අත්හදා බැලීමට යෝජනා
‘මුරටැඹ’ අගෝස්තු 1
“අද අපි ආවේ හැමෝටම මුහුණ දෙන්න වෙන දෙයක් ගැන කතා කරන්නයි. අපි ආදරය කරන කෙනෙක් මැරෙන එක දරාගන්න බැරි දෙයක් නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ දීලා තියෙනවා මේ වගේ පොරොන්දුවක්. [එළිදරව් 21:3, 4 කියවන්න.] කවදා හරි ඒ අය ආපහු ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව බයිබලයේ දීලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
‘පිබිදෙව්!’ අගෝස්තු
“අපේ ශරීරයේ තියෙන එක පුංචි සෛලයක මොන තරම් තොරතුරු ගබඩා වෙලා තියෙනවාද කියලා පෙන්වන ලිපියක් දෙන්නයි අපි ආවේ. [‘පිබිදෙව්!’ සඟරාවේ මුල් පිටුව පෙන්වන්න.] හුඟක් අය හිතන්නේ ජීවය පරිණාමයෙන් ඇති වුණ දෙයක් කියලයි. ඒත් තවත් අය කියනවා ජීවය නිර්මාණය කළා කියලා. ඔයා හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සෛලයක් කොච්චර සංකීර්ණද කියලා පෙන්වන සාක්ෂි මේ සඟරාවේ තියෙනවා. ඒ සාක්ෂි නිසා සමහර විද්‍යාඥයන් හිතනවා ජීවය නිර්මාණය කරපු කෙනෙක් ඉන්න ඕන කියලා.”