ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 7 පි.
  • පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සංචාරක අවේක්ෂකයෝ—සත්‍යය තුළ හවුල් වැඩකරුවෙ
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • රැළ රැකබලා ගන්නා සහෝදරයන්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 7 පි.
සහෝදරයන් පෙන්නපු ආදරේ දැක්කාම පාවුල් දෙවියන්ට ස්තුති කළා

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා

පාවුල් එනවා කියලා ආරංචි වුණාම රෝම සභාවේ සහෝදරයන් එයාව මුණගැහෙන්න කිලෝමීටර් 64ක් විතර ඇවිදගෙන ආවා. සහෝදරයන් පෙන්නපු ඒ ආදරය දැක්කාම පාවුල් දෙවියන්ට ස්තුති කළා. මොකද ඒකෙන් එයාට ලොකු ධෛර්යයක් ලැබුණා. (ක්‍රියා 28:15) සාමාන්‍යයෙන් පාවුල් සභාවලට ගිහිල්ලා සහෝදරයන්ව දිරිගැන්නුවා. ඒත් මේ වෙලාවේ හිරකරුවෙක් වෙලා හිටිය පාවුල් තමයි සහෝදරයන්ගෙන් ලොකු දිරිගැන්වීමක් ලැබුවේ.—2කොරි 13:10.

අපේ කාලෙත් චාරිකා සේවකයන් සභාවලට ගිහින් සහෝදරයන්ව දිරිගන්වනවා. ඒත් එයාලටත් සමහර වෙලාවට මහන්සියක්, දුකක් දැනෙන්න පුළුවන්. ඒ වගේම එයාලා අධෛර්යය වෙන්න පුළුවන්. ඒ නිසා එයාලටත් දිරිගැන්වීමක් ඕනේ. ඊළඟ වතාවේ චාරිකා යුවළ ඔයාගේ සභාවට ආවාම එයාලගෙන් “දිරිගැන්වීමක්” ලබන්න වගේම එයාලව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද?—රෝම 1:11, 12.

  • චාරිකා සේවක ක්ෂේත්‍ර සේවා රැස්වීමක් මෙහෙයවමින්

    ක්ෂේත්‍ර සේවා රැස්වීමට යන්න. චාරිකා සතියට අදාළ හැම වැඩසටහනකින්ම ප්‍රචාරකයන් උපරිම ප්‍රයෝජන ගන්නවා දකිද්දී චාරිකා සේවක ලොකු දිරිගැන්වීමක් ලබනවා. (1තෙස 1:2, 3; 2:20) චාරිකා සතිය වැටෙන මාසයේ සහායක පුරෝගාමී සේවය කරන්න ඔයාට පුළුවන්ද? චාරිකා යුවළ එක්ක සේවයේ යන්න හරි ඔයාගේ බයිබල් පාඩමකට එයාලව එක්කන් යන්න හරි ඔයා කැමතිද? නවකයන් සහ සේවයට ඒ තරම් දක්ෂ නැති අය ඇතුළු ඕනම ප්‍රචාරකයෙක් එක්ක සේවයේ යන්න එයාලා කැමතියි.

  • පවුලක් චාරිකා යුවළට ආගන්තුක සත්කාරය පෙන්වමින්

    ආගන්තුක සත්කාරය පෙන්වන්න. චාරිකා යුවළට නවාතැන් දෙන්න එහෙමත් නැත්නම් කෑම වේලක් දෙන්න ඔයාට පුළුවන්ද? ඔයා එහෙම කරද්දී ඔයාගේ ආදරේ එයාලට දැනෙයි. එයාලා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ලූක් 10:38-42.

  • චාරිකා සේවක වැඩිමහල්ලන් එක්ක රැස්වීමක් පවත්වමින්

    දෙන මඟ පෙන්වීම් සහ උපදෙස් අදාළ කරගන්න. යෙහෝවා දෙවියන්ට කරන සේවය තවත් හොඳින් කරන්න පුළුවන් කොහොමද කියලා චාරිකා සේවක අපිට ආදරෙන් කියලා දෙනවා. තදින් උපදෙස් දෙන්න වෙන අවස්ථාත් උදා වෙන්න පුළුවන්. (1කොරි 5:1-5) ලැබෙන මඟ පෙන්වීම්වලට, උපදෙස්වලට අපි කීකරු වෙද්දී චාරිකා සේවක හුඟක් සතුටු වෙනවා.—හෙබ්‍රෙ 13:17.

  • සභාවේ අය චාරිකා යුවළව අගය කරමින්

    අගය කරන්න. චාරිකා යුවළ ඉටු කරන සේවය නිසා ඔයා මොන තරම් ප්‍රයෝජන ලබලා තියෙනවාද කියලා එයාලට කියන්න. එයාලව මුණගැහිලාම හරි කාඩ් එකක් මාර්ගයෙන් හරි ඒ දේ කරන්න ඔයාට පුළුවන්.—කොලො 3:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න