ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/08 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූලි 14න් පටන්ගන්නා සතිය
  • ජූලි 21න් පටන්ගන්නා සතිය
  • ජූලි 28න් පටන්ගන්නා සතිය
  • අගෝස්තු 4න් පටන්ගන්නා සතිය
2008 අපගේ රාජ්‍ය සේවාව
km 7/08 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජූලි සහ අගෝස්තු මාස සඳහා අපගේ රාජ්‍ය සේවාවේ රැස්වීම් වැඩසටහන අප දී තිබුණත් “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” යන දිස්ත්‍රික් සමුළුවට සහභාගි වන සතියේදී ඔබේ සභාවට ගැළපෙන පරිදි වෙනසක් කළ හැකියි. ඔබේ සභාවට නියමිත සමුළුවට කලින් සතියේ සේවා රැස්වීමේදී මෙහි අතිරේකයේ දී ඇති උපදෙස් හා සිහිගැන්වීම් සලකා බැලීමට විනාඩි 15ක් වෙන් කර සභාවට අදාළ වන කරුණු පමණක් සලකා බලන්න. සමුළුවෙන් මාසයක් හෝ දෙකකට පසු සේවා රැස්වීමකදී විනාඩි 15ක හෝ 20ක සමාලෝචනයක් කරන්න. (ඒ සඳහා සභා අවශ්‍යතා කොටස යොදාගත හැකියි) දේවසේවය සඳහා උපකාරවත් වූවා යැයි ප්‍රචාරකයන්ට හැඟුණ කරුණු ගැන විමසන්න. මේ කොටස මෙහෙයවිය යුත්තේ සේවා අවේක්ෂක විසින්. දැනටමත් දේවසේවයේදී එම කරුණු අදාළ කරගන්නා ආකාරය හෝ අදාළ කරගැනීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සබයෙන් අදහස් ගන්න.

ජූලි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 126

විනා. 10: සභා නිවේදන.

විනා. 20: ‘කතා කිරීමේ නිදහස’ ඔබට තිබෙනවාද? වර්ෂ 2006 මැයි 15 මුරටැඹ සඟරාවේ 13-16 දක්වා පිටු මත පදනම් කතාවක්. නිර්භීත ලෙස දේශනා කිරීමේ වැදගත්කම කාවද්දන්න.

විනා. 15: “දෙවි සපයන පෝෂණයෙන් ප්‍රයෝජන ගනිමු.”aසභා ලේකම් විසින් මෙහෙයවිය යුතුයි. සභාවට නියමිත සමුළු දවස් ගැන සඳහන් කරන්න. “දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්” යන කොටුව සලකා බලන්න.

ගීතිකා අංක 147

ජූලි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 95

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන ජූලි 1 මුරටැඹ හා ජූලි පිබිදෙව්! ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: “පොත් පාඩමේදී පාඩම් කරන්නේ මගේ බයිබල් කතන්දර පොතයි.”bමෙම පොතේ සිත්ගන්නා විශේෂ ලක්ෂණ ගැන සඳහන් කරන්න. අපගේ රාජ්‍ය සේවාවේ හත්වන පිටුවේ තිබෙන පොත් පාඩම් වැඩසටහන මෙන්ම මඟ පෙන්වීම් සලකා බලන්න. පොත් පාඩමට නොකඩවා පැමිණීමටත් පිළිතුරු දීමටත් දිරිගන්වන්න. රැස්වීම්වලට හොඳින් සූදානම් වන ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. සෑම රැස්වීමකටම හොඳින් සූදානම් වීමට ඔවුන්ව පොලඹවන්නේ කුමක්ද කියා අසන්න.

විනා. 20: “නැවත බැලීම් සාර්ථක කරගැනීමට මඟ සූදානම් වීමයි.”cප්‍රචාරකයෙක් නැවත බැලීමකට යෑමට පෙර එයට සූදානම් වන ආකාරය විනාඩි හතරකින් නිරූපණය කරන්න. සති අන්තයේදී නැවත බැලීම් දෙකකට යා යුතු බව පවසන ඔහු ගේ හිමියන් ගැන ලබාගත් සටහන් පරීක්ෂා කරයි. මේ දෙදෙනාටම කලින් කතා කළ දේවල් යළි මතක් කරගන්නා ඔහු නැවත ගොස් ඔවුන් සමඟ කතා කළ යුත්තේ කුමන කාරණාද කියාත් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට අඩිතාලම දමන්නේ කෙසේද කියාත් කල්පනා කරයි. ඔහු එක් අයෙකුට බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර අනික් තැනැත්තාගේ උනන්දුව වැඩි කිරීම සඳහා පස්වන ඡේදයේ සඳහන් යෝජනාවට එකඟව සූදානම් වෙයි.

ගීතිකා අංක 189

ජූලි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 6

විනා. 15: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඊළඟ සතියේ පැමිණෙන විට අගෝස්තු 1 මුරටැඹ හා අගෝස්තු පිබිදෙව්! සඟරා ගෙන ඒමටත් ප්‍රදේශයේ ජනයාට ගැළපෙන ආකාරයට එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන කරන සාකච්ඡාවේදී අදහස් දැක්වීමටත් සූදානම් වී පැමිණෙන්න කියා මතක් කරන්න. ජූලි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ගිණුම් වාර්තාව කියවා සම්මාදම් කිරීම ගැන ස්තුති කිරීමේ ලිපිය කියවන්න. අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන සඳහන් කර එයින් එකක් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. සබය සමඟ සාකච්ඡාවක්.

විනා. 20: “අපි බලකොටු බිඳ හෙළමු.”d තමන්ගේ සිත්වලට තදින් කාවැදී තිබූ අසත්‍ය ආගමික විශ්වාස නැති කරගැනීමට බයිබල් පාඩම කළ තැනැත්තා ඉවසිලිවන්තව උපකාර කළ ආකාරය පැවසීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකා අංක 106

අගෝස්තු 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 222

විනා. 10: සභා නිවේදන.

විනා. 15: “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරමු.”eකාලය තිබේ නම් සඳහන් කර තිබෙන බයිබල් පද යොදාගනිමින් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.

විනා. 20: අලුත් සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. සබය සමඟ සාකච්ඡාවක්. ජූලි 1 මුරටැඹ සහ ජූලි පිබිදෙව්! සඟරාවල ලිපි ගැන සමස්ත අදහස කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නා ලිපි මොනවාද කියාත් එසේ පැවසීමට හේතු ගැනත් සබයෙන් අසන්න. තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ලිපිවල විශේෂ කරුණු ගැන සඳහන් කිරීමට සබයට ආරාධනා කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයක්ද? ඉන්පසු කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද? අපගේ රාජ්‍යය සේවාවේ සඳහන් යෝජනාවක් හෝ සබයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් යොදාගනිමින් එම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.

ගීතිකා අංක 83

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න