ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/15 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ශුභාරංචිය දේශනා කරන ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • ඉක්මනින්ම හමු වෙන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2015 අපගේ රාජ්‍ය සේවාව
km 7/15 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ පිටරටක ඉන්න නාඳුනන අයට සාක්ෂි දරන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක සුදුසුද?

අපේ වැඩ තහනම් කරපු, නැත්නම් ප්‍රචාරකයන් අඩුවෙන් ඉන්න රටවල අය එක්ක සමහර ප්‍රචාරකයන් ඉන්ටර්නෙට් හරහා බයිබල් පාඩම් පටන්ගෙන තියෙනවා. හොඳ ප්‍රතිඵල ලැබිලා තිබුණත් නාඳුනන අය එක්ක ඊ-මේල් හෝ සංවාද කුටි හරහා අදහස් හුවමාරු කරගන්න එක අනතුරුදායකයි. (2007 ජූලි ‘රාජ්‍ය සේවාවේ’ 7වෙනි පිටුව බලන්න.) අවංක හදවත් ඇති අයට ශුභාරංචිය දෙන්න දරන වෑයම හොඳ එකක් වුණත් මේ ක්‍රමයෙන් වැරදි ඇසුරට අහු වෙන්න පුළුවන්. ඒ අය අතරේ සත්‍යය අත්හැරපු අයත් ඉන්නවා. (1 කොරි. 1:19-25; කොලො. 2:8) ඒ විතරක් නෙවෙයි අපේ වැඩ තහනම් කරලා තියෙන රටවල ඉන්ටර්නෙට් හරහා අපි කරන දේවල් පරීක්ෂා කරන්න බලධාරීන්ට පුළුවන්. ඒක ඒ රටේ ඉන්න සහෝදරයන්ට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන රටක ඉන්න නොදන්නා අයට ශුභාරංචිය කියන්න ඉන්ටර්නෙට් හරහා යන එක සුදුසු නැහැ.

අපි අවිධිමත්ව සාක්ෂි දරපු පිටරටක කෙනෙක් ඔහුගේ රටට ගියාට පස්සේ ඔහු එක්ක සාකච්ඡා කරන්න සුදුසු වෙන්නේ ශාඛා කාර්යාලයෙන් කිව්වොත් විතරයි. ඒ වෙනුවට jw.org වෙබ් අඩවියට ගිහින් තොරතුරු දැනගන්න විදිහත් ඔහුගේ රටේ ශාඛා කාර්යාලයෙන් තොරතුරු ගන්න විදිහත් ඔහුට පෙන්වන්න පුළුවන්. ඔහු ඉන්න ප්‍රදේශයේ තියෙන නමස්කාර මධ්‍යස්ථානයකට යන්න කියලා දිරිගන්වන්නත් පුළුවන්. ඒත් නමස්කාර මධ්‍යස්ථාන නැති රටවලුත් තියෙනවා. ඔහුව හමු වෙන්න සාක්ෂිකරුවෙක් එනවාට ඔහු කැමති නම් ‘නැවත ගොස් බලන්න’ (S-43) පෝරමය පුරවලා සභාවේ ලේකම්ට බාර දෙන්න. ලේකම් jw.org වෙබ් අඩවිය හරහා ඒක යවයි. ඒ රටේ වැඩකටයුතු අධීක්ෂණය කරන ශාඛා කාර්යාලය තමයි රටේ තත්වය ගැන හොඳින්ම දන්නේ. ඒ නිසා ඒ කෙනාට සත්‍යය දෙන්න සුදුසු ක්‍රමය යොදන්න ඔවුන්ට පුළුවන්.—2014 ජූනි ‘රාජ්‍ය සේවාවේ’ 7 පි. සහ 2011 නොවැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ 2 පි. බලන්න.

පාඩමක් කරන කෙනෙක් පිටරටකට යනවා නම් හරි ඉන්ටර්නෙට් හරහා හොයාගත්ත වෙනත් රටක ඉන්න කෙනෙක් එක්ක අපි පාඩම් කරනවා නම් හරි ඉහත සඳහන් මඟ පෙන්වීම් අනුගමනය කරන්න ඕනේ. ඒත් ප්‍රචාරකයෙක් ඔහුව ඒ රටේදී හමු වන තුරු ඔහු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඔහු ඉන්නේ අපේ වැඩකටයුතු තහනම් කරපු රටක නම් ලිපි, දුරකථන වගේම විද්‍යුත් මාධ්‍යය හරහා බයිබල් විෂයන් ගැන කතා කරද්දී ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ.—මතෙ. 10:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න