නිවේදන
◼ සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වන පුද්ගලයෙක් හමු වූ විට ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව දෙන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක සේවය කරන විට පරණ සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති සඟරාවත් ඉදිරිපත් කළ හැකියි. නොවැම්බර්: බයිබලය එහි පණිවිඩය කුමක්ද? නමැති සඟරාව ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත ඉදිරිපත් කරන්න. දරුවන් සිටිනවා නම් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත ඉදිරිපත් කළ හැකියි. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න.
◼ වර්ෂ 2011 සිහි කිරීමේ සමයේදී ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රසිද්ධ කථාව 2011 අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. එම සති අන්තයේදී චාරිකා සේවක පැමිණෙන හෝ එක්රැස්වීමක් තිබෙන සභාවල මෙම විශේෂ කතාව දෙනු ලබන්නේ ඊළඟ සතියේදියි. කිසිම සභාවක් අප්‍රියෙල් 25වනදාට පෙර මෙම කතාව ඉදිරිපත් නොකළ යුතුයි.