ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/05 3-4 පි.
  • තවත් බයිබල් පාඩම් පවත්වමුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තවත් බයිබල් පාඩම් පවත්වමුද?
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 11/05 3-4 පි.

තවත් බයිබල් පාඩම් පවත්වමුද?

1 යෙහෝවා දෙවි තම භූමික සංවිධානයට පුදුමාකාර වර්ධනයක් දෙමින් සිටිනවා. වර්ෂ 2004දී, ලොව වටා 2,62,416දෙනෙක් බව්තීස්ම වුණා. එනම් දවසකට අලුත් ගෝලයන් 700දෙනෙක් නැත්නම්, පැයකට 30දෙනෙක් සංවිධානයට එකතු වී තිබෙනවා. පසුගිය වසරේ ප්‍රතිඵල බැලීමට අපි ඉතා ආශාවෙන් සිටිනවා. ලොවේ විවිධ රටවල අපගේ සහෝදරයන් කොතරම් දුෂ්කරතා බාධාවලට මුහුණ දුන්නත්, රාජ්‍ය වැඩ කටයුතු දිගින් දිගටම සිදු වන්නේ වර්ධනයක්ද සමඟයි. මේ වර්ධනය ගැන අපට කියවන්නට ලැබෙද්දී එය අප තුළ මොන තරම් සතුටක් ඇති කරනවාද!

2 පසුගිය සේවා වසරේදී ශ්‍රී ලංකාවෙත්, ප්‍රචාරක සංඛ්‍යාවේද බෙදා දෙන ලද පොත් පිංච සහ විවරණකාවලද වැඩිවීමක් අපි දුටුවා. නැවත බැලීම් සහ බයිබල් පාඩම්වල තත්වය කුමක්ද? පසුගිය වසරට වඩා මේ වසරේදීද සුළු වර්ධනයක් දක්නට තිබෙනවා. යේසුස්ගේ ගෝලයන් බවට පත්වීමට ජනයාට උපකාර කිරීමට මේ සියලුම දේවල් ඇතුළත්. නැවත බැලීම් සහ බයිබල් පාඩම් වැඩි කරගැනීමට අප සෑම කෙනෙකුටම කුමක් කළ හැකිද?

3 පාඩමක් පැවැත්වීමට ආශාවක් ඇති කරගන්න: අප දෙවි සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් තිබෙන ක්‍රියාශීලී අය විය යුතුයි. ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ” සෙනඟක්. (තීත. 2:14) ක්ෂේත්‍රයේදී සඟරා පොත් පත් බෙදා දුන් අයව නැවත ගොස් බැලීමට අප දැඩි උනන්දුවක් දක්වනවා කියා කිව හැකිද? උනන්දුව දක්වන සැමගෙන් බයිබල් පාඩමක් පවත්වන්න කැමතිද කියා අසන්න තරම් අපට උද්‍යෝගයක් තිබෙනවාද? (රෝම 12:11) නැත්නම්, නැවත බැලීම් සහ බයිබල් පාඩම් කිරීමට මීට වඩා ආශාවක් අපට ඇති කරගත හැකිද?

4 පෞද්ගලිකව බයිබලය කියවීමෙන්, නිතිපතා රැස්වීම්වලට පැමිණීමෙන් සහ ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් ප්‍රබෝධයක් වගේම දෙවිගේ අනුග්‍රහයද අපට ලැබෙනවා. (එෆී. 3:16-19) මේ මගින් යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය හා නිසැකකමත් අපේ අසල්වාසීන් කෙරෙහි ප්‍රේමයත් වැඩි වෙනවා. තවත් කෙනෙකුට සත්‍යය උගන්වන්නට අප පෙලඹෙනවා. එවිට අපේ සේවය වඩාත් සාර්ථක වී, අප මහත් ප්‍රබෝධයක් අද්දකීවි. බයිබල් පාඩමක් පටන්ගන්න දැන් ඔබට ආශාවක් ඇති වෙන්නේ නැද්ද?

