබෙන ප්රකාශනවල පාරාදීසය පිළිබඳ පින්තූර යොදාගෙන නිවැසියාට ඒ ගැන අදහස් දක්වන්නට ආරාධනා කරමින් කරන එළඹීම බලපෑමෙන් යුක්ත බව බොහෝ ප්‍රචාරකයෝ සොයාගෙන ඇත. පහත දැක්වෙන හැඳින්වීම් උපයෝගී කරගෙන ඔබට මෙය කළ හැකියි:
◼ “මේ පින්තූරයේ පේන විදිහට මිනිස්සු කවදාහරි මේ වගේ වටාපිටාවක ජීවත් වෙනවා දකින්න අපිට පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද?”
◼ “මේ පින්තූරයේ දක්වලා තියෙන ආකාරයේ ලෝකයක් තුළ අපේ දරුවෝ හැදී වැඩෙනවා දකින්න අපි හැමෝම කැමතියි. මේ වගේ තත්වයක් ඇති වෙන්න අවශ්‍ය වෙන්නේ මොකක් කියලාද ඔයා හිතන්නේ?”
◼ “ස්වර්ගයේ වගේ පොළොවෙත් දෙවිගේ කැමැත්ත ඉටු වෙනකොට පොළොවේ ඇති වෙන්නේ මොන වගේ තත්වයක්ද කියලා මේ පින්තූරයේ පෙන්වනවා. අද තියෙන තත්වයට වඩා වෙනස් දෙයක් මේ පින්තූරයෙන් ඔයා දකිනවාද?”
◼ “මේ පින්තූරයේ තියෙන පරිසරය වගේ පරිසරයක ජීවත් වෙන්න ඔයා කැමතිද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න.] අපේ ජීවිත කාලය තුළදී මේ දේ ඉටු වෙයි කියලා ඔයා හිතනවාද?”
පුද්ගලයාගේ අදහස්වලට පරෙස්සමින් සවන් දෙන්න. ඉන්පසු කාරුණිකව ප්‍රශ්නයක් දෙකක් ඇසීමෙන් ඔහුගේ අදහස් දැනගන්න. යමෙක් පින්තූරයේ දක්වා තිබෙන ආකාරයේ පරිසරයක ජීවත් වීමට අකමැති බව කිව්වොත් හෝ මෙය සිදු වෙයි කියා ඔවුන් විශ්වාස නොකරන බව පැවසුවොත් ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැහැයි කියා නිගමනය කරන්න ඉක්මන් වෙන්න එපා. ඔවුන්ට එසේ හැඟෙන්නේ ඇයි කියා උපායශීලීව විමසන්න. මිනිසා මුහුණ දෙන විසඳන්නට නොහැකි සේ පෙනෙන ප්‍රශ්න ගැන ඔවුන් සැලකිලිමත් වන බවක් ඔවුන්ගේ අදහස්වලින් හෙළි විය හැකියි.—එස. 9:4.
නිවැසියා සැලකිලිමත් වන දේ ගැන තේරුම්ගෙන ඊට ගැළපෙන අයුරින් ඔබගේ ඉදිරිපත් කිරීම සකසාගන්න. ඔහුගේ අවශ්‍යතාවන්ට අනුව රාජ්‍ය පණිවුඩයේ අංග ගෙනහැර දක්වන්න. ඔහුගේ සැලකිල්ලට බඳුන් වන කාරණයට සම්බන්ධ ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් පෙන්වන්න. (දකුණු තීරුවේ ඇති යෝජනා බලන්න.) දෙවිගේ වචනයෙහි සඳහන් දේ ඔහුටම දැකගන්න සලස්වන්න. ඔහු උනන්දුවක් පෙන්වන්නේ නම් ප්රකාශනය ඉදිරිපත් කර නැවත බැලීමට සැලසුම් යොදන්න. පළමු බැහැදැකීමේදී ඔහු උනන්දුව දැක්වූ කාරණය මත සාකච්ඡාව ගොඩනඟන්න.
[Box on page 6]
පාරාදීසයේ දර්ශන ඇතුළත් ප්‍රකාශන
මැවීමේ පොත: 237, 243, 251 පිටු (සිංහලෙන් නැත.)
ඕනෑ කරන්නේ විවරණිකාව: 11, 13 පිටු
සැබෑ සාමය පොත: 98 පිටුව
දෙවිට නමස්කාර කරන්න පොතේ: 92-3 පිටු
[Box on page 6]
මිනිසුන්ගේ සැලකිල්ලට බඳුන්වන කාරණා
අපරාධ, සැහැසියාව
අසනීප, දුබලතා
අසාර්ථක ආණ්ඩු
ආහාර හිඟකම්, මන්දපෝෂණය
දුගීකම, විරුද්ධවාදීකම්
දූෂණය, අයුක්තිය
නිවාස, ආර්ථික ගැටලු
පොළොව විනාශ කිරීම
භේද, අසමානතාව
මරණය, සෝතැවුල්
මානසික අවපීඩනය
යුද්ධ, ත්‍රස්තවාදය
සතුන්ට හිංසා කිරීම
සදාචාරය බිඳ වැටීම