යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවිගේ පොරොන්දු ගැන ඔයාටත් ශක්තිමත් විශ්වාසයක් තියෙනවාද?
යෙහෝවා දෙවි දීපු එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියලා යොෂුවාත් සලමොනුත් ස්ථිරවම කිව්වා. (යොෂු 23:14; 1රාජා 8:56) එයාලා කියපු දේ අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙනවා.—2කොරි 13:1; තීත 1:2.
යෙහෝවා දෙවි ඔහු දීපු පොරොන්දු යොෂුවාගේ කාලෙදී ඉටු කළේ කොහොමද? “එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ” කියන වීඩියෝ එක පවුලේ අයත් එක්ක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. (1) රාහබ්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද? (හෙබ්‍රෙ 11:31; යාකො 2:24-26) (2) හිතාමතාම දෙවිට අකීකරු වෙන එක විනාශයට මඟ පාදනවා කියලා ආකාන්ගේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (3) ගිබියොන්වරු යොෂුවාව රවට්ටලා ඊශ්‍රායෙල්වරු එක්ක සාමය ඇති කරගත්තේ ඇයි? (4) අමෝරිවරුන්ගේ රජවරු පස්දෙනා ඊශ්‍රායෙල්වරුන්ට තර්ජනය කළාම යෙහෝවා දෙවි කියපු දේ ඉටු වුණේ කොහොමද? (යොෂු 10:5-14) (5) ඔයා ජීවිතයේ මුල් තැන දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨකමටත් දුන්නාම යෙහෝවා දෙවි ඔයාට ආශීර්වාද කළේ කොහොමද?—මතෙ 6:33.
යෙහෝවා දෙවි කරලා තියෙන දේවල්, කරන දේවල්, කරන්න යන දේවල් ගැන හොඳට හිතද්දී ඔහුගේ පොරොන්දු ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙනවා.—රෝම 8:31, 32.
යොෂුවාට තිබුණා වගේ විශ්වාසයක් ඔයාටත් තියෙනවාද?