5 පළමුව ඔබේ පවුල සමඟ පාඩම් කරන්න: ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන් සමඟ නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීම හරිම වැදගත්. (ද්වි. 31:12, 13; ගීතා. 148:12, 13; හිතෝ. 22:6) බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත දරුවන් සමඟ පාඩම් කිරීම කොතරම් හොඳද! ඒ මගින් ඔවුන් ප්‍රචාරකයන් වීමට සුදුසුකම් ලැබ, පසුව දෙවිට කැප වී බව්තීස්ම වේවි. දරුවාගේ වයස සහ අවශ්‍යතා අනුව වෙනත් තොරතුරුද පාඩම් කරන්නට පුළුවන්. බව්තීස්ම නොලත් දරුවෙකු සමඟ පාඩම් කරන දෙමාපියෙකුට, ඒ පාඩම මෙන්ම ඒ සඳහා ගත වන කාලය හා නැවත බැලීම් ගණනද වාර්තා කළ හැකියි. මේ ගැන 2003 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටියේ සඳහන් වෙනවා.

6 ඔබේ සේවය හොඳින් සැලසුම් කරගන්න: බෙදා දෙන සඟරා, විවරණිකා, පොත් පත් දෙස බලද්දී, සත්‍යයේ බීජ මහත් සේ වැපිරෙන බව කිව හැකියි. මේ බීජවලින් අනාගතයේ නව ගෝලයන් බිහිවීමට තිබෙන ඉඩ කඩ බොහොමයි. නමුත් යම් ගොවියෙක් බීජ පැළ කර ඒවාට වතුර වත් කර, පොහොර දමා සාත්තු කර, අන්තිමේදී පල නෙළන්නට ඔහුට කාලය නැත්නම් ඔහුගේ වෑයමෙන් තෘප්තිමත් විය හැකිද? කොහෙත්ම බැහැ. ඒ වගේමයි, දේවසේවයේදී හමු වූ උනන්දුව දක්වන අයව නැවත ගොස් බැලීමත්.

7 ඔබ නිතිපතා නැවත බැලීම්වලට වේලාව වෙන් කරනවාද? උනන්දුව දැක්වූ සියල්ලන්වම වහාම නැවත ගොස් බලන්න. බයිබල් පාඩමක් ආරම්භ කිරීමේ ඉලක්කය තබාගන්න. ඔබට හමු වූ කෙනෙකු ගැන තොරතුරු හරියට ලියාගෙන තිබෙනවාද? ගෙවැසියාගේ නම සහ ලිපිනය සමඟ ඔහුව මුලින් හමු වූ දිනය, බෙදා දුන් පොත් පත්, කතා කළ දේවල් සහ ඊළඟ වතාවේදී කතා කරන්නට තිබෙන කරුණු යනාදිය සටහන් කරගෙන තිබෙනවාද? යන යන හැම වතාවකදීම තවත් තොරතුරු එයට එකතු කරන්න.

8 නැවත බැලීම කරන සැටි: උනන්දුව දක්වන කෙනෙකුව නැවත ගොස් බැලීමේදී මතක තබාගත යුතු දේවල් මොනවාද? (1) කාරුණිකව, මිත්‍රශීලීව උද්‍යෝගයෙන් කතා කරන්න. (2) එම තැනැත්තාගේ උනන්දුවට ලක් වූ යම් විෂයක් හෝ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. (3) බයිබලයෙන් සරලව කරුණු කියා දෙන්න. (4) ඔබ යන සෑම වතාවකදීම, ඔහුට පෞද්ගලිකව ප්‍රයෝජන වෙන දෙයක් උගන්වන්න උත්සාහ කරන්න. (5) ඊළඟ වතාවේදී සාකච්ඡා කිරීමට තිබෙන දෙයකට ආශාව ඇති කරන්න. (6) ඕනෑවට වඩා කාලය ගත කරන්න එපා. (7) ලැජ්ජාවට හෝ අපහසුතාවකට පත් කරන ප්‍රශ්න අසන්න එපා. (8) බයිබල් ඉගැන්වීම් ගැන යම් අගය කිරීමක් පුද්ගලයා තුළ ඇති වෙන තුරු ඔහු දරන යම් වැරදි මත හෝ නරක පුරුදු හෙළාදකින්න එපා.—සාර්ථකව නැවත බැලීම් කර බයිබල් පාඩම් පටන්ගන්නා ආකාරය පිළිබඳව අමතර තොරතුරු සඳහා, 2003 අප්‍රියෙල් අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න.

