අප කළ සේවය
මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න අවශ්‍යය ජංගම පුවරු සහ උපකරණ දැන් ශ්‍රී ලංකාවේ සභා 106ක විතර තියෙනවා. ඒ නිසා හුඟක් පොත් පත් බෙදාහරින්න පුළුවන් වුණා. 2014 සේවා වසරේදී ‘යොවුන් සිතේ ගැටලු’ පොත් 7,000කට වැඩියෙනුත් 2015 මුල් මාස කීපයේදී 2,000කට වැඩියෙනුත් බෙදාහැරියා. වැඩි හරියක් බෙදාහැරියේ මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දියි. හැම ආගමික පසුබිමකම අය මේ පොත් දෙකම ලබාගත්තා.