යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න
ඒක වැදගත් ඇයි? යේසුස් වගේ අපිත් දෙවිගේ අරමුණුවලට සම්බන්ධ සත්‍යයන් ගැන සාක්ෂි දරන්න ඕනේ. (යොහ 18:37) බොරුවෙන් පිරුණු අධර්මිෂ්ඨකම රජයන ලෝකයක ජීවත් වුණත් සත්‍යය ජය ගද්දී අපි ප්‍රීති වෙන්න ඕනේ. සත්‍යය ගැන කතා කරන්නත් සත්‍ය කාරණාවලට නිතරම මනස යොමු කරන්නත් ඕනේ.—1කොරි 13:6; ෆිලි 4:8.
ඒක කරන්නේ කොහොමද?
හානිකර ඕපාදූප පතුරුවන්නවත් ඒවාට ඇහුම්කන් දෙන්නවත් එපා.—1තෙස 4:11
කෙනෙක් කරදරේ වැටුණාම සතුටු වෙන්න එපා
දිරිගන්වනසුලු, යහපත් දේවල් ගැන සතුටු වෙන්න
‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අධර්මිෂ්ඨ දේවල් ගැන නොව සත්‍යය ජය ගන්නා විට ප්‍රීති වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ඩෙබී “අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති” වුණා කියලා කියන්න පුළුවන් ඇයි?
ඩෙබී වැරදි දෙයක් ගැන කතා කරද්දී ඇලිස් කතාව හොඳ පැත්තට හැරෙව්වේ කොහොමද?
අපිට කතා කරන්න පුළුවන් යහපත් දේවල් මොනවාද?