ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/05 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 7/05 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

සැලකිය යුතුයි: අපගේ රාජ්‍ය සේවාවේ සමුළුව පැවැත්වෙන මාසවලදී සෑම සතියක් සඳහාම සේවා රැස්වීම් වැඩසටහනක් සකස් කරනවා ඇත. “දෙවිට කීකරු සේවකයෝ” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම පිණිස මෙම වැඩසටහනේ අවශ්‍ය වෙනස්කම් කිරීමට සභාවන්ට හැකියි. සමුළුවට සහභාගි වීමට පෙරාතුව පැවැත්වෙන අන්තිම සේවා රැස්වීමේදී විනාඩි 15ක් මිඩංගු කර, මේ මාසයේ අතිරේකයේ සඳහන් සුවිශේෂී උපදෙස් සභාවට අදාළ වන ආකාරයට සුදුසු පරිදි යළිත් සාකච්ඡා කරන්න. සමුළුවට මාස දෙකකට හෝ තුනකට පසුව, සේවා රැස්වීමේ විනාඩි 15ක් හෝ 20ක් (සමහරවිට සභා අවශ්‍යතා සඳහා වෙන් කර ඇති කොටස) වෙන් කරගන්න. මෙම කොටසේදී සමුළුවේ විශේෂ කරුණු සැලකිල්ලට භාජන කරන්න. ක්ෂේත්‍ර සේවයට අදාළ කළ හැකියයි ප්‍රචාරකයන් වටහාගත් තොරතුරු මීට ඇතුළත් කළ හැකියි. මෙම විශේෂ සේවා රැස්වීම් කොටසේ පරමාර්ථය නම් අප සමුළුවේදී ඉගෙනගත් දේවල් යොදාගනිමින් සිටින ආකාරයත් ඒවා අපේ සේවයට කොතරම් බලපෑමෙන් යුක්තද කියාත් විස්තර කිරීමයි.

ජූලි 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 49

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් පළමුවන යෝජනා (ඔබේ සභා ප්‍රදේශයට ගැළපේ නම්) යොදාගෙන ජූලි 1 මුරටැඹ සහ ජූලි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ප්‍රායෝගික ඉදිරිපත් කිරීම්ද නිරූපණය කළ හැකියි. මේ සෑම නිරූපණයකදීම, “මට වෙලා නැහැ” කියන අයට ශුභාරංචිය බෙදා දෙන ආකාරය පෙන්වන්න.

විනා. 20: “මහත් සභාවේදී යෙහෝවාට ප්‍රශංසා කරන්න.”a සභා ලේකම් විසින් මෙහෙයවිය යුතුයි. ඔබේ සභාව අයිති සමුළුව පැවැත්වෙන්නේ කවදාද කියා සඳහන් කරන්න. අංක යොදා ඇති ඡේද මුරටැඹ පාඩම මෙහෙයවන ආකාරයට සාකච්ඡා කරන්න. කලින් පත් කළ කියවන්නෙකු ලවා ඡේද කියවන්න. “දිස්ත්‍රික් සමුළුව ගැන සිහිගැන්වීම්” යන කොටුව පුනරීක්ෂණය කරන්න.

විනා. 15: “හැකි තරම් දෙනෙකුට දේශනා කරන්න.”b මෙහි 5වන ඡේදය සාකච්ඡා කරන විට, 2005 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ සඳහන් සභා බලප්‍රදේශයට අදාළ වන යෝජනා පුනරීක්ෂණය කරන්න.

ගීතිකා අංක 88 සහ අවසාන යාච්ඤාව.

ජූලි 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 173

විනා. 10: සභා නිවේදන. වර්ෂ 2000 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 32වන පිටුවේ සඳහන් තොරතුරු කෙටියෙන් සලකා බලන්න. අප නිවාඩුවක් ගත කරන අතරතුරේදී සහ අපගේ සුපුරුදු වැඩ කටයුතුවලින් බැහැර වී සිටින කාලයකදී පවා දිනපතා බයිබලය කියවීමේ ප්‍රයෝජන ගැන හුවා දක්වන්න.

