ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/05 1 පි.
  • බයිබලයට වැඩි අවධානයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයට වැඩි අවධානයක්!
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පාඨකයන් වෙතයි!
    2006 පිබිදෙව්!
  • මුරටැඹ සහ පිබිදෙව්!—සත්‍යය පිළිබඳ කාලෝචිත සඟරා
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රන් අණ කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • සත්‍යය ගැන සාක්ෂි දරන සඟරා බෙදාහරින්න
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2005 අපගේ රාජ්‍ය සේවාව
km 3/05 1 පි.

බයිබලයට වැඩි අවධානයක්!

1. ආරම්භයේදී වොච්ටවර් සඟරාව මූලිකවම පළ කළේ කා වෙනුවෙන්ද? ද ගෝල්ඩන් ඒජ් කා සඳහාද?

1 වර්ෂ 1919 ඔක්තෝබර් 1වෙනිදා ද ගෝල්ඩන් ඒජ් (රන්වන් යුගය) සඟරාවේ පළමු කලාපය පළ කරනු ලැබුවා. එය දේශනා සේවය සඳහා වටිනා මෙවලමක් බව ඔප්පු වුණා. ඊට හේතුව පොදු ජනයා සඳහා එම සඟරාව සැලසුම් කර තිබීමයි. නමුත් ද වොච්ටවර් (මුරටැඹ) සඟරාව පළ කළේ “කුඩා රැළ” වෙනුවෙනුයි කියා වසර ගණනාවක් පුරා සලකනු ලැබුවා. (ලූක් 12:32) එවකට නව ප්‍රකාශනයක් වූ ද ගෝල්ඩන් ඒජ් සඟරාව රාජ්‍ය ප්‍රචාරකයන් බෙදාහැරියේ මහත් උද්‍යෝගයකින්. එම නිසා වසර ගණනාවක් පුරා ද වොච්ටවර් සඟරාවට වඩා විශාල වශයෙන් බෙදාහැරියේ ද ගෝල්ඩන් ඒජ් සඟරාවයි.

2. ද ගෝල්ඩන් ඒජ් සඟරාව අද දින හඳුන්වන්නේ කුමන නමින්ද? මුල පටන් එහි අරමුණ වී තිබුණේ කුමක්ද?

2 ද ගෝල්ඩන් ඒජ් සඟරාව ප්‍රකාශයට පත් කළේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය බවත් එම පාලනය මනුෂ්‍යවර්ගයාට රන්වන් යුගයක් ගෙනෙන බවත් පෙන්වීමටයි. ඉන් දශක කිහිපයකට පසු තත්වයන්ට ගැලපෙන පරිදි ද ගෝල්ඩන් ඒජ් සඟරාවේ වෙනස්කම් බොහෝමයක් සිදු කළා. වර්ෂ 1937දී කොන්සලේෂන් යනුවෙන් එහි නම වෙනස් කළා. පසුව 1946දී එය එවේක්! (පිබිදෙව්!) යනුවෙන් වෙනස් කළ අතර අද අප එය හඳුන්වන්නේ එම නමින්.

3. පිබිදෙව්! සඟරාව බලවත් මෙවලමක් වී තිබෙන්නේ කුමන අනාවැකිය ඉටු කිරීම සඳහාද?

3 වර්ෂ 1919 පටන් සිදු කෙරුණ මහත් සාක්ෂි දැරීමට මෙම සඟරාව බෙහෙවින් දායක වී තිබෙනවා. (මතෙ. 24:14) කෙසේවෙතත් අපගේ කාලයේ තිබෙන හදිසිතාව ගැන සලකා බලන කල පිබිදෙව්! සඟරාවට තවදුරටත් සැකසීම් කිරීම නුවණට හුරු බව පෙනී ගොස් තිබෙනවා.

4. (අ) “යෙහෝවාගේ උදහසේ දවසේදී” තමන්ව සඟවනු ලැබීමට නම් කෙනෙක් කළ යුතු වන්නේ කුමක්ද? (ආ) එළිදරව් 14:6, 7ට අනුව ‘අහස මැද පියාසර කරමින් සිටින දේවදූතයා’ සියල්ලන්ටම ආරාධනා කරමින් සිටින්නේ කුමක් කරන්න කියාද?

4 විවිධ විෂයන් පිබිදෙව්! සඟරාවේ සිත්ගන්නා ආකාරයකින් පළ වෙන නිසා සිය දහස්ගණනක් මහත් ආශාවකින් එය කියවනවා. සිහි කිරීමේ උත්සවයට සෑම වසරකම පැමිණෙන වැඩිදෙනෙක් පිබිදෙව්! සඟරාව නිතිපතා කියවන බවට සැකයක් නැහැ. කෙසේවෙතත් “යෙහෝවාගේ උදහසේ දවසේදී” තමන්ව සඟවනු ලබයි කියා කෙනෙකු බලාපොරොත්තු වෙනවා නම් අපේ ප්‍රකාශන නිතිපතා කියවනවාට වඩා වැඩි දෙයක් කිරීම සඳහා ඔහුට උපකාරය අවශ්‍යයි.—ශෙප. 2:3; එළි. 14:6, 7.

