සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2011 ජූනි 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2011 මැයි 2වෙනිදා සිට ජූනි 27වෙනිදා දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල මෙහෙයවන්නා විසින් සාකච්ඡා කරයි.
1. යෝබ්ට විරුද්ධව වැරදි කළ තිදෙනා වෙනුවෙන් යාච්ඤා කිරීම යෙහෝවා දෙවි යෝබ්ගෙන් අපේක්ෂා කිරීමෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (යෝබ් 42:8) [w98 8/15 30 පි. 5 ඡේ.]
2. අප ‘ධර්මිෂ්ඨකමින් ඔප්පු කරන පූජා’ මොනවාද? (ගීතා. 4:5) [w06 5/15 18 පි. 8 ඡේ.]
3. යෙහෝවා දෙවි දාවිත්ගේ ඇතුළාන්ත සිතුවිලි පිරිසිදු කළේ කොහොමද? (ගීතා. 16:7) [w04 12/1 14 පි. 9 ඡේ.]
4. ‘අහස දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරන්නේ’ කොහොමද? (ගීතා. 19:1) [w04 10/1 10 පි. 8 ඡේ.]
5. ධෛර්යවත්ව කටයුතු කිරීමට බලාපොරොත්තුව උපකාරවත් වන්නේ කොහොමද? (ගීතා. 27:14) [w06 10/1 26-27 පි. 3, 6 ඡේ.]
6. සෙසු ක්‍රිස්තියානීන් සමඟ ගනු දෙනු කිරීමේදී ගීතාවලිය 37:21හි ඇති උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද? [w90 3/1 14 පි. 8 ඡේ.]
7. වහල්භාවයේ සිටි එක්තරා ලෙවීවරයෙකුට තිබූ ආකල්පයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ගීතා. 42:1-3) [w06 6/1 9 පි. 3 ඡේ.]
8. ධර්මිෂ්ඨකමට ප්‍රිය කිරීමටත් දුෂ්ටකමට වෛර කිරීමටත් අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ගීතා. 45:7) [cf 67-69 පි. 8-10 ඡේ.]
9. ගීතාවලිය 50:20හි සඳහන් දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? [w06 6/1 9 පි. 7 ඡේ.]
10. දෙවිගේ ගෘහයේ සරුසාර ඔලීව ගසක් මෙන් වීමට අපට පුළුවන් කොහොමද? (ගීතා. 52:8) [w00 5/15 29 පි. 6 ඡේ.]