දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය පහත සඳහන් ප්‍රශ්න 2007
පෙබරවාරි 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 ජනවාරි 1 සිට පෙබරවාරි 26 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න. ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අප ඉදිරිපත් කරන කතාවේ ඇති ප්‍රායෝගික අදාළත්වය පෙන්නුම් කළ යුත්තේ කුමන අවස්ථාවේ සිටද? එය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද? [be 158 පි. 2-4 ඡේ.]
2. අප සාකච්ඡා කරන කාරණයෙහි ප්‍රායෝගික වටිනාකම තේරුම්ගැනීමට අන් අයට උපකාර කිරීම වැදගත් වෙන්නේ ඇයි? එසේ කළ හැක්කේ කෙසේද? [be 159 පි. 3-4 ඡේ.]
3. අප කතා කරද්දී වචන තේරීම වැදගත් වෙන්නේ ඇයි? [be 160 පි.]
4. විවිධත්වයකින් යුත් වචන නිවැරදිව හසුරුවන්න අපට උපකාර කරන්නේ කුමක්ද? [be 161 පි. 5-6 ඡේ.; 162 පි. 1, 4 ඡේ.]
5. ලිඛිතව හෝ මතකයේ තැන්පත් වී ඇති දළ සටහනක් ඇසුරෙන් කතාවක් ඉදිරිපත් කිරීමේ ප්‍රයෝජන මොනවාද? [පෙබ. 19, be 166 පි. 1-3 ඡේ.]
පැවරුම් අංක 1
6. කියවීමට පවරා ඇති කොටසක් සූදානම් විය යුත්තේ කෙසේද? [be 43 පි. 4 ඡේ.]
7. හරි දේට ඇලුම් කර වැරදි දේට ද්වේෂ කරන යෙහෝවා දෙවිගේ ආකල්පය වර්ධනය කර ගන්න අපිට අවශ්‍ය කුමක්ද? (හෙබ්‍රෙ. 5:14) [w05 1/1, 9 පි. 11 ඡේ.]
8. බයිබලයේ සඳහන් යම් සිද්ධියක් ගැන අපි කියවන විට දෙවි යම් අයුක්තිසහගත අසාධාරණ ආකාරයකට ක්‍රියා කර ඇද්දැයි අපට සැක සිතේ නම් අපි මතක තබාගත යුත්තේ කුමක්ද? [w05 2/1, 24 පි. 7 ඡේ.]
9. මිනිස් නීති සහ දෙවිගේ නීති ගැටෙන විට අපි කළ යුත්තේ කුමක්ද? [w05 4/15, 12 පි. 9 ඡේ.]
10. දේවරාජ්‍යය ගැන සහ මඟ සූදානම් කරන්නා වන යොහන් බව්තීස්ත ගැන යෙසායා පැවසුවේ කුමක්ද? [bsi06-SN 31 පි. 35 ඡේ.]
සතිපතා බයිබල් කියවීම
11. යෙසායා 25:7හි සඳහන් “වැස්ම” සහ “අතුළ තිරය” කුමක්ද?
12. මිනිසුන්ට යෙහෝවා දෙවිව “දකින්න” සහ ‘අසන්න’ හැක්කේ කෙසේද? (යෙසා. 30:20, 21)
13. හරිද වැරදිද? යෙසායා 38:3හි සඳහන් ලෙස හෙසකියා යාච්ඤා කළේ වැඩි කලක් ජීවත් වීම සඳහා ඔහුට තිබූ දැඩි ආශාව නිසයි.
14. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට සේවය කළේ කොහොමද? ඔවුන්ව අනුගමනය කිරීමට අපිට හැක්කේ කෙසේද? (යෙසා. 43:10)
15. යෙසායා 52:11, 12හි පෙන්වා ඇති අනාවැකිය අනුව ‘යෙහෝවාගේ භාණ්ඩ දරන්නන්ගෙන්’ බලාපොරොත්තු වුණේ කුමක්ද?