සේවා රැස්වීම් වැඩසටහන
පෙබරවාරි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 121
විනා. 10: සභා නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් පළමු යෝජනාව හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන ඉදිරිපත් කිරීම් යොදාගනිමින්, පෙබරවාරි 1 මුරටැඹ හා පෙබරවාරි පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය පෙන්වා දෙන්න. එක් ඉදිරිපත් කිරීමකදී, මහජනයා ගැවසෙන ස්ථානයකදී සාක්ෂි දරන අන්දම නිරූපණය කරන්න.
විනා. 10: ඔබ යෙහෝවාගේ සංවිධානය සමඟ ඉදිරියට ගමන් කරමින් සිටිනවාද? යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම (සිංහලෙන් නැත) පොතේ පිටු 7-10 දක්වා කතාවක්.
විනා. 25: “‘ලෝකයේ ආලෝකය’ ගැන අන්‍යයන්ට කතා කරන්න.”a සේවා අවේක්ෂක විසින් ඉදිරිපත් කෙරේ. උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කරන අයගේ නම් නිවේදනය කරන්න. ක්ෂේත්‍ර සේවය සඳහා අමතරව සූදානම් කර ඇති ස්ථාන ගැන සඳහන් කරන්න. වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ සඳහන් උපකාරික පුරෝගාමි සේවය කරන අන්දම පිළිබඳ සැලැස්ම ගැන යම් අදහස් කිහිපයක් දක්වන්න.
ගීතිකා අංක 224 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 89
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “සාක්ෂි දැරීමට අවස්ථා පාදාගන්න.”bසාක්ෂි දැරීමට අසීරු තත්වයන් තිබුණත් ඒ සඳහා අවස්ථා පාදා ගත් ආකාරය ගැන ප්‍රචාරකයෙකුගෙන් අදහස් විමසන්න.
විනා. 20: “ඉතා ළං වූ පිහිටක්.”c වැඩිමහල්ලෙකු විසින් ඉදිරිපත් කළ යුතුයි. වර්ෂ 1998 නොවැම්බර් සහ 2000 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවන්වල ඇති ප්‍රශ්න පෙට්ටිවලින් කෙටියෙන් අදහස් දක්වන්න.
ගීතිකා අංක 1 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 20
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් ලැබීම් ගැන සඳහන් කරන්න. පෙබරවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 8වන පිටුවේ දෙවෙනි යෝජනාව හෝ ඔබේ ප්‍රදේශයට ගැළපෙන ක්‍රමයක් යොදාගනිමින් පෙබරවාරි 15 මුරටැඹ හෝ පෙබරවාරි පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 25: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන ආකාරය. මාර්තු මාසයේදී අප මෙම නව පොත ඉදිරිපත් කරමු. වර්ෂ 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 3-6 පිටුවල අතිරේකයේ සඳහන් ඔබේ ප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදා ගෙන, ඒවා යළි විමසා බලා නිරූපණය කරන්න. මෙම නව පොතෙන් බයිබල් පාඩම් පටන්ගැනීම ඇතුළු කැපීපෙනෙන අද්දැකීම් තිබේ නම් ඒවා පවසන ලෙස සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 148 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 51
විනා. 10: සභා නිවේදන. අපේ පත්‍රිකාවල ඉතා සිත් ගන්නාසුලු පෙනුමක් ඇති නිසා, ඒවායින් කතා බහක් පටන්ගැනීම ඉතා පහසුයි. ගෙයින් ගෙට, මහජනයා ගැවසෙන තැන්වලදී හා ඉඳහිට සාක්ෂි දරන අවස්ථාවලදී මේවා යොදාගන්නා මෙන් දිරිගන්වන්න. දුක් වේදනාවල නිමාව අත ළඟයි! නව පත්‍රිකාව යොදාගනිමින් සංවාදයක් ආරම්භ කරන ආකාරය නිරූපණය කරන්න. මෙම පත්‍රිකාවේ 2වන පිටුවේ උපුටා දක්වා ඇති බයිබල් පදයක් හුවා දක්වන්න.
විනා. 15: “හොඳින් සූදානම් වන්න.”d ප්‍රචාරකයන් දෙදෙනෙක් බයිබලයේ ඉගැන්වීම් පොත බෙදා දෙන ආකාරය පිළිබඳ කෙටි නිරූපණයක් ඉදිරිපත් කරති. ඔවුහු 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන් ඉදිරිපත් කිරීමක් තෝරාගෙන එය තමන්ගේ වචනවලට හරවාගෙන ප්‍රදේශයට ගැළපෙන විදිහ සාකච්ඡා කරති. සාකච්ඡා කළ දේ පෙරහුරු කිරීමට පටන්ගන්නවාත් සමඟම නිරූපණය අවසන් කරන්න.
විනා. 20: “ඉගැන්වීමට වීඩියෝ පට යොදාගන්න.”eලිපියේ සඳහන් එක් එක් වීඩියෝ පටය ගැන සාකච්ඡා කරත්ම, එහි කවරය පෙන්වා කවරයේ ඇති සටහනේ සඳහන් දේ ගැන කතා කරන්න. වීඩියෝ පට යොදාගැනීම නිසා ලත් අද්දැකීම් තිබේ නම්, ඒවා ඉදිරිපත් කරන ලෙස සබයෙන් ඉල්ලා සිටින්න.
ගීතිකා අංක 68 සහ අවසාන යාච්ඤාව.
[Footnotes
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට වඩා සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට වඩා සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට වඩා සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට වඩා සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට වඩා සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.