ප්‍රශ්න පෙට්ටිය
◼ අපේ දේවසේවය නවත්වන ලෙස පැවසුවොත් අප කුමක් කළ යුතුද?
දේවසේවයේ යෙදෙන විට අපේ සේවය නීති විරෝධියයි කියමින් එය නවත්වන ලෙස සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීන් පවසා තිබෙනවා. එවැනි තත්වයක් ඇති වුණොත් හැකි ඉක්මනින් එම ප්‍රදේශයෙන් ඉවත් වී යන්න. (මතෙ. 5:41; ෆිලි. 4:5) මෙවැනි සේවයක් කිරීමට අපට තිබෙන නීත්‍යනුකූල අයිතිය ගැන කතා කරමින් එය පෞද්ගලිකව විසඳීමට උත්සාහ කිරීමෙන් වළකින්න. හැකි නම් එම නිලධාරියාගේ බැජ් අංකය හා ඔහු කුමන පොලිස් ස්ථානයට අයිතිද වැනි තොරතුරු ඥානවන්තව සොයාගන්න. ඉන්පසු එම සිදුවීම ගැන හැකි ඉක්මනින් වැඩිමහල්ලන්ට දන්වන්න. ඔවුන් ඒ බව ශාඛා කාර්යාලයට දන්වයි. ඒ වගේම තට්ටු නිවාසයක් නැතහොත් නිවාස සංකීර්ණයක් භාර නිලධාරියෙක් හෝ එහි සිටින වෙනත් නියෝජිතයෙක් හෝ එම නිවාසවලට නොයන ලෙස පැවසුවොත් ඔබ ඊට කීකරු විය යුතුයි. අප එවැනි නිලධාරීන් සමඟ මෘදු හා නිහතමානි අන්දමින් කටයුතු කරන විට අනවශ්‍ය ගැටලු බොහොමයක් මඟහරවාගත හැකියි.—හිතෝ. 15:1; රෝම 12:18.