5. (අ) වර්ෂ 2006 ජනවාරි සිට පිබිදෙව්! සඟරාවේ වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ කුමකටද? (ආ) බොහෝදෙනෙක් පෙලඹෙනු ඇත්තේ කුමක් කරන්නද? එවිට ඉටු වන්නේ කුමන අනාවැකියද?

5 ඒ නිසා 2006 ජනවාරි සිට පිබිදෙව්! සඟරාවේ දේවරාජ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කෙරෙනවා. ප්‍රශ්න ගැටලුවලට විසඳුම ලබාගැනීම සඳහා බයිබලය කියවා බලන්න කියා එය ඍජුවම පාඨකයන්ට දිරිගන්වනවා. වත්මන් සිද්ධීන් සම්බන්ධයෙන් බයිබලය පැහැදිලි කරන්නේ කුමක්ද කියා එය කෙළින්ම ඉස්මතු කර දක්වනවා. මෙලෙස පාඨකයන්ට වත්මන් සිද්ධීන් පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනවා. සමහරවිට ඔවුන් කියවන දේ තුළින් යෙහෝවා දෙවි පිළිබඳව වැඩියෙන් ඉගෙනගැනීමට ඔවුන් පෙලඹෙන්න ඉඩ තිබෙනවා.—සෙක. 8:23.

6, 7. (අ) 1 තෙසලෝනික 2:13 අදාළ කරගැනීමට බොහෝදෙනෙකුට උපකාර කිරීම සඳහා එවේක්! සඟරාව සැලසුම් කරනු ඇත්තේ කෙසේද? (ආ) එවේක්! සඟරාව පළවනු ඇත්තේ කොතරම් කාලයකට වරක්ද?

6 පොදු ජනයා උනන්දු වන විෂයන් ගැන පිබිදෙව්! සඟරාවේ දිගටම කතා කරනු ලබයි. නමුත් වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ බයිබලය වෙතටයි. (1 තෙස. 2:13) මුරටැඹ සඟරාවේ බයිබලේ තොරතුරු ගැඹුරින් පැහැදිලි කෙරෙන නිසාත්, පිබිදෙව්! සඟරාවේ කලින්ට වඩා බයිබලය මත පදනම් විවිධ තොරතුරු ගෙනහැර දක්වන නිසාත් මාසයකට දෙවරක් ඉංග්‍රීසියෙන් පළ වූ පිබිදෙව්! (එවේක්!) එසේ දිගටම පළ කිරීම අනවශ්‍ය බවයි පෙනී ගොස් තිබෙන්නේ. එබැවින් 2006 ජනවාරියේ සිට එවේක්! සඟරාව පළ කරනු ලබන්නේ මාසිකවයි. මෙමගින් අපේ ප්‍රකාශනවල ලිපි සකස් කිරීම, පරිවර්තනය කිරීම සහ ඒවා නැව්ගත කිරීම පහසු වෙයි.

7 එවේක්! සඟරාව පළවෙන භාෂාවලින් සියයට 40කට පමණ මෙම වෙනස බලපායි. එවේක්! සඟරාව දැනටමත් බොහෝ භාෂාවලට පරිවර්තනය වන්නේ මාසිකව හෝ තුන් මසකට වරක්. මුරටැඹ හෙවත් වොච්ටවර් සඟරාවෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

8. මුරටැඹ සමඟ පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට හැක්කේ කෙසේද?

8 ද්විමාසිකව පැමිණෙන මුරටැඹ කලාපවලින් ඕනෑම එකක් සමඟ මාසික පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට හැකියි. පිබිදෙව්! සඟරාව හඳුන්වා දෙන අයට හැකියි දැනට කරමින් සිටින ආකාරයට මාසේ මැදදී තම ඉදිරිපත් කිරීම වෙනස් නොකර මාසය පුරාම එකම ඉදිරිපත් කිරීම යොදාගන්න.

9. පිබිදෙව්! සඟරාව දිගටම කුමන මෙහෙවරක් ඉටු කරනු ඇද්ද?

9 එදා 1919දී පළ කළ මුල් කලාපය වන ද ගෝල්ඩන් ඒජ්, ඉන්පසු පළ වූ කොන්සොලේෂන් සහ දැන් පළ වෙන පිබිදෙව්! සඟරාව දේශනා සේවයේදී විශාල මෙහෙයක් ඉටු කර තිබෙනවා. නව මුහුණුවරක් ගන්නා මෙම සඟරාව බෙදාහැරීමේදී යෙහෝවාගේ ආශීර්වාදය දිගටම ලැබේවා කියා අපි යාච්ඤා කරමු. එමෙන්ම “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ” බොහෝ සෙනඟකට තම එකම බලාපොරොත්තුව ලෙස දේවරාජ්‍යය වෙතට හැරීමට උපකාරයක් වේවා කියා අපි අයදිමු!—එළි. 7:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න