9 හමු වන ඕනෑම කෙනෙකුට කතා කරන්න: ආරක්ෂාව තර කර තිබූ එක් නිවාස සංකීර්ණයක වෙසෙන හැමෝගේම නම් සහ නිවාස අංක ලබාගැනීමට එක් සභාවකට හැකියාව ලැබුණා. ලිපියක් සහ කුඩා පත්‍රිකා දෙකක් මෙහි හැම පදිංචිකරුවෙකුටම තැපැල් කළා. බයිබල් පාඩමක් කිරීමට ඔවුන් කැමති නම්, අමතන ලෙසට දුරකථන අංකයක්ද ලිපියේ සඳහන් කෙරුණා. දවස් කිහිපයකට පසුව, එක් යෞවනයෙක් දුරකථනයෙන් බයිබල් පාඩමක් ඉල්ලා සිටියා. ඊළඟ දවසේදී යමෙක් ගොස් ඔහුව හමු වූ අතර, දැනුම පොතෙන් පාඩමක් ආරම්භ කෙරුණා. ඒ සැන්දෑවේම පැවැත්වුණු පොත් පාඩමකටද සහභාගි වූ ඔහු දිගටම රැස්වීම්වලට ආවා. ඒ එක්කම ඔහු බයිබලය දිනපතාම කියවන්නට පටන්ගත් අතර, බව්තීස්මය කරා ඉතා ඉක්මනින්ම දියුණු වුණා.

10 එක්තරා ප්‍රචාරක කණ්ඩායමක් කාර්වලින් ගමන් කර එක්ව නැවත බැලීම් කිරීමට තීරණය කළා. එක් සහෝදරියක් තමාට කලින් හමු වූ කෙනෙකුව බලන්නට ගිය විට එම තැනැත්තා නිවසේ සිටියේ නැහැ. ඒ වුණත් වෙනත් කාන්තාවක් දොර අසලට පැමිණ, “මං හිටියේ ඔයා එනකං” කියා පැවසුවා. මේ තැනැත්තියට මීට කලින් දැනුම පොතක් ලැබී තිබුණා. සහෝදරිය ඒ නිවසට යන විට, එම තැනැත්තිය දෙවතාවක්ම පොත කියවා තිබූ අතර, එහි තොරතුරු ඇගේ සිතට කාවැදී තිබුණා. තමා සමඟ බයිබලය පාඩම් කිරීමට කෙනෙක්ව එවන ලෙස යාච්ඤා කරමින් සිටි නිසා සහෝදරියගේ පැමිණීම ගැන ඇය පුදුම නොවන බව ඇය කියා සිටියා. බයිබල් පාඩමක් ආරම්භ කෙරුණා. රැස්වීම්වලට සහභාගි වූ ඇය සත්‍යයේ ශීඝ්‍ර දියුණුවක් අද්දැක්කා.

11 වසර 25ක කාලයක් බව්තීස්ම වී සිටි සහෝදරියක් මෑතකදී ඇගේ මවට දැනුම පොතක් දුන්නා. පල්ලියට යමින් සිටි ඇගේ මව ඒ පොත කියවීමට පටන්ගත්තා. මුල් පරිච්ඡේද දෙක කියවා අවසන් වූ පසු, ඇය ඇගේ දියණියට කතා කර මෙසේ පැවසුවේ ඇයව පුදුමයට පත් කරවමින්. “මටත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙන්න ඕනෑ.” මව පාඩම් කරන්න පටන්ගත් අතර දැන් ඇය බව්තීස්ම වෙලා.

