නිවේදන
◼ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන පොත් පත්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත බෙදා දෙනු ලැබේ. තමන්ට දරුවන් නැතැයි ගෙවැසියා පවසයි නම්, දැනුම පොත හෝ බයිබලය ගැන තවත් දැනගන්න කැමතිද? පත්‍රිකාව බෙදා දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත සහ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය සහිත ශුද්ධ බයිබලය බෙදා දෙන්න. ජනවාරි: සෝදිසියෙන් සිටින්න! විවරණිකාව ඉදිරිපත් කරන්න. උනන්දුවක් දක්වයි නම්, බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත ඉදිරිපත් කරන්න. උනන්දුව දැක්වූ අයව නැවත ගොස් බැලීමට උත්සාහ කරන්න.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙක් සැප්තැම්බර් 1වන දා හෝ ඊට පසුව හැකි විගස සභා ගිණුම් විගණනය කළ යුතුයි. නඩත්තුවට හෝ ගොඩනැඟිලි කටයුතු සඳහා වෙනම ගිණුමක් තිබේ නම්, එයද විගණනය කිරීමට කටයුතු යෙදිය යුතුයි. අනතුරුව, සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.
◼ සභාවේ ලේකම්, තමන්ගේ රාජ්‍ය ශාලාවේ ඉඩමේ ඔප්පුවක් තිබේ නම් රාජ්‍ය ශාලාවල අයිතිය පිළිබඳ තොරතුරු (T-36) යන පෝරමය පරීක්ෂා කළ යුතුයි. යම් ගෙවීම් කිරීමට තිබේද කියා ඔබේ පළාතේ රජයේ ප්‍රාදේශීය සභාවෙන් විමසන්න. සියලුම ගෙවීම් අදාළ කාලය ඇතුළත ගෙවිය යුතුයි. යම් ගෙවීමක් කළ යුතුද නැද්ද කියා පැහැදිලි නැත්නම්, වහාම ඒ ගැන විමසා බලා ගෙවීමක් කිරීමට නැත්නම් එය ඉවත් කරන්න. නැතහොත් ගෙවිය යුතු නම් නියමිත කාලය තුළ ගෙවන්න.
◼ ලෝක ව්‍යාප්ත වැඩයට, රාජ්‍ය ශාලා අරමුදලට සහ දිස්ත්‍රික් සමුළුවලට එවන පරිත්‍යාගයන් චෙක්පතකින් එවන්නේ නම්, “Watch Tower Bible and Tract Society of Lanka” ලෙසට ලියන්න.
◼ අපගේ රාජ්‍ය සේවාවේ මෙම කලාපයේ 5 සහ 6 පිටුවල සඳහන් 2006 සේවා වසරේ චාරිකා එක්රැස්වීමේ සහ විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහන් සම්බන්ධ ලිපි, පසුව සාකච්ඡා කරන නිසා ඒවා වෙන් කර තබාගත යුතුයි.