සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2011 අගෝස්තු 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
1. දෙවි පෙන්වන මහත් ප්‍රේමය ‘ජීවිතයටත් වඩා වටින්නේ’ කොහොමද? (ගීතා. 63:3) [w01 10/15 15 පි. 17 ඡේ.]
2. දාවිත් ගැන 70වන ගීතිකාවෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? [w08 9/15 4 පි. 4 ඡේ.]
3. ගීතාවලිය 75:5හි ඇති අනතුරු ඇඟවීම මොකක්ද? [w06 7/15 11 පි. 3 ඡේ.]
4. යෙහෝවා දෙවි සවන් දෙයි කියා නිසැක විය හැක්කේ අප කුමක් සම්බන්ධයෙන් යාච්ඤා කරන විටද? (ගීතා. 79:9) [w06 7/15 12 පි. 5 ඡේ.]
5. ගීතාවලිය 90:7, 8හි සඳහන් ‘රහසින් කළ දේවල්’ මොනවාද? [w01 11/15 12-13 පි. 14-16 ඡේ.]
6. ගීතාවලිය 92:12-15හි පෙන්වා ඇති ආකාරයට සභාවේ සිටින මහලු අයට දී තිබෙන බැරෑරුම් වගකීම කුමක්ද? [w04 5/15 13-14 පි. 14-18 ඡේ.]
7. ගීතාවලිය 102:25-27හි ගීතිකාකරු පොළොව සම්බන්ධයෙන් දෙවිගේ සදාකාල අරමුණට පටහැනි යමක් සඳහන් කළාද? (උත්. 1:28) [w08 4/1 12 පි. 1 ඡේ.]
8. ඊශ්‍රායෙල්වරුන් වටහාගැනීමේ හැකියාව භාවිත කිරීමට අසමත් වීම ගැන ගීතාවලිය 106:7හි සඳහන් වාර්තාවෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? [w95 9/1 19 පි. 4 ඡේ.–20 පි. 2 ඡේ.]
9. ගීතාවලිය 110:1, 4ට අනුව පැවත එන තැනැත්තා හෙවත් මෙසියස් ගැන යෙහෝවා දෙවි දුන්නේ කුමන පොරොන්දුවද? එය සියලුම මිනිසුන්ට ආශීර්වාදයක් වන්නේ කෙසේද? [cl 194 පි. 13 ඡේ.]
10. දෙවිට කරන සේවය වෙනුවෙන් තමාට ලැබෙන යහපත් දේවල් ගැන කල්පනා කිරීම ගීතිකාකරුට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? (ගීතා. 116:12, 14) [w09 7/15 29 පි. 4-5 ඡේ.]