ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 3 පි.
  • යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට අන් අයට උගන්වන්න
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 3 පි.
පින්තූරවල අදහස: කෙනෙක් යෙහෝවා දෙවියන් එක්ක එයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න දේවල් කරනවා. 1. එයා යාච්ඤා කරනවා. ඉහළට යොමු වෙලා තියෙන ඊතලයක රූපයක්. 2. එයා බයිබලය කියවනවා. පහළට යොමු වෙලා තියෙන ඊතලයක රූපයක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලැබිලා තියෙන්නේ විශේෂ වරප්‍රසාදයක්. ඒ තමයි දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණු ක්‍රිස්තියානීන් විදිහට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියන් එක්ක හුඟක් කිට්ටු බැඳීමක් පවත්වගන්න අවස්ථාව ලැබිලා තියෙන එක. දෙවියන් තම පුතා මාර්ගයෙන් ඔහුට ළං වෙන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. (යොහ 6:44) ඒ වගේම දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා.—ගීතා 34:15.

යෙහෝවා දෙවියන් එක්ක තියෙන වටිනා බැඳීම රැකගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ඊශ්‍රායෙල්වරුන් කරපු වැරදි නොකර ඉන්න එක. එයාලා යෙහෝවා දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන වැඩි කල් යන්න කලින් රන් වස්සෙක්ව හදලා ඒකට නමස්කාර කළා. (නික් 32:7, 8; 1කොරි 10:7, 11, 14) මේ ගැන හිතලා බලන්න. ‘වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එන වෙලාවලදී මං වැඩ කරන්නේ කොහොමද? යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකනවා කියලා මං වැඩ කරන විදිහෙන් පේනවාද?’ ස්වර්ගයේ ඉන්න අපේ පියාණන් ගැන අපිට තියෙන ආදරය, ඔහු පිළිකුල් කරන දේවලින් ඈත් වෙන්න අපිට උදව් වෙනවා.—ගීතා 97:10.

‘යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම රැකගන්න’ (කොලො 3:5) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • තණ්හාව කියන්නේ මොකක්ද?

  • අපි රූප නමස්කාරයෙන් සහ කෑදරකමෙන් වළකින්න ඕනෙ ඇයි?

  • අනාචාරය සහ රූප නමස්කාරය අතර තියෙන සමානකම මොකක්ද?

  • විශේෂයෙන්ම සංවිධානයේ වගකීම් දරන අය තම සහකරුවාට ආදරය සහ සැලකිල්ල පෙන්වන එක වැදගත් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න