විනා. 15: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—11වන කොටස”c පාඩමක් පවත්වන සහෝදරයෙක් අලුත් ප්‍රචාරකයෙකුව නැවත බැලීමක් කිරීමට සූදානම් කරවන ආකාරය නිරූපණය කරවන්න. යම් පුද්ගලයෙකුව මුල් අවස්ථාවේදී හමු වූ විට කතා බහ කළ දේවල් ගැන සලකා බලන ඔවුහු නැවත බැලීමේදී ගෙවැසියා සමඟ සාකච්ඡා කළ හැකි කරුණු ගැනද සලකා බලති. නැවත බැලීමට ගොස් මුලින්ම කියන දේවල් ගැනද බැහැදැකීම අවසානයේදී ප්‍රශ්නයක් නඟා තවත් දවසක කතා කිරීමට අඩිතාලම දමන ආකාරයටද ඔවුහු සූදානම් වෙති. මෙම නිරූපණය අවසන් වෙන්නේ ගෙවැසියා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් කරගත් දේ ගැන ඔවුන් නැවත පෙරහුරු කිරීමට යන අවස්ථාවෙනි.

විනා. 20: “ඔබේ ක්ෂේත්‍ර සේවය නිවැරදි ලෙස වාර්තා කරන්න.” d

ගීතිකා අංක 10 සහ අවසාන යාච්ඤාව.

ජූලි 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 138

විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබුණු සම්මාදම් ගැන කියවන්න. මෙහි 8වන පිටුවේ තිබෙන දෙවන යෝජනාව යොදාගනිමින් (ඔබේ සභා බලප්‍රදේශයට ගැළපේ නම්), ජූලි 15 මුරටැඹ කලාපය සහ ජූලි 8 පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ප්‍රායෝගික ඉදිරිපත් කිරීම්ද නිරූපණය කළ හැකියි. වෙළඳ පොළකදී හෝ වෙනත් සුදුසු ස්ථානයකදී අවිධිමත් ලෙස සඟරා ඉදිරිපත් කරන ආකාරය එක් ඉදිරිපත් කිරීමකදී නිරූපණය කරන්න.

විනා. 15: “යෞවනයෙනි, ඔබේ පාසැල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න!”e

විනා. 15: “අප විසින් අන් අයට ගෙවීමට තිබෙන ණයක්”fවර්ෂ 2000 ජූලි 1 මුරටැඹ කලාපයේ 11වන පිටුවේ 13වන ඡේදයේ සඳහන් අදහස් ඇතුළත් කරන්න.

ගීතිකා අංක 82 සහ අවසාන යාච්ඤාව.

අගෝස්තු 1න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 187

විනා. 15: සභා නිවේදන. ජූලි මාසයේ සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. සේවා පාසැල පොතේ 70වන පිටුවට පෙරළන ලෙසට සබයට ආරාධනා කර, සබය සමඟ කරන සාකච්ඡාවක් මාර්ගයෙන් එම පිටුවේ 1-2 ඡේද සහ “රැස්වීම්වලදී අදහස් දැක්විය යුතු අන්දම” යන කොටුව සලකා බලන්න.

විනා. 15: “දේවසේවය තුළ දියුණු වීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දෙමාපියෙක් සහ දරුවෙක් ශුභාරංචිය සරලව ඉදිරිපත් කරන ආකාරය පෙන්වන නිරූපණයක් ඇතුළත් කරන්න. සම්මාදම් සැලැස්ම ගැන කෙටියෙන් සඳහන් කරමින් දෙමාපියා ලවා ඉදිරිපත් කිරීම අවසන් කරන්න.

විනා. 15: ගැළපෙන එලඹීමක් යොදාගෙන කෙනෙකුට කතා කරන්නට ඔබ උත්සාහ කර තිබෙනවාද? වර්ෂ 2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දී ඇති යෝජනා පුනරීක්ෂණය කරන්න. අගෝස්තු මාසයේදී පොත් පත් බෙදා දෙන විට, ගැළපෙන එලඹීමක් යොදාගත හැකි ආකාරය පෙන්වා දෙන්න. එහි සඳහන් ඉදිරිපත් කිරීමක් හෝ දෙකක් නිරූපණය කරන්න.

ගීතිකා අංක 218 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න