ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 3 පි.
  • යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි යෙහෝවා දෙවියන්ට බය වෙන්න ඕනෙ ඇයි?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ධෛර්යවන්තව වැඩ කරද්දී යෙහෝවා ආශීර්වාද කරනවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝයාදාගේ නිර්භීතකම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව ඇසුරු කරන්න

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අයව අපි ඇසුරු කරන්න ඕනෙ ඇයි? මොකද අපි ඇසුරු කරන අය අපේ හොඳට හරි නරකට හරි බලපානවා. (හිතෝ 13:20) උදාහරණෙකට උත්තම පූජක යෙහෝයාදාව ඇසුරු කරපු කාලය පුරාවටම යෙහෝයාෂ් රජ යෙහෝවා දෙවියන් කැමති දේ කළා. (2ලේක 24:2) ඒත් යෙහෝයාදා මැරුණාට පස්සේ යෙහෝයාෂ් නරක අයව ඇසුරු කරපු නිසා යෙහෝවා දෙවියන්ව අත්හැරියා.—2ලේක 24:17-19.

ක්‍රි.ව. පළමුවෙනි සියවසේදී පාවුල් ක්‍රිස්තියානි සභාව ‘විශාල නිවසකටත්’ සභාවේ සාමාජිකයන්ව ‘බඳුන්වලටත්’ සමාන කළා. දෙවියන් අකමැති දේවල් කරන අයව කිට්ටුවෙන් ඇසුරු කරන එකෙන් අපි වළකිනවා නම් දිගටම “ගෞරවනීය අරමුණක් උදෙසා” භාවිත කරන බඳුනක් වෙන්න අපිට පුළුවන්. දෙවියන් අකමැති දේවල් කරන අය අපේම පවුල තුළ වුණත් සභාව තුළ වුණත් ඉන්න පුළුවන්. (2තිමෝ 2:20, 21) ඒ නිසා යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුට සේවය කරන්න අපිව දිරිගන්වන අයව හොයලා බලලා එයාලව විතරක් අපේ යාළුවන් කරගන්න අදිටන් කරගමු.

‘නරක ආශ්‍රයෙන් වැළකිලා ඉන්න පුරුදු වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අපි නරක ආශ්‍රයට වැටෙන්න පුළුවන් කොහොමද?

  • වීඩියෝ එකේ හිටිය අයට නරක ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න උදව් වුණේ මොනවාද?

  • හොඳ යාළුවන්ව තෝරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

අවන්හලකදී ජෝන් ව්‍යාපාර කටයුත්තකට ආව අයට වයින් වත් කරමින්; ක්‍රිස්ටින් සමාජ ජාලා වෙබ් අඩවියක් දිහා බලමින්; ජේඩ්න් ඔන්ලයින් ක්‍රීඩාවක යෙදෙමින්; ජෝන්, ජෝන්ගේ පවුලේ අය, ක්‍රිස්ටින් සහ ජේඩ්න් සභාවේ රැස්වීමකට සහභාගි වෙමින්

මම ගෞරවනීය අරමුණක් සඳහා භාවිත කරන බඳුනක්ද?—2තිමෝ 2:21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න