12 මේ යෝජනාද අත්හදා බලන්න: කෙළින්ම බයිබල් පාඩමක් කරමුද කියා ඔබ අසා තිබෙනවාද? මෙසේ කියන්න. “ඔයා කැමතිද ගෙදරදීම බයිබල් පාඩමක් කරන්න? මම ඒක කරන හැටි කෙටියෙන් පෙන්වන්නම්. ඔයා කැමති නම්, අපි දිගටම කරමු.” බොහෝදෙනෙක් එවැනි යෝජනාවකට අකමැති වන්නේ නැහැ. ඒ වගේම බයිබල් පාඩමක් කරන සැටිත් දැනගන්න එවෙලේම ඔවුන් කැමති වෙයි.

13 පාඩමට සූදානම් වන සැටි පාඩම ආරම්භයේදීම පෙන්වන්න. සඳහන් කර ඇති බයිබල් පදද කියවීමට දිරිගන්වන්න. මුද්‍රිත ප්‍රශ්නවලට අදාළ පිළිතුරුවලට යටින් ඉරි ගසන සැටි කියා දෙන්න. මූලික කරුණු හොඳින් අවධාරණය කරන්න. මුල් අවස්ථාවලදී පාඩම කරන වේලාව, සාකච්ඡා කෙරෙන කරුණු යනාදිය වෙනස් වුණත් නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීම ඉතා වැදගත්. පාඩමේදී යාච්ඤා කිරීමටත් විරෝධතාවලට මුහුණ දෙන ආකාරය බයිබලයෙන් කියා දීමටත් මතක තබාගන්න. උද්‍යෝගයෙන් පාඩම කරන්න.

14 හැම ශිෂ්‍යයෙක්ම එකම වේගයකින් දියුණුවක් පෙන්වන්නේ නැති බව ඇත්තයි. බයිබලයෙන් කාරණා ඉගෙනගැනීමට සමහරුන්ට එතරම් නැඹුරුවාවක් නැහැ. දේවල් උරාගැනීමටත් සමහරුන් එතරම් දක්ෂ නැහැ. තවත් අය ඉතා කාර්යබහුල නිසා සෑම සතියකම සම්පූර්ණ පරිච්ඡේදයක් නිම කිරීමට කාලය ඔවුන්ට නැහැ. දැන් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත තිබෙන නිසා, තවත් මිලියන ගණනක්ව බව්තීස්මය කරා ගෙන ඒමට අපට හැකි වේවි. පාඩම කරන අතරේදී සභා රැස්වීම්වලට යෑමෙන් සෑම පුද්ගලයෙකුටම සත්‍යය තුළ ස්ථිර අත්තිවාරමක් දමාගැනීමට හැකියාව ලැබෙනවා ඇති.

15 පාඩමක් ආරම්භ කිරීම සඳහා ශක්තිය දෙන්න කියා දෙවිට යාච්ඤා කරන්න. (1 යොහ. 3:22) ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වීම සඳහා අන් අයට උපකාර කිරීමට යෙහෝවා විසින් අපව යොදාගැනීම ගැන අප කොතරම් ප්‍රීති විය යුතුද! (ක්‍රියා 20:35; 1 කොරි. 3:6-9; 1 තෙස. 2:8) දැන් තමයි, උද්‍යෝගයෙන් බයිබල් පාඩම් පැවැත්විය යුතු කාලය! ඔබ මේ සඳහා ගන්නා වෑයමට යෙහෝවා දෙවි ඔබට මහඟු ලෙස ආශීර්වාද කරාවියයි අපේ පැතුමයි!

[Blurb on page 3]

නව බයිබල් පාඩමක් සඳහා ඔබ යාච්ඤා කරනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න