ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/11 7 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 2/11 7 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2011 පෙබරවාරි 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2011 ජනවාරි 3වෙනිදා සිට පෙබරවාරි 28වෙනිදා දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල මෙහෙයවන්නා විසින් සාකච්ඡා කරයි.

1. හෙසකියා, රජ වූ ගමන්ම කළේ කුමක්ද? ඔහුව ආදර්ශයට ගන්න අපට පුළුවන් කොහොමද? (2 ලේක. 29:16-18) [w09 6/15 9 පි. 13 ඡේ.]

2. යෙරෙමියා 25:8-11හි සඳහන් අනාවැකිය ඉටු වූ බව 2 ලේකම් 36:21හි සඳහන් දෙයින් ඔප්පු වන්නේ කොහොමද? [w06 11/15 32 පි. 1-4 ඡේ.]

3. යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයේ සිටියේ හරියටම වසර 70ක් බව එස්රා 3:1-6හි සඳහන් දෙයින් ඔප්පු වන්නේ කොහොමද? [w06 1/15 19 පි. 2 ඡේ.]

4. යුදෙව්වන් වෙනත් ජාතීන්ට අයත් අය සමඟ විවාහ වන බව එස්රා දැනගත් විට ඒ ගැන පුදුම වුණේ ඇයි? (එස්රා 9:1-3) [w06 1/15 20 පි. 1 ඡේ.]

5. නෙහෙමියා 3:5හි සඳහන් “ප්‍රධානියෝ” කියන්නේ කාටද? අප ඇති කර නොගත යුත්තේ ඔවුන් තුළ තිබූ කුමන ආකල්පයද? [w06 2/1 10 පි. 1 ඡේ.; w86 5/1 13 පි.]

6. ආණ්ඩුකාර නෙහෙමියා වැඩිමහල්ලන්ට කදිම ආදර්ශයක් වන්නේ කොහොමද? (නෙහෙ. 5:14-19) [bsi06 8 පි. 16 ඡේ.; w07 7/1 27-31 පි.]

7. නෙහෙමියාගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් “දෙවිගේ ගෘහයේ” වැඩකටයුතු සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කළා. එවැනි තත්වයකට පත් වීමෙන් වැළකී සිටීමට අපිට පුළුවන් කොහොමද? (නෙහෙ. 10:32-39) [w98 10/15 21-22 පි. 12 ඡේ.]

8. නෙහෙමියා ක්‍රියා කළ ආකාරය ගැන කල්පනා කිරීමෙන් අපව සිතා බැලීමට පොලඹවන ප්‍රශ්න මොනවාද? (නෙහෙ. 13:31) [w96 9/15 16-17 පි. 3 ඡේ.]

9. එස්තර්, අහෂ්වේරොෂ් රජු සමඟ විවාහ වීමට පෙර ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වුවාද? (එස්ත. 2:14-17) [w06 3/1 9 පි. 4 ඡේ.; w91-E 1/1 31 පි. 6 ඡේ.]

10. හාමාන් ඉදිරියේ වැඳ වැටී ඔහුට ආචාර කිරීම මොර්දෙකයි ප්‍රතික්ෂේප කළේ ඇයි? (එස්ත. 3:2; 5:9) [w06 3/1 9 පි. 5 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න