ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 8 පි.
  • සඟරා දෙන එක නවත්වන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සඟරා දෙන එක නවත්වන්න එපා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ක්ෂේත්‍ර සේවයේදී සඟරා ඉදිරිපත් කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • මේ සඟරාව ගැළපෙන්නේ කාටද?
    2013 අපගේ රාජ්‍ය සේවාව
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 8 පි.
‘පිබිදෙව්!’ සඟරාවක තියෙන විෂයක් ගැන සහෝදරියක් කාන්තාවකට කියනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සඟරා දෙන එක නවත්වන්න එපා

2018 ඉඳන් මුරටැඹ පොදු කලාපයේ සහ පිබිදෙව්! සඟරාවේ වෙනසක් වුණා. දැන් එක සඟරාවක පළ වෙන්නේ එක විෂයක් ගැන තොරතුරු විතරයි. අපේ ඉගැන්වීම් කට්ටලයට ඒ හැම සඟරාවක්ම ඇතුළත් වෙනවා. ඒ නිසා ඒවා සේවයේදී පාවිච්චි කරන්න අපිට පුළුවන්. ගමන්බිමන් යද්දී, මොනා හරි දෙයක් ගන්න යද්දී සඟරා කිහිපයක් අරන් යන්න අපිට පුළුවන්. මේ සඟරා සකස් කරලා තියෙන්නේ බයිබල් පාඩම් පවත්වන්න නෙවෙයි. ඒත් කෙනෙක්ට දෙවියන් ගැන තවත් දැනගන්න ආසාවක් ඇති කරන්න ඒ සඟරා යොදාගන්න පුළුවන්.

සාකච්ඡාවක් පටන්ගත්තාට පස්සේ බයිබල් පදයක් පෙන්වලා අපේ සඟරාවක තියෙන ඒ කෙනාට ගැළපෙයි කියලා හිතන විෂයක් ගැන කියන්න. උදාහරණයකට එයා දරුවන් ඉන්න කෙනෙක් නම්, මොකක් හරි ප්‍රශ්නයක් නිසා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. “ඒ විෂය ගැන තියෙන හොඳ සඟරාවක් ළඟදී මං කියෙව්වා. ඔයාට ඒක පෙන්නන්නද?” ඒ කෙනා උනන්දුවක් දක්වනවා නම් මුල් හමු වීමේදීම වුණත් එයාට සඟරාවක් දෙන්න හරි ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් සඟරාවක් යවන්න හරි ඔයාට පුළුවන්. අපි සේවයේ යන්නේ සඟරා බෙදන අරමුණෙන් නොවුණත් ඉගෙනගන්න දේවලට අනුව ජීවිතේ වෙනස් කරගන්න කැමති අයව හොයාගන්න සඟරා පාවිච්චි කරන්න අපිට පුළුවන්.—ක්‍රියා 13:48.

2018

පින්තූරවල අදහස: 2018 ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල කවරයේ සඳහන් විෂයන්. 1. ‘බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?’ 2. ‘අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?’ 3. ‘දෙවියන් ඇත්තටම ඔයාට ආදරෙයිද?’ 4. ‘සැබෑ සතුටට මඟ.’ 5. ‘පවුලේ සතුටට යෝජනා 12ක්.’ 6. ‘වියෝදුකට සහනයක්!’

2019

පින්තූරවල අදහස: 2019 ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල කවරයේ සඳහන් විෂයන්. 1. ‘ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද?’ 2. ‘ජීවිතේ එපා වෙලාද?’ 3. ‘අපි ඉපදෙන්නේ මැරෙන්නද?’ 4. ‘සුරක්ෂිත ලෝකයක් කවදා හරි උදා වෙයිද?’ 5. ‘දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්.’ 6. ‘ජීවිතයට එළියක් දෙන්න බයිබලයට පුළුවන්ද?’

2020

පින්තූරවල අදහස: 2020 ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල කවරයේ සඳහන් විෂයන්. 1. ‘සත්‍යය හොයාගන්නේ කොහොමද?’ 2. ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ 3. ‘ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්ගෙන් ආශීර්වාද ලබමු.’ 4. ‘මානසික පීඩනයෙන් මිදෙමු.’ 5. ‘දුක් වේදනා ගැන ප්‍රශ්න 5කට පිළිතුරු.’ 6. ‘කවුරුත් කාවවත් පහත් නොකරන දිනක් උදා වෙයිද?’

ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය උනන්දු වෙන්නේ මොන වගේ විෂයන් ගැනද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න