සේවා රැස්වීම් වැඩසටහන
දෙසැම්බර් 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 174
විනා. 10: සභා නිවේදන. මෙහි 6වන පිටුවේ සඳහන් හෝ වෙනත් ගැළපෙන යෝජනා යොදාගෙන, නොවැම්බර් පිබිදෙව්! කලාපය සහ දෙසැම්බර් 1 මුරටැඹ කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් නිරූපණයකදී, “මට ඕවා ගැන උනන්දුවක් නැහැ” කියන කෙනෙකුට පිළිතුරු දෙන ආකාරය පෙන්වන්න.—බයිබල් සාකච්ඡා ආරම්භ කර දිගටම කරගෙන යා හැකි අයුරු පොත් පිංචයේ 8වන පිටුව බලන්න.
විනා. 15: වර්ෂ 2007 සඳහා දිව්‍යාණ්ඩු පාසැල් වැඩසටහන. පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවන කතාවක් සහ සම්මුඛ සාකච්ඡාවක්. වර්ෂ 2006 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන් ගත් සභාවට ගැළපෙන කරුණු සාකච්ඡා කරන්න. ශිෂ්‍යයෙක් වැඩ කරන කථික ගුණාංගය පාසැල් අවේක්ෂක විසින් කලින් නිවේදනය නොකරන බව සඳහන් කරන්න. වර්ෂ 2007දී යෙසායා 24 පරිච්ඡේදයෙන් පටන්ගෙන වසර අවසානයේදී මලාකී පොතෙන් බයිබල් කියවීම අවසන් වන බැවින්, බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට, මෙම අනාවැකිමය බයිබල් පොත් පිළිබඳව ලියා ඇති අපගේ ප්‍රකාශනවලින් කරුණු රැස් කරගැනීමට අවස්ථාවක් තිබේ. පහත සඳහන් පරිදි, ප්‍රචාරකයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. අලුත් ශිෂ්‍යයෙක්, හොඳ ප්‍රගතියක් දක්වන තරුණ ශිෂ්‍යයෙක්, අද්දැකීම් ලත් ශිෂ්‍යයෙක්. පාසැල මගින් තමන්ට සහ තමන්ගේ සේවයට ලැබී ඇති මහඟු ප්‍රයෝජන ගැන ඔවුන් ලවා විස්තර කරවන්න. පාසැලේ පැවරුම් බැරෑරුම් ලෙස සලකන ලෙසත්, බයිබල් කියවීමේ විශේෂාංග කොටසට හවුල් වන ලෙසත්, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු පොතෙන් සතිපතා දෙන යෝජනා අදාළ කරගන්නා ලෙසත් සියල්ලන්ට දිරිගන්වන්න.
විනා. 20: “මුලින් තිබූ ප්‍රේමය නැති කරගන්න එපා!”a කාලය තිබේ නම්, සඳහන් කර ඇති බයිබල් පද ගැන අදහස් දක්වන ලෙස සබයෙන් ඉල්ලා සිටින්න.
ගීතිකා අංක 193 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 150
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. දෙසැම්බර් 25 සහ ජනවාරි 1 යන දිනවල විශේෂ ක්ෂේත්‍ර සේවා සැලසුම් නිවේදනය කරන්න.
විනා. 15: “යම් තරමක හෝ උනන්දුවක් දැක්වූ අයව නැවත ගොස් බලන්න!”b අවිධිමත් සාක්ෂිදැරීමේදී හෝ වීදි සේවය කිරීමේදී උනන්දුව දැක්වූ අයගේ නම් සහ ලිපින හෝ දුරකථන අංක ලබාගැනීමට තමන්ට හැකි වූ ආකාරයත්, ඒ අයව නැවත ගොස් බැලීමේදී ලැබූ අද්දැකීම් ගැනත් පැවසීමට සබයට ආරාධනා කරන්න. මේ අදහස් එකක් හෝ දෙකක් කලින්ම සූදානම් කළ හැකියි.
විනා. 20: අපගේ දේවසේවයේදී නව අවස්ථා උදා කරගෙන, නම්‍යශීලී වී තත්වයන්ට සකස්වන්න. වර්ෂ 2005 දෙසැම්බර් 1, මුරටැඹ කලාපයේ පිටු 28-30 මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. මෙහි 6-11 ඡේද මත තොරතුරු කතාවක් ලෙසට සාදාගෙන පාවුල්, අනුන්ට සවන් දුන් සැටිත්, නම්‍යශීලී වූ ආකාරයත්, දේශනා කිරීමේදී හා ඉගැන්වීමේදී බොහෝ තොරතුරු බෙදාගත් ආකාරයත් හුවා දක්වන්න. ඉන්පසුව 12-14 ඡේදවල ප්‍රශ්න ගැන අදහස් දක්වන ලෙස සබයට ආරාධනා කර, සභාවට ඒවා අදාළ කරන්න. පුද්ගලයන්ගේ අවශ්‍යතා, තත්වයන් හා සංස්කෘතික පසුබිම තේරුම්ගෙන නම්‍යශීලීව ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය පෙන්වන නිරූපණයක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 108 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 210
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව සහ ලැබූ සම්මාදම් ගැන සඳහන් කරන්න. මෙහි 6වන පිටුවේ හෝ වෙනත් යෝජනා යොදාගෙන, දෙසැම්බර් 15 මුරටැඹ සහ දෙසැම්බර් පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ එක් එක් නිරූපණය අවසානයේදී, ඊළඟ බැහැදැකීම කරන විට, බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පිළිතුරු දීමට හැකි වන පරිද්දෙන් ප්‍රශ්නයක් තබා එන අන්දම පෙන්වා දෙන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “ඔබට පෞද්ගලික බල ප්‍රදේශයක් තිබෙනවාද?”c සභාවේ ක්ෂේත්‍ර සේවා බල ප්‍රදේශ සීමා මොනවාද කියාත්, කොතරම් කාලයක් ඇතුළත ආවරණය කෙරෙනවාද කියාත්, පෞද්ගලික බල ප්‍රදේශ ලබාගත හැකිව තිබේද යන්න ගැනත් සේවා අවේක්ෂකගෙන් අදහස් විමසන්න.
ගීතිකා අංක 219 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 158
විනා. 10: සභා නිවේදන. දෙසැම්බර් මාසයේ සේවා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 15: දේවසේවයේ ප්‍රගතිය ගැන වාර්තා කිරීම. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 83වන පිටුවේ සිට එම පරිච්ඡේදයේ අවසානය දක්වා තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (අතිරේකය බලන්න.)
විනා. 20: බෙදුණු ලෝකයක ක්‍රිස්තියානීන් දක්වන ආගන්තුක සත්කාරය. වර්ෂ 1996 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ පිටු 14-19 දක්වා තොරතුරු මත පදනම් කතාවක්, වැඩිමහල්ලෙකු විසින්. සභාවේ සහෝදර සහෝදරියන්ව සුහද ලෙස ආශ්‍රය කරන ලෙසට දිරිගන්වන්න. දරුවන්ව දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ තබාගන්නත් සියලුම වයස්වල අයව ඇසුරු කිරීමටත් දිරිගන්වන්න. තවද 3 යොහන් 1-8හි සඳහන් අදහස් සාකච්ඡා කර, මෙම තොරතුරු සංචාරක අවේක්ෂකයන්ට හා දෙවිගේ සංවිධානයේ වෙනත් නියෝජිතයන්ට අදාළ වෙන ආකාරය පෙන්වා දෙන්න.
ගීතිකා අංක 65 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.