නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි අයට සහ නැවත බැලීම්වලට බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: මැවුම්කරු පොත හෝ පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කළ හැකියි. ජූලි සහ අගෝස්තු: පිටු32න් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ අප්‍රියෙල් මාසයේ පටන්, 2007 දිස්ත්‍රික් සමුළු බැජ් කාඩ්පත් සභාවට ලැබෙන පොත්පත් තොගය සමඟ එවනු ඇත. එනිසා මේවා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. සභාවට අමතර කාඩ්පත් අවශ්‍ය නම් පොත්පත් ඉල්ලුම් පෝරමයේ (S-14) සඳහන් කර එවන්න. සභාවේ කැමති අයට ප්ලාස්ටික් බැජ් කාඩ්පත් රඳවනයන්ද ඉල්ලුම් කල හැක.
◼ සභා ලේකම් විසින් ස්ථාවර පුරෝගාමී සේවය සඳහා ඉල්ලුම් පත (S-205) උපකාරික පුරෝගාමීන් සඳහා ඉල්ලුම් පත (S-205b) යන පෝරම ඇති තරම් ප්‍රමාණයක් නිතරම සභාවේ තබා ගත යුතුයි. මේවා පොත්පත් ඉල්ලුම්පෝරමය (S-14) මඟින් ඉල්ලුම් කළ හැකියි. අඩුමතරමින් අවුරුද්දකටවත් අවශ්‍ය ප්‍රමාණයක් තබාගත යුතුයි. ස්ථාවර පුරෝගාමී අයදුම්පත් ශාඛා කාර්යාලයට එවීමට පෙර, ඒවා සම්පූර්ණයෙන්ම පුරවා ඇද්දැයි බලන්න.
◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ සහ ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දුරකථන අංක ශාඛා කාර්යාලයේ තිබිය යුතුයි. යම් වෙනසක් වේ නම්, සේවා කමිටුව විසින් Presiding Overseer/Secretary Change of Address (S-29) පෝරමය පුරවා අත්සන් කර ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දුරකථන අංකවල යම් වෙනසක් වේ නම් ඒවාද සඳහන් කර අලුත් පෝර්මයක් එවිය යුතුයි.
◼ ඔබ විදේශ සංචාරයක යෙදෙන ඕනෑම අවස්ථාවක, එම රටේ සභා රැස්වීම්වලට, එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යෑමට අදහස් කරන්නේ නම්, ඒවා පැවැත්වෙන දින, වේලාවන් සහ ස්ථාන ගැන එම රටේ ශාඛා කාර්යාලයෙන් තොරතුරු විමසිය යුතුයි. ශාඛා කාර්යාලවල ලිපින වත්මන් වාර්ෂික පොතේ අන්තිම පිටුවේ ලැයිස්තුගත කොට තිබේ.