සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2015 ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
දෙවිට උද්‍යෝගයෙන්, මුළු හදින් සේවය කරන්න ඕන කියලා 2 රාජාවලිය 13:18, 19න් පෙන්වන්නේ කොහොමද? [සැප්. 7, w10 4/15 26 පි. 11 ඡේ.]
යෝනා අනාගතවක්තෘවරයෙක් වෙලා හිටිය කාලෙදී ඊශ්‍රායෙලය පාලනය කළේ කවුද? 2 රාජාවලිය 14:23-25ට අනුව, යෝනාගේ සේවයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? [සැප්. 7, w09 1/1 25 පි. 4 ඡේ.]
ආහස් රජ, යෙසායා මගින් දෙවි කිව්ව දේ විශ්වාස කළේ නැහැ කියලා පෙන්නුවේ කොහොමද? වැදගත් තීරණ ගන්න වෙද්දී අපි අපෙන්ම අහගන්න ඕන මොන ප්‍රශ්නයද? (2 රාජා. 16:7) [සැප්. 14, w13 11/15 17 පි. 5 ඡේ.]
දෙවිගේ සෙනඟට අද දින පීඩා කරන අය වගේ රබ්ෂාකේ යෙදුවේ මොන කපටි උපක්‍රමයද? පීඩා කරන්නන්ගේ බොරු හේතුවලට නොරැවටී ඉන්න අපිට තියෙන්න ඕන මොන ගුණාංගයද? (2 රාජා. 18:22, 25) [සැප්. 14, w10 7/15 13 පි. 3-4 ඡේ.]
බයිබලය කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න නම් යොෂියාගේ නිහතමානිකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (2 රාජා. 22:19, 20) [සැප්. 21, w00 3/1 30 පි. 3 ඡේ.]
2 රාජාවලිය 25:27-30 සඳහන් රජවරුන් දෙන්නා හිටියා කියලා පුරාවිද්‍යාවෙන් තහවුරු වෙන්නේ කොහොමද? [සැප්. 28, w12 6/1 5 පි. 2-3 ඡේ.]
යාබෙෂ් දෙවිට යාච්ඤා කරලා ඉල්ලුවේ මොන දේවල් තුනද? ඒකෙන් යාච්ඤාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 ලේක. 4:9, 10) [ඔක්. 5, w10 10/1 23 පි.]
1 ලේකම් 5:18-22 විස්තර කරන යුද්ධයේ ප්‍රතිඵලවලින් අපේ සටන නිර්භීතව කරගෙන යන්න ශක්තියක් ලැබෙන්නේ කොහොමද? [ඔක්. 12, w05 10/1 9 පි. 7 ඡේ.]
රුධිරය ගැන දෙවිගේ නීතියේ ඇති හරය වටහාගන්නත් ඒකට ගරු කරන්නත් දාවිත්ට පුළුවන් වුණේ ඇයි? දාවිත්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 ලේක. 11:17-19) [ඔක්. 19, w12 11/15 6-7 පි. 12-14 ඡේ.]
ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගේන්න උත්සාහ කරද්දී දාවිත් අතපසු කළේ මොකක්ද? මේ වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම මොකක්ද? (1 ලේක. 15:13) [ඔක්. 26, w03 5/1 10-11 පි. 11-13 ඡේ.]