පවුලේ කාලසටහන—සභා රැස්වීම්
1 ඔබ ක්‍රිස්තියානි දෙමාපියෙක් නම් ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ දරුවන් යෙහෝවාට ප්‍රේම කරමින් හා ඔහුට සේවය කරමින් වැඩෙනවා දකින්නයි. එමෙන්ම දරුවන් දෙවි පොරොන්දු වී ඇති නව ලෝකයේ සදාකාල ජීවනය ලබනවා දැකීමත් ඔබේ ආශාවයි. යෙහෝවාට දෙන නමස්කාරය ඔවුන්ගේ ජීවිතයේ මූලිකම දේ කරගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි වන්නේ කුමක්ද? ඔබ විසින් ආදර්ශයක් තැබීම තමයි වැදගත්ම දේ. (හිතෝ. 20:7) එක් සහෝදරියක් තම සාක්ෂිකාර මවගේ ආදර්ශය ගැන මෙසේ සිහියට නැඟුවා. “රැස්වීමට යනවාද නැද්ද කියන එක ගැන කතා දෙකක් නෑ.” මෙය ඇයගේ මතකයේ සදහටම රැඳී තිබෙන දෙයක් බවට පත්වී තිබුණා.
2 සභා රැස්වීම්වල අරමුණ කුමක්ද කියා ඔබේ පවුලේ අය තේරුම්ගෙන තිබෙනවාද? මෙම රැස්වීම්වලින් ලැබෙන උපදෙස් දිගටම දෙවිගේ කැමැත්ත කිරීමට අපව ශක්තිමත් කරනවා. ඒවගේම අපි භුක්ති විඳින සහෝදර ආශ්‍රය මගින්ද අගනා දිරිගැන්වීමක් ලැබෙනවා. (යෙසා. 54:13; රෝම 1:11,12) කෙසේවෙතත් මෙම රැස්වීම්වල මූලික අරමුණ වන්නේ “සභා මධ්‍යයේදී” යෙහෝවාට ප්‍රශංසා කිරීමයි. (ගීතා. 26:12, NW ) යෙහෝවා කෙරෙහි ඇති අපගේ ප්‍රේමය විදහා පෑමටත් ඔහුට නමස්කාර කිරීමටත් ක්‍රිස්තියානි රැස්වීම් අපට ප්‍රස්තාව ලබා දෙනවා.
3 “ඉතා සැලකිලිමත් වන්න”: රැස්වීම් අපේ පරිශුද්ධ නමස්කාරයේ කොටසක් බව තේරුම්ගෙන අපි එය අගය කරනවා නම් “ඉතා සැලකිලිමත්” වීමට අපි පෙලඹෙන්නෙමු. එසේ කරනවා නම් සුළු සුළු දේවලට රැස්වීම් අතපසු කිරීමේ පුරුද්ද ඇති කරගන්නේ නෑ. (එෆී. 5:15, 16; හෙබ්‍රෙ. 10:24, 25) පවුලේ කාලසටහන සකස් කරන විට, මුලින්ම සභා රැස්වීම් සඳහා වේලාවන් වෙන් කරන්න. වෙනත් ක්‍රියාකාරකම්වලට ඒ කාලය යොදා නොගැනීමට වග බලාගන්න. ඔබේ පවුලේ අය රැස්වීම්වලට සහභාගි වීම ඉතා වැදගත් දෙයක් ලෙසට සලකන බවට සහතික වන්න.
4 රැස්වීම්වලට සහ එක්රැස්වීම්වලට සහභාගි වීමට තිබූ බාධාවන් ජයගත් සහෝදරයන් ගැන අප කියවන විට අප තුළත් යම් පෙලඹීමක් ඇති නොවන්නේද? ඔබේ තත්වයන් ඒ හා සමාන නොවුණත් ඔබත් යම් ආකාරයක අභියෝගවලට මූණ දෙනවා විය හැකියි. සාතන් යෙහෝවාට නමස්කාර කිරීම අසීරු කාර්යයක් බවට පත් කරමින් සිටිනවා. ඒ කොහොමවුණත් අධිෂ්ඨානපූර්වකව සභා රැස්වීම්වලට යෑමට ඔබ දරන වෑයම ඔබේ දරුවන් දකින බව අමතක නොකරන්න. එසේ කිරීමෙන් කිසිදා අමතක නොවන ආත්මික දීමනාවක් ඔවුන්ට ලබා දීමට ඔබට හැකියි.