නිවේදන
◼ මාර්තු: සෝදිසියෙන් සිටින්න විවරණිකාව ඉදිරිපත් කරන්න. පුද්ගලයෙක් අවංක උනන්දුවක් දක්වන්නේ නම්, නිවාස බයිබල් පාඩමක් ඇරඹීමේ අරමුණින් දැනුම පොත හඳුන්වා දෙන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකේම පිටපත බැගින් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට පැමිණි අය හෝ වෙනත් දිව්‍යාණ්ඩු කටයුත්තකට සහභාගි වූ නමුත් සභා රැස්වීම්වලට දිගටම නොපැමිණි අය ඇතුළු ඕනෑම කෙනෙකුව නැවත බැලීමට යන විට දෙවිට නමස්කාර කරන්න යන පොත තැබීමට උනන්දු වන්න. දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමට වෑයම් කරන්න. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවෝ නැහැයි කියලා කවුරුහරි කියනවා නම් පවුලේ සන්තෝෂය හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් ඇරඹීමට වෑයම් කරන්න.
◼ මුරටැඹ සහ පිබිදෙව්! අලුත් කලාප සභාවට ලැබුණ විගස ඒවා සහෝදරයන්ට ලබා දිය යුතුයි. එමගින් ප්‍රචාරකයන්ට ක්ෂේත්‍ර සේවයේදී සඟරා ඉදිරිපත් කිරීමට පෙර ලිපි කියවා බැලීමට හැකි වෙයි. අපගේ රාජ්‍ය සේවාවත් ලැබුණු විගසම ප්‍රචාරකයන්ට ලබා දිය යුතුයි. සභා පොත් පාඩම්වලදී ඒවා බෙදා දිය හැකියි.
◼ වෙනත් රටක සංචාරය කිරීමට සැලසුම් කරන අයෙක් ඒ රටේ සභා රැස්වීම්වලට හෝ එක් රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යන්න කැමති නම් අදාළ දිනයන් හා වේලාවන් හා ස්ථාන ගැන ඔහු තොරතුරු විමසිය යුත්තේ ඒ රටේ තිබෙන ශාඛා කාර්යාලයෙනි. ශාඛා කාර්යාලවල ලිපිනයන් අලුත් වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) අවසාන පිටුවේ සඳහන් වෙයි.
◼ ස්ථාවර පුරෝගාමි සේවය (S-205) සහ උපකාරික පුරෝගාමි සේවය (S-205b) සඳහා නියමිත පෝරම ප්‍රමාණවත් තරම් තබාගැනීමට සභා ලේකම්වරුන් වගබලාගත යුතුයි. පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඒවා ඉල්ලුම් කළ හැකියි. අඩුම තරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් සැපයුමක් තබාගන්න.
◼ සිහි කිරීම පැවැත්වෙන්නේ 2005 මාර්තු 24වන බ්‍රහස්පතින්දායි. ඔබේ සභාවේ රැස්වීම් පවත්වන්නේ බ්‍රහස්පතින්දා දවස්වල නම් එම සතියේ රාජ්‍ය ශාලාව භාවිත කළ හැකි වෙනත් දවසක එම රැස්වීම් පැවැත්වීමට කටයුතු පිළියෙල කළ යුතුයි. මෙසේ සැලසුම් කිරීමට අපහසු නිසා සේවා රැස්වීම පැවැත්වීමට නොහැකි වෙනවා නම් ඔබේ සභාවට විශේෂයෙන් අදාළ වෙන කොටස් වෙනත් සේවා රැස්වීමකට ඇතුළත් කළ හැකියි.
◼ නව රිද්මයකට අනුව පටිගත කරන ලද ඇතැම් රාජ්‍ය ගීතිකා ගැන ප්‍රචාරකයන් බොහෝදෙනෙක් ශාඛා කාර්යාලයෙන් විමසමින් සිටිනවා. එමෙන්ම මේවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අතිනතට යැවෙමින්ද තිබෙනවා. මෙම පටිගත කිරීම් සඳහා සංවිධානයේ අනුමැතිය තිබෙනවාද කියා ඔවුන් අසා සිටියි. අපත් ඒ පිළිබඳව දැනුවත්ව සිටින අතර එයට අපේ අනුමැතිය නැති බව ඔබට දන්වන්න කැමතියි. ඒවා අතිනත යවන්නවත් අන්තර් ජාලයෙන් ලබාගන්නවත් එපා. මෙම තොරතුරුවලින් ඔබේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබී ඇතැයි කියා අපි විශ්වාස කරන්නෙමු.