ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/06 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
2006 අපගේ රාජ්‍ය සේවාව
km 3/06 3 පි.

නිවේදන

◼ මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වූ නමුත් සභාව සමඟ ඇසුරු නොකරන අයව හමුවීමේදී හා නැවත බැලීම් කිරීමේදී බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත බෙදා දෙන්න. මෙහි අරමුණ නම් බයිබල් පාඩම් පටන්ගැනීමයි. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් නැතැයි කියා යමෙක් කීවොත් පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කරන්න.

◼ අප්‍රියෙල් මස සති අන්ත පහක් තිබෙන බැවින්, එය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයක්.

◼ වර්ෂ 2006 අප්‍රියෙල් 12වන බදාදා සිහි කිරීම පැවැත්වේ. ඔබේ සභාවේ රැස්වීම් බදාදා දවසට වැටී තිබේ නම්, සතියේ වෙනත් දවසක රැස්වීම යොදාගන්න. එසේ කළ නොහැකි නම්, ඔබේ සභාවට විශේෂයෙන් අදාළ කොටස් වෙනත් සතියක පැවැත්වෙන සේවා රැස්වීමකදී ඒවා සාකච්ඡා කළ හැකියි.

◼ සභාවට ලැබෙන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හැකි ඉක්මනින් බෙදාහැරිය යුතුයි. එවිට ක්ෂේත්‍රයේ සඟරා බෙදා දීමට පෙර ප්‍රචාරකයන්ට ඒවායේ තිබෙන දේවල් ගැන අවබෝධයක් ලැබීමට කාලය තිබේ. අපගේ රාජ්‍ය සේවාවද ලැබුණ විගස ප්‍රචාරකයන්ට බෙදා දිය යුතුයි. පොත් පාඩම් මට්ටමින් මෙය කළ හැකියි.

◼ නෝවා දෙවි සමඟ ගමන් කළා යන වීඩියෝ වැඩ සටහන මැයි මාසයේ සේවා රැස්වීමකදී සලකා බැලෙනවා ඇත. මෙහි පිටපත් අවශ්‍ය නම්, හැකි ඉක්මනින් සභා මගින් ඉල්ලුම් කළ යුතුයි.

◼ එක් එක් ප්‍රචාරකයන්ට පෞද්ගලිකව ශාඛා කාර්යාලයෙන් පොත් පත් ඉල්ලුම් කළ නොහැක. සභාවකින් මාසිකව පොත් පත් ඉල්ලුම් කිරීමට පෙර, මුලසුන භාර අවේක්ෂක සෑම මසකම පොත් ඉල්ලුම් කරන ලෙස සභාවට නිවේදනයක් සූදානම් කළ යුතු අතර, එවිට පෞද්ගලිකව පොත් පත් ලබාගැනීමට කැමති අයට තම ඉල්ලුම පොත් අංශයට භාර දිය හැකියි. විශේෂ ඉල්ලුම් අයිතම් මොනවාද කියා මතක තබාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න