ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/13 7-8 පි.
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
2013 අපගේ රාජ්‍ය සේවාව
km 3/13 7-8 පි.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

අපේ පවුලේ හැමෝටම ආදරෙන්!

බයිබලයේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. (1 යොහ. 4:8) අපේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවාව විස්තර කරන්න ඊට වඩා හොඳ යෙදුමක් තියෙනවද? යෙහෝවා දෙවි මේ විශ්වයේ ඉන්න බලවත්ම තැනැත්තා. ඒත් දේවවචනයේ කොහේවත් “දෙවි බලය” කියලා සඳහන් වෙන්නේ නැහැ. දෙවි හැම තීරණයක්ම ගන්නේ ප්‍රේමණීයවයි. අපිට ඉන්නේ කොයි තරම් ආදරණීය පාලකයෙක්ද!

යෙහෝවා දෙවි කවදාවත් ඔහුට සේවය කරන්න කියලා අපිට බල කරන්නේ නැහැ. දෙවි කැමති අපි අපේ හද පත්ලෙන්ම නැඟෙන ප්‍රේමය නිසා ඔහුට සේවය කරනවා දකින්නයි. එහෙම කරද්දී අපි පෙන්වන්නේ අපිට තියෙන හොඳම සහ ප්‍රේමණීයම පාලනය යෙහෝවා දෙවිගේ පාලනය නිසා අපි ඒකට කැමැත්තෙන්ම යටත් වෙනවා කියන එකයි. මිනිස් වර්ගයාගේ ආරම්භයේ ඉඳන්ම යෙහෝවා දෙවි පාලනය කළේ ප්‍රේමණීයවයි.

සේවය කරන්නේ කාටද කියලා තීරණය කරන්න යෙහෝවා දෙවි ආදම් සහ ඒවට ඉඩ දුන්නා. ඔවුන් ඇත්තටම යෙහෝවා දෙවිට ආදරය කළා නම්, දෙවි කරපු දේවල් අගය කළා නම් ඔවුන් කවදාවත් දෙවිට විරුද්ධ වෙන්නේ නැහැ.

මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ මෙහෙමයි. “අද මා ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තබනවා. එකක් යහපත් ප්‍රතිඵල අත් කර දෙන ජීවනයට යන මාර්ගය. අනික නරක ප්‍රතිඵල අත් කර දෙන මරණයට යන මාර්ගය.” (ද්වි. 30:15) තමන් කැමති තීරණයක් ගන්න ඊශ්‍රායෙල්වරුන්ට නිදහස තිබුණා. යොෂුවත් ඒ වගේම දෙයක් කිව්වා. “යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.” සෙනඟ ඔහුට උත්තර දුන්නේ “යෙහෝවා දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම ගැන අපිට හිතන්නවත් බැහැ” කියලයි. (යොෂු. 24:15, 16) අපිටත් හිතෙන්නේ එහෙම නේද? අපි මේ තරම් ආදරේ කරන යෙහෝවා දෙවිව අත්හරින එක ගැන අපිට හිතන්නවත් පුළුවන්ද?

අපිටත් තීරණ ගන්න නිදහස තියෙනවා. සභාවේ අයට මඟ පෙන්වීම් දෙන්නත් යම් හික්මවීමක් දෙන්නත් වැඩිමහල්ලන්ට අධිකාරියක් තිබුණත් ඔවුන් අනිත් අයගේ ජීවිත පාලනය කරන්නේ නැහැ. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “අප ඔබේ විශ්වාසයට බලපෑම් කරන පාලකයන් නොවන බව මතක තබාගන්න. ඒ වෙනුවට අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය වන්නෙමු. මන්ද ඔබ ස්ථිරව සිටින්නේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා මිස අප නිසා නොවේ.”—2 කොරි. 1:24.

අපි යම් දෙයක් කරනකොට ඒ දෙය වෙන කෙනෙකුගේ බල කිරීම නිසා කරනවා වෙනුවට අපේම කැමැත්තෙන් කළොත් අපිට මොන තරම් සතුටක් දැනෙනවද! අපි යමක් කරනවා නම් ප්‍රේමයෙන් පෙලඹිලා ඒ දේ කරන්න කියලයි යෙහෝවා දෙවි අපෙන් ඉල්ලන්නේ. ඒකේ වැදගත්කම පාවුල් කිව්ව මේ දෙයින් පැහැදිලි වෙනවා. “මට අයිති සෑම දෙයක්ම මා මහත් ආඩම්බරයකින් අනුන්ව පෝෂණය කිරීමට පරිත්‍යාග කළත් මගේ ජීවිතය දුන්නත් මා තුළ ප්‍රේමය නැත්නම් මා කළ දෙයෙහි කිසි වටිනාකමක් නැත.”—1 කොරි. 13:3.

අපේ සහෝදර සහෝදරියන් මිලියන ගණනක් යෙහෝවා දෙවිට සේවය කරන්නේ ඔවුන්ගේ හදවතින්ම ඔවුන් දෙවිට ආදරය කරන නිසයි. ඒක යෙහෝවා දෙවිට මොන තරම් සතුටක්ද!

යෙහෝවා දෙවිත් ඔබ හැමදෙනාටම ගොඩක් ආදරෙයි. පුංචි දරුවෙනි, යෞවනයෙනි, මේ දුෂ්ට සමාජයටත් එහි ඇති දේවලටත් ආදරය කරනවා වෙනුවට යෙහෝවා දෙවිට ආදරය කරන ඔයගොල්ලන්ට යෙහෝවා දෙවිත් ගොඩක් ආදරෙයි. ඒ විතරක් නෙවෙයි දරුවනේ, අපිත් ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි.—ලූක් 12:42, 43.

යෙහෝවා දෙවිට ආදරය කරන යෞවන යෞවනියන් ඇතුළු අපේ සහෝදර සහෝදරියන් 77,82,346දෙනෙක් පසුගිය අවුරුද්දේ පැය 1,74,86,97,447ක් දේශනා සේවයේ යෙදුණා. 2,68,777දෙනෙක් තමන්ගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වුණා. ඒ අය අතරින් තරුණ අය හුඟක් හිටියා. සාමාන්‍යයක් විදිහට පසුගිය අවුරුද්දේ සෑම සතියකම 5,168දෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා. ඒ දේවල් නිසා අපි හැමෝම ඉන්නේ ලොකු සතුටකින්.

මේ අන්තිම දවස්වල අපි හැමෝටම ගොඩක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හුඟක් අයට විවිධ පීඩා, අසනීපවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. තවත් අය මහලු වයස නිසා දුක් විඳිනවා. ඒත් මේ කිසිම දෙයක් නිසා අපි දෙවිට කරන සේවය ‘අත්හරින්නේ නැතුව’ ඉන්න අධිෂ්ඨාන කරගමු. අපි ඔබ සියලුදෙනාටම මුළු හදවතින්ම ආදරෙයි.—හෙබ්‍රෙ. 10:39; 2 කොරි. 4:16.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න