සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2014 පෙබරවාරි 24න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
1. සාතන් ඒවව පෙලඹුවේ මොකක් ගැන කල්පනා කරන්නද? ගහේ ගෙඩි කෑමෙන් ඒව පෙන්නුවේ මොකක්ද? (උත්. 3:6) [ජන. 6, w11 5/15 16-17 පි. 5 ඡේ.]
2. ආබෙල්ට දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න උදව් වෙන්න ඇත්තේ මොනවාද? ඊට ලැබුණු ප්‍රතිඵලය කුමක්ද? (උත්. 4:4, 5; හෙබ්‍රෙ. 11:4) [ජන. 6, w13 1/1 12 පි. 3 ඡේ.; 14 පි. 4-5 ඡේ.]
3. තම දරුවන් “බලවත් කීර්තිමත්” මිනිස්සුන්ව ආදර්ශයට ගන්න එක වළක්වන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (උත්. 6:4) [ජන. 13, w13 4/1 13 පි. 2 ඡේ.]
4. උත්පත්ති 19:14-17 සහ 26හි සඳහන් වාර්තාවෙන් ලොත් සහ ඔහුගේ භාර්යාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? [ජන. 27, w03 1/1 16-17 පි. 20 ඡේ.]
5. ආබ්‍රහම්, නැවත නැඟිටීම ගැනත් දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් විශ්වාස කරන බව පෙන්නුවේ කොහොමද? (උත්. 22:1-18) [පෙබ. 3, w09 2/1 18 පි. 4 ඡේ.]
6. “වැඩිමලා බාලයාට සේවය කරයි” කියා උත්පත්ති 25:23හි සඳහන් අනාවැකියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? [පෙබ. 10, w03 10/15 29 පි. 2 ඡේ.]
7. යාකොබ් සිහිනයෙන් දුටු ඉණිමඟෙන් අදහස් වුණේ මොකක්ද? (උත්. 28:12, 13) [පෙබ. 10, w04 1/15 28 පි. 5 ඡේ.]
8. සොරකම් කර තිබූ දේවතා රූපය නැවත සොයාගන්න ලාබන් ගොඩක් උනන්දු වුණේ ඇයි? (උත්. 31:30-35) [පෙබ. 17, w04 6/1 29 පි. 2 ඡේ.]
9. උත්පත්ති 32:29හි සඳහන් ආකාරයට දේවදූතයා යාකොබ්ට දුන් පිළිතුරෙන් අපිට ගත හැකි පාඩම කුමක්ද? [පෙබ. 24, w13 8/1 10 පි.]
10. දීනා වගේ කනගාටුදායක ප්‍රතිඵල අද්දකින්නේ නැතුව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? (උත්. 34:1, 2) [පෙබ. 24, w01 8/1 20-21 පි.]