නොවැම්බර් 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 21 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 14වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 28-31 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 30:15–31:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි”—w13 2/1 7 පි. (විනා. 5යි)
අංක 3: “සියලු ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?”—w13 3/1 13 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: “‘බයිබලයෙන් උත්තර’ දෙන්න සේවයේදී අපේ වෙබ් අඩවිය පාවිච්චි කරමු.” සාකච්ඡාවක්. වෙබ් අඩවියේ “බයිබලයෙන් උත්තර” කියන කොටසේ උත්තර දීලා තියෙන ප්‍රශ්න කීපයක් සඳහන් කරන්න. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.) ලිපියේ එක යෝජනාවක් කෙටියෙන් නිරූපණය කරන්න. සේවයේදී වෙබ් අඩවියේ මේ කොටස යොදාගන්න පුළුවන් තවත් ක්‍රම ගැන සබයෙන් අහන්න.
විනා. 5: “කීප සැරයක්ම ගියත් හම්බ වුණේ නැහැ.” සාකච්ඡාවක්. උනන්දුව දක්වපු කෙනෙක්ව කීප සැරයක්ම හම්බ වුණේ නැතත් උත්සාහය අත් නොහරින එක වැදගත් ඇයි?—මතෙ. 28:19, 20; මාක් 4:14, 15; 1 කොරි. 3:6.
විනා. 15: “අධ්‍යයනය සඳහා උපකාරයක්.” කතාවක්. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ හැඳින්වීමේ, “තොරතුරු සොයාගන්නා ආකාරය” කියන කොටසේ තියෙන මඟ පෙන්වීම් සලකා බලන්න. පොතේ තියෙන විවිධ අංග ගැන සඳහන් කරන්න. ප්‍රචාරකයෙක් ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතෙන් උපරිම ප්‍රයෝජනය ගන්න විදිහ කෙටි නිරූපණයකින් පෙන්වන්න.
ගීතිකා අංක 69 සහ යාච්ඤාව